Wednesday, May 10, 2017

පණපිටින් ජිවිත දවාළු ඒ අමානුෂික අතීතයට.... 2



තරමක විරාමයෙන් පසුව......
අපි කොතනින්ද නතර උණේ ඇය මගෙන් ඇසුවේ දයාව පිරුණු හඬින් , හෝර්ස් වලින් වතුර ගහන තැනින් මම කියුවේ ඇයට සිනහවකින් සංග්‍රහ කරමින්. මම ඇගේ නම කියන්න තතනන බව තේරුම් ගත්  ඇය මට පැවසුවේ මට කවුරුත් කියන්නේ හයිෆා කියලා ඔයත් එහෙමම කියන්න කියා පැවසුවේ මට සිනහවකින් සංග්‍රහ කරමිනි,

ඉතින් අපි නාල හීතලේ ඉන්නවා නේ වෙලෙනකම් , නමුත් ශීතල කාලය ගැන හිතන්න සමහර ළමයි උණට , තවත් නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු උණා , හේතුව අපිරිසිදු කම , කෑමක්  නොමැතිව ඇඟ දුර්වල වීම සහ මානසික ආතතිය සහ දුෂණය.
ළමා කඳවුරේ දරුවන් කොටසක්.
උදේ  පාන්දර 04:00 විසිල් ගහලා  ඇහැරවනවා අපිව ගාල් කරලා ගනින්න පටන් ගන්නවා ගනිද්දී වැරදුනොත් ආයිත් මුල ඉඳලා ගණිනවා , ඔය විදිහට පැය 3 ක් හෝ 4 අපි වතුර වත් නොමැතිව හිටගෙන උදේ පාන්දර. ඊට පස්සේ අපිව දම්වැල් දාල අරන් යනවා වැඩ කරන තැන් වලට. නපුරු සොලදදුවෙක් නලා පිඹිමින් නිතරම වැඩට යොදවනවා. උදේ 08 පටන් ගත්තම හවස 2ට තම වතුර විවේකය දෙන්නේ ඊට කෝප්පයක් නොමැති නම් ඒ වතුර උගුරත් නෑ සමහර නපුරු සොල්දාදුවෝ අපේ කෝප්ප විසි කරනවා , මම මගේ කෝප්පේ බෙල්ලේ එල්ලන් ඉන්න පටන් ගත්තා ඒ නිසා වතුර උගුර මට ලැබුණා. ඉතාමත් කළා තුරකින් අපිට ලීක්ස් සුප් දුන්නා. සමහර සොල්දාදුවෝ හිටියා මනුස්සකම් තියෙන. නමුත් එයාලත් එයාලගේ නපුරු පාලකයා ඉදිරියේ අසරණයි. සමහර සොල්දාදුවෝ හිටියා තමන්ට ලැබුණු කෑම දරුවන් අතරේ බෙදපු. එහෙම උත්තමයන් වැඩි කල් ජිවත් උනේ නෑ . දවසක් අපිට  කන්න කේක් කෑල්ලක් දීපු සොල්දාදුවාව අපි ඉස්සරහම වෙඩි තියල මරලා දැම්මා. ඔය දේවල් පුංචි අපි ඇස් වලින්ම දැක්කා. අපි පන බයේ ගැහුණා අපි එකිනෙකා බදා ගෙන කෑ ගහලා ඇඬුවා.
 
යුධයෙන් බැට කෑ දරුවෝ
මෙම කඳවුරු ඇතුලත කිසිම කෙනෙක් නොදන්නා දේ සිදු උණා , ගෑස් කාමර වලට යැව්වේ මරන්න්නටත් වඩා , එවා වෛද්‍ය
පරීක්ශණ,  ගෑස් කොලිටිය චෙක් කලේ උන් එහෙමයි. ඒ වගේම වධ දීමේ ක්‍රම අත්හදා බැලීමේ පාසැල ලෙසයි ඩකාවූ  Dachau කඳවුර නාසි හමුදාව නම් කලේ. ඒ වගේම විවිධ බෙහෙත් වර්ග පර්යේෂණ වලටත් මෙම සිරකරුවන් ව යොදා ගත්තා, ඔය එක වධකාගාරයක් වත් සුන්දර පාරාදීසයක් නෙමෙයි. ඒ විශාල තාප්ප තුල වෙන්නේ මොනාද කිසි කෙනෙක් දැන සිටියේ නෑ. මෙහි 206,206 සිරකරුවන් සිටියා ,බොහොම  188,000 සුළු පිරිසක් තමා ඉන් එලියට අවේ නමුත් එකත් දළ වශයෙන් බොහොමයක් අය අසනීපෙන් හිටියේ. අපි වගේ කුඩා දරුවන් හැරුණු කොට හුඟක් උගත් පිරිසක් ඔය සිර කරුවන් අතර හිටියා, මහාචාර්ය වරු , ගුරුවරු,වෛද්‍ය වරු, එකී නොකී තානාන්තර දරපු අය  හිටියා , ඔය හැම කඳවුරක්ම භාර වුණේ එස්එස් SS හමුදාවට එයාලගේ වගකීම තමා වර්ග සංහාරක ඝාතනය තිතට ක්‍රියාත්මක කිරීම. 

1945 අප්‍රියෙල් මස 29 දින ඇමරිකානු හමුදාව ඩකාවු Dachau කඳවුරට පැන්නා , මට එතකොට අවුරුදු 9 යි මම අවුරුදු 4ක් ඔය කාලකණ්නි කඳවුරේ දුක් වින්දා , මට මින්ත්තු පැය ගෙවෙනවා දැනුණා , අපි නිදහස් කලාට පස්සේ අපි වගේ කුඩා දරුවන්ව ආයතනයකට භාර කළා මොකද මගේ දෙමව්පියන් මියගිය නිසා. කාලකන්ණි  යුද්ධය ලෝකෙම විනාශ කලා, යුරෝපයේ රටවල් සියල්ලම වගේ දුර්වල වෙලා තිබ්බේ. අපිව භාර ගත්ත ආයතනය, අපිට රැකවරණය දුන්නා, අපිව ළමා කඳවුරකට එක්කන් ගියා නෙදර්ලන්තය මායිමේ තිබුණු


ඇයව භාර ගත තාවකාලික ළමා කඳවුර
මම එලියට ආවේ කිසිම දෙයක් නැතිව මගේ නම විතරක් අරගෙන පච්චේකුත් එක්ක. එලියට ආවට මම හරියට දුක් වින්දා , කඳවුර ඇතුලත මුහුණ දුන් දෙයින් මගේ මානසික  තත්වය විකෘති වෙලා කම්පනයට පත් වෙලා තිබ්බේ. මට නින්ද ගියේ නෑ , කන්න බැ , වතුරට බයයි , බඩ  කකියනවා වමනෙට එන්න වගේ එනවා ,  විඳපු මිනී මාරු හීන නිතරම පෙනෙනවා, වසර 4 පමණ කාලයක් මම ඩිප්රේෂන් Traumatic Depression එකෙන් දුක් වින්දා . නමුත් ළමා කඳවුරේ වෛද්‍ය සේවයට පිං අයිති වෙන්න මම ආයිත් ක්‍රමයෙන් දරුවෙක් වුණා , අපිට කන්න තුන් වේලම ලැබුණා , අපි ගැන හොයලා බලන්න දෙමවුපියන් හිටියා. සුව පහසු ඇඳක් කොට්ටයක් පිරිසිදු ඇඳුම් ලැබුණා. අපි නැවත දරුවන් වුණා. ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි ජීවිතය විඳවන්නේ නැතිව විඳින්න ඉගෙණ ගත්තා, නමුත් ඒ අප්‍රසන්න කටුක අතීතය මනසින් තුරන් කරන්න නම් පහසු උනේ නෑ , අපි ජිවිතයට මුහුණ දෙන්න ඉගෙණ ගත්තා. සමහරක් ළමයි විතරක් නෙමෙයි වැඩිහිටි අය ඒ කියන්නේ කඳවුරු වල දුක් විඳපු අය නිදහස් වුනාට පස්සේ සිය දිවි හානි කර ගත්තා. අපේ නිවාසේ හිටපු අවුරුදු 17 පිරිමි දරුවෙක් සිය දිවි හානි කර ගත්තා ඒ විදිහට.
වධකාගාර වල ලිංගික අතවර වලින් උපන් දරුවෝ
 ඔය වගේ කැම්ප් වල ඉඳලා බේරෙන්න නරකයි හයිෆා මට කියයි. මොකද යුද්ධය ඉවර වුනාට විඳවිල්ල ඉවර වෙන්නේ නෑ ඒක පටන් ගන්නේ එතනින්. ඒ වගේ මතකයක් එක්ක ජිවත් වෙන එකත් ලෙහෙසි නෑ . මම තාමත් වතුර පයිප්පෙට බයයි කෝච්චියට බයයි. විසිල් සද්දෙට තවමත් මට කලන්තේ හැදෙන්න එනවා. පුංචි වයස් වල මානසික කායික අඩන්තේට්ටම් වලට ලක්වුණාම ඒ කාලකන්නි අත්දැකීම් මුළු ජිවිත කාලෙටම ඔවුන්ගේ ජිවිත වලට බලපානවා කෘර දෝංකාරය රැවුපිළිරවූ දෙනවා. බලකාමය තණ්හාව ඉහට ගහපු උන්ට තේරෙන්නේ උන් ඒ කෘර සත්කාර වලට උන්ව ගොදුරු වුන දවසට. යුදෙවු විතරක් නෙමේ තවත් ජාතික , ආගම, වල අය ඔය කැම්ප් වල හිටියා. මෙහෙම කියද්දී ඇයගේ සැමියා ද කතාවට හවුල් විය. එතැන් පටන් විස්තර මම මීළඟ ලිපියෙන් ගෙන එමි.


විස්තර වල සහ මතකයේ  අයිතිය අදිනා  සහ ඇයගෙ පවුල සතුය!

සූරී- නෙදර්ලන්තය

1 comment:

  1. අනික් අයට හිංසා කරන එක මිනිස්සුන්ගෙ යටපත් කරගෙන ඉන්න ගති ලක්ෂණයක් අවස්තාව හම්බ උන ගමන් එළියට එනවා

    ReplyDelete