Tuesday, July 18, 2017

උපරිම සමලිංගික තෘප්තියෙන් මානසික සිර ගෙදරට!



මම යස් ගේ කතාව පරිවර්තනය කරමින් සිටිද්දී නෙදර්ලන්ත  අපරාධ හා විමර්ශන මාධ්‍යවේදිනියක වූ රෝසැන් බෙර්හ්කම්ප්  Rosanne Bergkamp මහත්මියගෙන් ලද දුරකථන ඇමතුමකින් අසා සිටි ප්‍රශ්නයෙන් මම තුෂ්නිම්භූත වුනෙමි.ඇයගේ ප්‍රශ්නය වුණේ " සූරී ඔබට තවමත් සිංහල  බස පරිහරණය පුළුවන්ද යන්න "

සති දෙකට රටින් පිටවන අයට  කොස්ස ඉදල අමතක වී කෙස් තියෙන පොල්ල   කොස්සටද  Stick with hair, ඉරටු තියෙන කොස්ස  යනුවෙන් ඉදලටද Broom with sticks භාවිතා  කරන   බහුතරයක්  මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙමි කියා ගනිමින් ජාතික කොඩිය පෙරවාගන්නා පිරිසක්  ජිවත් වන රටක ඉපිද එංගලන්තය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව , ජපානය වැනි විවිධ රටවල අධ්‍යාපනය හදාරා , ලොව කොතෙකුත් රටවල සේවය කර නෙදර්ලන්තයේ අවුරුදු 20 කට වැඩි කලක් ජීවත්වූ මට අදටත් කොස්ස කොස්සමය ඉදල ඉදලමය , ඒ ගැන මම නිහතමානිව ආඩම්බර වෙමි ඒ වගේම මගේ දෙමවුපියන්ට කෘතගුණ වෙමි. 
ඒ රැවුල කැපුවත් නැතත් අන්දිරිස් අන්දිරිස්ම  බව වටහා දුන්නාටය.

රෝසැන් පර්යේෂණාත්මක ග්‍රන්ථයකට කරුණු එක් රැස් කරමින් සිටී , එහි එන එක ප්‍රධාන මාතෘකාවක චරිතාපධානය සිංහල ධනවත් උඩරට කොල්ලෙකි. ඔහු ජිවත් වන්නේ දැන් මානසිකරෝගී සිරගේදරය. ඔහුගේ කතාව නෙදර්ලන්ත බසට පරිවර්තනය කර පැවසීමට හැකිද යන්න ඇයගේ පැනයයි, තරමක් භාරදුර වුවද කම්පිත වුවද කුතුහලය මාව තල්ලු කාලෙන් මම ඇය සමඟ මානසිකරෝගී සිරගෙදර බලා  2017 ජුලි මස 17 සඳුදා පෙරවරු 08 ගියෙමි.

අපට පැය හතරක කාලයක් ලැබිණි අප ඉදිරියේ අසුන්ගෙන සිටි ඒ තරුණයා මම අශෝක යනුවෙන් හඳුන්වමි, ඔහු කඩවසම් ය පැහැපත්ය මානසිකරෝගියෙක් යයි සිතීමට නොහැකිය.වසර 23 ක් තිස්සේ ඔහු මේ සිරගෙදර නේවාසිකයෙකි. ඔහුගේ ඒ පිම්ම ගැන ඔහු අපට පැවසු ඒ කතාවයි මේ.

මම ඉපදුනේ 1970 වසරේ, මහනුවර රජවිදිය පදිංචිය, මගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් අපිට අලිත් හිටියා, මම උසස්පෙළ කලේ ත්‍රිත්ව විදුහලින්, මම ඉහලින්ම සමත් උණා ඔය කාලයේදී මම තමා මට යුනෙස්කෝ පදනිමින් ශිෂ්‍යත්වයක් ලැබුනේ එක්සත් රාජධානියේ විශ්වව්දුහලක ඉගෙන ගන්න. මම ලංකාවෙන් පිටත් උණා මම නැවතුණේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ , එහි විවිධාකාර අය  හිටියා විවිධ ජාතීන්වල. මම බොහොම උනන්දුවෙන් ඉගෙණ ගත්තා. තුන්වෙනි වසරේදී අපේ මුළු බැජ් එකම නෙදර්ලන්තෙට ට්‍රිප් එකක් ගියා ඇම්ස්ටර්ඩෑම් වලට. එහිදී අපි බොහොම විනෝද උණා බොහොම නිදහස් රටක්. ඒ වගේම මම ජීවිතයේදී පළමු වරට ලිංගික පහස අත්වින්දේ  ඒ ගමනේදී. ඒ නිදහසට මම ලොල් වුණා ඒ පහසට මම කෑදර වුණා . නිතර නිතර මම මගේ මිතුරන් සමඟ නෙදරලන්තෙට අවා ගියා. රාත්‍රී ජීවිතය අපට දෛනික දෙයක් වුනා. අපි කොල්ලෝ 2ක් සහ කෙල්ලෝ 2 ඔය කල්ලියේ හිටියා. අපි කෙල්ලෝ එක්ක විතරක් නෙමෙයි කොල්ලෝ එක්කත් පහස අත්  වින්දා, ටිකින් ටික අපි සේරම මත්පැන් වලට තව උත්තේජක වලටත් ලොල් වුණා. අපි කා එක්ක කායිකව එක්වෙනවද කාගේ   සිරුරු මිරිකනවද  කියල අපි කාටවත් නිනව්වක් තිබ්බේ නෑ. ඒ තරමට අසිහියෙන්  අපි පිස්සු නැටුවේ.  අශෝක වේදනාත්මක හඬින් කියවාගෙන ගියා.

මානසිකසිර කඳවුර ඇම්ස්ටර්ඩැම්
 නමුත් මම මගේ අධ්‍යාපනය කඩා ගත්තේ නෑ මම උපාධිය ලබාගත්තා නමුත් මගේ ජිවිතයට කණකොකා හැඬුවේ උපාධියෙන් පසු අවසාන වතාවට ජොලි කරන්න නෙදර්ලන්තෙට ආපු ගමනේදී. මගේ කල්ලිය තවත් කල්ලියක් සමඟ සමලිංගික පාරාදීසය නම් නැවකට ගියා. අපිව මත්       වෙන්න වැඩි වෙලා ගියේ නෑ. පාට පාට ලෝක වල හීන දකිමින් අපි උපරිම පහසක් ලැබුවා. විවිධාකාර පෙති වල උත්තේජනයෙන් එම නැව ඇතුලත සියල්ලෝම තනිකරම හිටියේ සිහි විකාරෙන්.මට මතක මාව වැටෙන්න යනවා විතරයි ඊට පස්සේ මම හිටියේ පොලිස් කුඩුවක් ඇතුලේ. නෙදර්ලන්ත පොලිසිය විවිධ විදිහට මගෙන් ප්‍රශ්න කළා නමුත් මට ඇත්තටම මතක නැහැ මොකද වුනේ කියලා. පොලිසියේ කියන විදිහට එම නැවේ තරුණ යුවතියක් මරණයට පත් වෙලා. එහෙම වෙලා තියෙන්නේ කැඩුණු විදුරු බෝතලයක් බෙල්ලට වැදීමෙන්. ඒ බෝතලේ මගේ ඇඟිලි සලකුණු තිබිලා තියෙනවා. අදටත් මොකද වුනේ කියා මම අදටත්  දන්නේ නැ. කඳුළින් තෙත් වුණු ඒ හැඟීම්බර මුහුණ සිත දවාලන සුළුය.
උසාවියෙන් මාව මෙහාට නිර්දේශ වුණා , මම මේ ගෙවන්නේ 23 වසර මෙහි.. ශිෂ්‍යත්වයක් ලබා එංගලන්තයටද එහින් මානසික සිරගෙදරට යැවුණු අශෝකගේ කතාව ඔහු දන්නා තරමින් එපමණ වුවද,

මෙම මානසික සිරකඳවුරේ ප්‍රධාන ජේලර් වරයා  වුනු ජෝන් මහතා අපට පැවසූ කතාවයි මේ.

මම මෙතන සේවය කරන්නේ දැන් වසර 40 ක ඉඳලා. මෙතන ඉන්න සියලුම දෙනා අතරින් මේ දරුවා විශේෂයි ජෝන් මහතා පැවසිය. ඇත්තටම මේ දරුවා දක්ෂ දරුවෙක් ගෞරව උපාධියක් තියෙන්නේ එකත් ලබාගෙන තියෙන්නේ 1948 දුවෙක් ගණිතය විෂයට තියපු වාර්තාවකුත් බිඳ දාලා. මෙයාලව  අත් අඩංගුවට ගනිද්දී මෙයාට සිහිය ණෑ ඉස්පිරිතාලේ දවස් දෙකක් ඉඳලා තමා සිහිය අවේ. එකත් මතකය අහිමි වීමක් සමඟ. ඔහුට නිනව්වක් තිබ්බේ නැ කරන්නේ මොනවද කිසිම දෙයක් ගැන, කතාකලාට උත්තර දෙන්නෙත් නෑ ,   හරිම කණගාටුයි ඒ දරුවට වෙච්ච දේ නම්. නමුත් තමන් වැරදිද නිවැරදිද කියන්න තරම් වත් සිහියක් නැතිකොට පරීක්ෂක වරු කියලා මොනවා කරන්නද. ඒ නැව ඇතුලත වුන දේ දන්නේ ඒ නැව  ඇතලත හිටපු අය විතරයි ඒ කිසිම කෙනෙකුට සිහි තිබිලා  නෑ පොලිස් පරීක්ෂණ වලට අනුව.
රෝසැන් ගේ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ජෝන් මහතා කියා සිටියේ එහි සිටින සියලුම දෙනා අත්අඩංගුවට ගත් අතර, අනිත් අය  සමඟ මෙම මිය ගිය නෙදර්ලන්ත ජාතික යුවතිය සමඟ කායික සම්බන්දතා නොතිබි ඇති අතර අශෝකගේ දහඩිය ඇයගේ සිරුරේ තිබී ඇත  , බෙල්ල කැපුණු වීදුරුවේ අශෝකගේ ඇඟිලි සළකුණු තිබුණු නිසාවෙන් ඔහුව සිරභාරයට ගෙන ඇත. ඒ මිනි මැරීමේ චෝදනාවටය. නමුත් සිහි කල්පනාව නොමැති, වුනේ කුමක්ද යන්න නොදන්නා තරුණයෙකු අපරාධ සිරිභාරයට යවන්නේ නැත. එහෙයින් අශෝකව මානසික සිර කඳවුර වෙත යොමු කෙරුණු අතර එහිදී ඔහුව පුරරුත්තාපනය කෙරිණි. නමුත් ඔහුගේ දඬුවම් කාලය ජීවිතාන්තය දක්වාය. කණගාටුව එයයි. 


සිරකඳවුර ඇතුලත
මීළඟට රෝසැන් සමඟ කතාවට වැටුනේ අශෝකගේ මානසික වෛද්‍යවරයා වුනු අගාත් මහත්මියය. අයගේ වචනයෙන් අශෝක නරක පුද්ගලයෙකු නොවේ. මෙම අවුරුදු 23 පුරාවට වහු ඉතාම හොඳ චරිතයක් ඇතිව ජිවත් වෙනවා. ඒ වගේම චිත්‍ර අඳිනවා බොහොම හොඳට. හොඳ ප්‍රඥාවක් තියෙන දරුවෙක්. නමුත් ඔය උත්තේජක මත්ද්‍රව්‍ය වලට නොයෙක් විනාශ කරන්නට පුළුවන්. එකේ පලවිපාක තමා අශෝක අද විඳින්නේ. එදා වුනේ මොකද්ද කියාගන්න පුළුවන් කම තිබුණා නම් මෙපමණ කලක් මෙහෙ ඉන්නේ  නෑ . ඇය කියුවෙ හැඟීම්බරවය.

මීළඟට රොසෑන් දුරකථන ඇමතුමක් ගත්තේ ලංකාවේ දෙමාපියන්ටය , අශෝකගේ අම්මගෙන් නම් අම්මෝ මෝ ඇතිව මට අහගන්නට පුළුවන් විණි. මම ඒ අසික්කිත වචන මෙහි නොලියමි. නමුත් අන්තර්ගතය ලියමි. ඇයගේ  වචනයෙන් නෙදර්ලන්ත ජාතිකයෝ බල්ලොය ඔවුන් තම දරුවාට මත්ද්‍රව්‍ය පොවා විනාශ කොට ඇත ඊළඟට මිනිමරුවෙක් ලෙස හංවඩු ගසා සිරිගෙදරට යවා ඇත. ලංකාවට එව්වා නම් ඊට වඩා හොඳය.  ලංකාවට එව්වා නම් වැලිකඩ හිරකාරයින්ට ඔහේගේ පුතාගේ පස්ස පැත්ත රස බොජුනක් වෙන්නට තිබුනා යනුවෙන්  මට ඇයට කියන්නට තරම් සිතුනද කට වසාගෙන මම කරන්නට අදාළ වූ දේ කලෙමි. පියා තරමක් අවබෝධයක් තිබු අතර ඔහු කියුවේ අපි එතන හිටියේ නෑ වුනේ මොකද්ද කියන්න අපි දන්නේ නෑ. අදටත් නෙදර්ලන්ත රජයෙන් එංගලන්තය හරහා එවපු ලිපියක් අපේ ගෙදර තිබෙනවා  එකේ මොනවා තියෙනවද කියන්න අපි දන්නේ නෑ. අපි ජිවතුන් අතර නැති වෙයි එයා නිදහස් වෙද්දී. හිටියෙත් එකයි එකාත් යාකාය කියන්නේ ඕකටයි දුව තාත්තා කියුවේ කල කිරුණු හඬින්.

වුනේ මොකද්ද කලේ කවුරුද දැන් වැඩක් නැත තරුණ ජිවිතයක් අවසාන වී හමාරය. එදා ඒ මොහොතේ සිදුවුනේ කුමද යන්න දන්නේ මියගිය 17 හැවිරිදි දැරිය පමණි. වෙන කෙනෙකු කල දේට අශෝක පිටින් ගියාද යන්න කියන්න දන්නේද නැත. හරකෙක් වුවද හරකෙක් විදිහට හැසිරෙන්න එපා ගොනෝ කියා මගේ ආච්චි අම්මා මොරගාණු මට අදටත් මතකය එහි තේරුමක් ඇති බව මට අද  සිතේ. අද අශෝක වයස අවුරුදු 47මුහුකුරා ගිය කෙනෙකි   , පසු ගිය වසර 23 ගැන සිතෙන්නේ කුමක්ද යන්නට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය. වැරැද්ද මගේ ගත්ත උපාධිය අරගෙන ලංකාවට ගියා නම් මට මෙහෙම වෙන්නේ නෑ. අද මම වයසින් පරිනතයි මම මෙහෙදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එදා මොකද්ද වුනේ කියන්න මම අදටත් නොදන්නා නමුත් තාවකාලික සුවය පතා කරපු දේවල් වලින් අමාරුවේ වැටුනේ මමමයි, මේ වියපත් වයසේදී අප සිතන්නට කටයුතු කරන්නට ඕනේ අපේ ලින්ගේන්ද්රියන්ගෙන් නොව මොලයෙන් බව මට වැටහී හමාරයි නමුත් මම ප්‍රමාදයි. ඔහුගේ එකම ප්‍රාර්ථනය එකම වරක් වත් දෙමාපියන් දැකගනිමය. මොන වරද කලද තම දරුවා දරුවාමය දෙමාපියන්ටද එසේම වනු ඇත.

මෙවන් සිදුවීම් වලට මාවද ඔබද ගොදුරු විය හැක, ඇටයෙන් නොව මොලයෙන් සිතුවද වරදින වේලාවන් ඇත යතාර්ථය එයයි. සිහි නොමැති කමින් වෙන කෙනෙකුන් කර වරදකට ඔහු සිරබත් කනවා වෙන්නද පුළුවන, එදා යුවතියකගේ දිවි තොර කලකල පුද්ගලයා අදටත් දිවි තොර කරමින් නිදැල්ලේ හැසිරෙනවා වෙන්නටද පුළුවන

මින් පසු රෝසැන්ගේ සංවාදය වුයේ මිට වසර 24 පෙර අශෝක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරිය සමඟ ය , මගේ තිබුණු කේසස් වලින් ඉතාමත්ම අපහසු කෙස් එකක් තමා ඔය.මට ඒ දරුවාව නිර්දෝෂී කරන්න මොනම සාධකයක් වත් තිබුනේ නෑ. ෆොරෙන්සික්ස් විස්තර අනුව තිබුණු සාධක සමඟ තර්ක විතර්ක කරන්න මට ප්‍රබල සාක්ෂි ඕනේ එහෙම නැතිව කෙනෙක් නිර්දෝෂී බව ඔප්පු කරන්න බෑ. ඔහුට තිබෙන  මානසික තත්වය ඉදිරිපත් කොට මානසික ආයතනයකට අනුයුක්ත කිරීම ඇර මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැ ඒ නීතිඥ මහත්මියගේ කතාවය.

කවුරු මොන අයුරින් අර්ථකතන දුන්නද රෝසැන් ගේ හැඟීම වුනේ මෙම කතාවේ යම් අඩුවක් ඇති බවයි. අපරාධ හා විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රබල මාධ්‍ය වරියක් වන ඇය කියුවෙ ඉතාමත්ම තීව්ර හඬකිනි.එමෙන්ම ඇය පවසා සිටියේ බොහොමයක් පිටරට දරුවන් මෙවන් ව්‍යසන වලට ගොදුරු වන බවය. අශෝක සමඟ සිටි අනිත් දරුවන් 3 දෙනාද විජාතික දරුවන්ය පිලිපීන ජාතික , ඉන්දියානු සහ අප්‍රිකානු ය. ඔවුන් තිදෙනාම අද ජිවතුන් අතර නැත. කෙල්ලන් දෙදෙනා මත්ද්‍රව්‍ය වැඩි වී පසු වසර  වලදී මිය ගොස්ය, කල්ලා සියදිවි හානිකරගෙනය.  රෝසැන්  කියන අන්දමට මොවුන් සියලුම දෙනා යුනෙස්කෝ ශිෂ්‍ය ආධාර ලබා පැමිණි අය වෙති. 

පහත් දේට බහුතරයක් දෙනා ප්‍රියය සමහර විට ධර්මයේ පිරිහීම විය හැක නොඑසේ නම් තමා සතු පදත්තර ජාන විය හැක එය අද හොඳටම විදහා දක්වන්නේ අපේ සෝෂල් මීඩියා බාප්පාය. බුදු සරණයි උඹට පුතේ කියන දේ නොපෙනෙන අය්යලාට අක්කලාට අන්ටිලාට මාමලාට සියලාට මම අරුගේ පුකේ ඇරියා කියන එක හොඳට පෙනේ එයට  ලයික්ස් ලක්ෂ ගණනින්ය ශේයාර්ද උතුරති, පින්තුරයටද එසේමය සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් , ගුණවත් සත්කාරයක් කිසි කෙනෙකුට නොපෙනේ, ගෙදර තමන්ගේ ගෑනිගේ බඩේ අමාරුව ගැන නොදන්නා බෝමයක් පිරිමි හොලිවුඩ් නිළියන්ගේ තං දෙකේ සයිස් එක පවා දනිති. රට  ජාතිය ජම්මය පාට මොක වුවද තත්වය එදත් අදත් එසේමය. පඩත්තරයෝ එදත් සිටියහ අදත් ඇත නමුත් අද වෙනස රෑ ගිය පඩය ගැන  උදේ වෙද්දී හොට්ලයින් පිට ඔන්ලයින් තිබීමය. වසර 23 කට එපිට අතීතය යුරෝපයේද වෙනස්ය , අද මෙන් චෙකින් ඉන්ස් නොමැත ,, මම දැන් ජංගිය ගලවමින් ඉන්නේ යන ස්ටේටස් අප්ඩේට්ස් නොමැත. සියල්ලම සතියකට හෝ දවසකට සැරයක් පලවන පුවත් පතින් විස්තර එද්දී ගලවපු ජංගිය හෝදලා වෙලිලාද හමාරය.වෙනස එයයි.

අශෝක ගැන මට ඇත්තේ හද කම්පා කල කනගටුවක්ද යන්න මට නොතේරේ නමුත් මගේ සේවා කාලය තුල මා දුටු දේවල් තුලින් අශෝක වැන්නවුන් මම අනන්තවත් දැක ඇත. මම මේ ලිපිය ලියන මොහොතේද තවත් අශෝක කෙනෙකුන් කොහේ හෝ බිහිවනු ඇත සත්‍ය එයයි.



රෝසැන්
මෙවන් සිදුවීම්  වලට මම දොස් කියන්නේ මුළු මහත්  ලංකික ජාතිය සතු ක්‍රම පිලිවෙතටය , ලිංගිකත්වය කුමක්ද යන්න දරුවන්ට කියා දෙන්නේ නම් මෙවන් අසහන වලට සහ  අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් වලට දරුවන් පෙළඹෙන්නේ නැත යනු මගේ හැඟීමය.  එදා මට වයස අවුරුදු 14 දී සම්මාන දිනු සාහිත්‍ය කෘතියක් ඇසුරින් නිර්මාණය වුනු මෝන්ත ක්‍රිස්ටෝ  සිටුවරයා රුපවාහිනියේ දිග හැරෙද්දී හාපෝ ජරාව අර අර මිනිහා අර ගැනිව බදගෙන ඊයා කියමින් මගේ පුංචි අම්මා රුපවාහිනිය වසා  දමා ට්‍රිප් එකත් විසන්ධි කල අයුරු අදටත් මගේ මතකයේ ඇත. කාලය ඉදිරියට ගියද අපේ කස්ටිය හැමෝටම ඇඟිල්ල දික් කරමින් තවමත් එතැනමය. රටේ වැරැද්දට අඩු පාඩුවට  බනිනේ සුද්දාටය. සුද්දා ලංකාව හැර එංගලන්තය බලා ගියේ 1948 දිය.
පාට වෙනස් කරමින් බුදින හරක් සෙට් එක එලවා දමා අලුත්ම වෙනසකට කාලය ද මේ එය පිලිබඳ තර්ක විතර්ක මම ඔබට භාර කරමි.

 ලොව වටා  සිටින සලෙළුන් පුරවාගත් ලිතුවේනියානු ලිංගික පාරාදීසය sex paradise  නම් වූ නෞකාවට නෙදර්ලන්තයහි දොරවල් 1980 දී වැසිණි. 

යුරෝපා ප්‍රජාවේ පුද්ගලිකත්වය  පනත යටතේ   මෙම විස්තරය සත්‍ය විස්තරයක්  ඇසුරින් නිමවන නිසාවෙන් අශෝක යන මනංකල්පිත නාමය යොදා ගත් බව සලකන්න.

සිරගෙදර පින්තුර සිරගෙදර භාරකාර මණ්ඩලය සතුය!
රෝසැන් ගේ පින්තුරය මා සතුය!

සූරී නෙදර්ලන්තය

Saturday, July 1, 2017

මළවුන් සොයා රතු ඉන්දියානු සංස්කෘතියට!



ජීවිතය කෙතරම් පටලැවිලි සහගතද යන්න තේරෙන්න නම් එවන් පටලැවිල්ලක අප පැටලිය යුතුය, අප දකින දේවල් තුලින් අන් අයගේ ජීවිතයට තීරණ දෙන්නට ඉතා පහසුය, ඇමරිකානු සංස්කෘතියට අයත් නවාහෝ ගෝත්‍රිකයින් නොඑසේනම් වැසියන් මෙම මල ගිය ආත්ම සම්බන්ධව මනා දැනුමක් පළපුරුද්දක් ඇති කොට්ටාශයක් වෙයි. යස් ගේ නවාහෝ පර්යේෂණය මම මෙසේ ඔබ වෙත ගෙන එමි.

2000 වසරේදී මම උතුරු ඇරිසෝනා Arizona ප්‍රාන්තයේ නවාහෝ Navajo  වාසින් සමඟ මෙය සාකච්ජා කිරීම සඳහා ගියෙමි. අකෙචේටේ බෙගේ Akacheteh Begey නම් පවුල සමඟ මාස 6 ක්ම වාසය කලෙමි. ඔවුන් මරණ ශාන්ති ඒ අකාරයෙන්ම පිළිපදිති. ඒ මියගිය අයවලුන් ශාන්තියට පත් නොවුනහොත් ජිවත් වන්නන්ට කරදර වෙන නිසාවෙනි. ඔවුන් මෙම මියගිය ආත්ම හඳුන්වන්නේ චින්දී  Chindi කියන නමින් ,එය තදින්ම නවාහෝ ජාතිකයින් පිළිපදින දෙයකි. කෙනෙකු මිය යන බව ඔවුන් දන්නේ සංඥා මගිනි එය ශාන්තියට පත් වුනු ආත්ම ලබා දෙන්නක් බව ඔවුන් පැවසුහ. නමුත් කතාව සත්‍ය බව මට වැටහුනේ එම සංඥා ලැබෙන අකාරය මම සියසින්ම දුටු නිසා බව යස් පවසයි.
අකචේටේ පවුල
මියගිය ආත්ම නොදුටුවද ඔවුන්ගේ සංඥා ක්‍රමය සියට සීයක්ම හරි, මෙම සංඥා ක්‍රම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන්නක් මෙම හැකියාවද හැමෝටම පිහිටන්නෙත් නෑ. මෙම සංඥා  ක්‍රම ඔස්සේ මිය යන්නට සිටින අය ඔවුන් හඳුනා ගණිති. එම හඳුනා ගැනීමෙන් පසුව ඔවුන් මරණ චාරිත්‍ර ආරම්භ කරති.මෙම සංඥාව ලැබුණු දිනම ඔවුන් එම පුද්ගලයාගේ නිවාසය රාජාලි පිහටුවලින් සරසති , එම තැනැත්තා කහ මුසු දියරයකින් නහවා සුවඳ විලවුන් ගල්වා , කන්නට කැමති සියලුම ආහාර ලබා දී සමාදානයේ සැතපෙන්නට කැමති තැනද  විපරම් කරති. එම අවශ්‍යතාව අනුව එම ස්ථානය සුදානම් කර වෘකයින් දෙදෙනෙකු මුරට තබති. මෙම ආකාරයට නොකළහොත් මියගිය ආත්ම ජිවත් වන ආත්ම වලට කරදර කරති යන තද බල ඇදහීම ඔවුන් තුල අදටත් දකින්නට ඇත. මියන පුද්ගලයා මිය යනතුරුම කවුරුන් හෝ ශබ්ද නගා බයිබලය කියවීම සිදු කරයි. මෙය මාරුවෙන් මාරුවට පවුලේ ය හෝ පාරම්පරික පුද්ගලයින් ඉසින් සිදු කරනු ලබයි. මිය යන්නට ඉන්න පුද්ගලයා බලන්නට අවට ගම්  වලින්ද මිනිසුන් පැමිණෙති ඔවුන්ට ඥාති සම්බන්ධයක් අවශ්‍ය නැත ඔවුන් එන්නේ ඔවුන්ගේ වරිගයට ගරු කිරීමටය.
 
කණු උඩ මියගිය සිරුර තැන්පත් කිරීම
මළවුන් සම්බන්ධව ඔවුන්ගේ හැකියාව මට වඩා ඉතාමත්ම ඉහල යයි යස් පවසා සිටියි. මම ඔය විදිහට මිය යන පුද්ගලයෙකුට කරන සාත්තුව අත්දැක්කා, සියලුම චාරිත්‍ර වාරිත්‍ර දවස් 18 තිස්සේ කරද්දී 19 දින රාත්‍රියේ එම පුද්ගලයා අවුරුදු 88 ආයු වැළඳ
එලිය බලා ගියා මද සිනැවක් සමඟ. ඇත්තෙන්ම අතර හිරවීමක් සිදු වුනේම නෑ. මියගිය පුද්ගලයින් දැක තිබුනද කෙනෙක් මියයන අවස්ථාවේ එම ආත්මය සිරිරෙන් මිදී වායුවට මුසු වන අයුරු මම කවදාවත් දැක තිබුනේ නෑ යස් කියයි. සංඥා මාර්ග ඔස්සේ ඔවුන් එම ආත්මය එලිය බල ගිය බව ප්‍රත්‍යක්ෂ කළා. ඉන්පසු මිනිය කටයුතු සිදුවුණා අමුතුම විදිහකට මිනිය සුදුරෙදි වලින් ඔතලා ලොකු උස කණු හිටවලා ඒ උඩට ලැල්ලක් දාලා.ඒ උඩින් මිනිය සහිත පෙට්ටිය දවස් 7 තබා තියෙනවා. ඊට පස්සේ තමා වලදාන්නේ හෝ පුච්චන්නේ එක සිදු  වෙන්නේ මියගිය කෙනාගේ කැමැත්ත අනුව. ඊට පසුව දවස් 8 ගිය තැන අර සංඥා ලබා දුන් යට ඇඳුම් වස්ත්‍ර ආදිය දීලා කෑම වලින් සංග්‍රහ කරලා මරණයේ කටයුතු අවසාන කරනවා.
ජිවිතය විශ්මයෙන් පිරි ඇති දෙයකි එය විග්‍රහ කරන්නට විද්‍යාවට අපහසුය. බෙගේ මහතා පැවසු ආකාරයට ඔවුන් සංඥා මාර්ගයෙන් දැනගන්න දේ මම සියසින් දකිමි. මේ දෙක කෙලෙසක සිදු වුනද  අවසානය එකම ප්‍රතිපලයකි.
 
සාම්ප්‍රදායික අවමගුල් පෙරහැර
මොනම දෙයක් උනත් කාලය අනුරූපව වෙනස් වෙනවා. එක තමා සත්‍ය නවාහෝ ක්‍රම සහ විධි තරමක් වෙනස් වී ඇති නමුදු ඔවුන් කරන සාම්ප්‍රදාය මොන විධිහකින් වත් වෙනස් නොකරන බව යස් පවසයි.




කලානුරුපව සම්ප්‍රදාය වෙනස් වුනු අයුරු මම ඊළඟ ලිපියෙන් ගෙන එමි.
කියවූ ඔබ සැමට ස්තුතියි!

විස්තර වල අයිතිය යස් සතු වන අතර පිංතුර අන්තර්ජාලයෙනි.
සූරී - නෙදර්ලන්තය