Saturday, November 25, 2017

ඈන් ෆ්‍රෑන්ක් නම් වූ සුන්දර යුවතිය අසුන්දර අයුරින් දිවංගත කල ඒ අසුන්දර භුමිය තුල වරුවක්!



ජර්මනියේ බෙරගන් බෙල්සන් Bergen Belsen නම් වූ ගම්මානයේ තවමත් ඒ අසුන්දර අතීතය තවමත් දෝංකාර දෙන බව ඒ අසල වෙසෙන  අය දන්නා කරුණකි.අදටත් මෙම ගම්මානය සිසාරා කෙඳිරි ගෑම් අඬා වැටීම් ඇසෙන බව ඒ අසලම වෙසෙන කෙනෙක් අපට පැවසීය.  දස දහසක් බුරුතු පිටින් පොලවට යට කල ඒ මරුමුසු සොහොන් බිම තුළ ගැහෙන හදින් අප ඇවිද ගියෙමු. 

කෞතුකාගාරය ඇතුල්වන ස්ථානය

දරුවන් විසින් ලියන ලද දිනපොත්

දරුවන් විසින් ලියන ලද දිනපොත්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

එහි ඇති කෞතුකාගාරයේ මෙම ජිවිත පිලිබඳ මනා අවබෝධයක් ලබාදෙයි. ඇඟ කිලිපොලා යන රුප රාමු ප්‍රදර්ශනය කරයි. එවකට හමුදා සේවයේ යෙදුනු නිලදරුවන්ගේ චිත්‍රපට කැමරා වලින් ගනු ලැබූ අමානුෂික ආපරාධ අමු අමුවේ එම අයුරින්ම දකින්නට සලස්වයි. නමුත් අපට එවන් දර්ශන නැවත ෆිල්ම් කර බෙදා හරින්නට තහනම්ය හේතුව එම අසරණ ජිවිත වලට කරන උත්තමාචාරයක් වශයෙනි. නමුදු යුරෝපා පාලන මණ්ඩලය මෙම නීති සම්ප්‍රදාය වෙනස් කිරීමට කටයුතු සලසමින් සිටි එයට හේතුව නම් විවිධාකාර සත්‍ය නොවන විස්තර ප්‍රසිද්ධ කිරීමයි. ඒ සම්බන්ධව අප හා අදහස් පැවසුවේ  යුදෙවු පදනමේ නිලදරුවෙකි.

මිය ගිය සියලුම දෙනා වෙනුවෙන් ගොඩ නැගූ ස්මාරකය
 
මෙහි මියගිය සියලුදෙනා වෙනුවෙන්
 
සමුහ මිනී වලවල්


සමුහ මිනී වලවල්

සමුහ මිනී වලවල්

ඈන් ප්‍රෑන්ක් නම් වූ ඒ සුන්දර යුවතියගේ ජීවිතය සම්බන්ද ජිවිත කතාව මිට පෙර මම ලියුවද මගේ චාරිකාවට එය මහත් සේ ගැලපෙන නිසාවෙන් මම එම විස්තරයත් මෙම ලිපියටම අමුනන්නට සිතුවෙමි.
1929 ජූනි මස 12 දින යුදෙව් ජාතික ඔට්ටෝ හෙන්රිච් ෆ්‍රැන්ක් සහ ඒඩිත් හොලාන්ඩර් ෆ්‍රැන්ක් ට දාව ඇනලීස් මරී ෆ්‍රැන්ක් ජර්මනියේ මයින්ගාවු රතු කුරුස රෝහලේදී උපත ලැබීය. ඇයට වැඩිමහල් සහොදරියක් සිටි අතර ඇය නමින් මර්ගොට් බෙටී ෆ්‍රැන්ක් 1926 පෙබරවාරි මස 16 දින උපත ලද්දියකි.
1933 කුරිරුකමේ අධිපති අමානුෂිකවාදයේ පියා ඇඩොල්ෆ් හිට්ලර් ගේ දේශපාලන පක්ෂය වූ ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය ජන්දය ඉහලින්ම දින්නේ දෙවන ලෝක සමයේ මුළු යුරෝපයටම කණකොකා හඬවමිනි. මේ ජයග්‍රහනය වඳුරන්ට දැලි පිහි දීමක් වැන්නක් වූයේ ඒක ජනතාවක් එක රාජ්‍යක් ඒක නායකයෙක් යන උඩෘත පාඨය කොටගත් ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය ඒකාධිපති පාළනය කරා ඉදිරියට යෑමයි.

ඈන් සහ ඇගේ සොයුරිය සදාකාලික නින්දේ

මෙයින් තැතිගත් ඒඩිත් දරුවන් දෙන්නාද රැගෙන ඇගේ මව රෝසා සමඟ වාසයට ආචන් නඟරය බලා ගිය අතර කුඩා පහේ කුඩු ව්‍යාපාරයක අයිති කරුවෙකු වූ ඔට්ටෝ පමනක් ෆ්‍රරැන්ක්ෆුර්ට් නඟරයේ නැවතිනි. නමුත් පසුකාලීනව නෙදර්ලන්තයේ තම ව්‍යාපාරයක් පටන් ගැණීමට ලද ආරාධනාවක් ඔස්සේ මෙම යුදේව් ජාතික පවුල නෙදර්ලන්තයේ වාසයට පැමිණියහ. ඔට්ටෝ ඔපෙක්ටා සමාගම පටන් ගත් අතර නිවසක් මෙර්වේද චතුරශ්‍රයේන් මිලට ගැණුනි.. 1933-1939 අතර කාලය තුල 3000 000 පමණ යුදෙව් ජාතිකයින් නෙදර්ලන්තයට සංක්‍රමණය විය.






ඈන් සහ සොයුරිය සිටි කඳවුර තිබු ස්ථානය

ඈන් සහ සොයුරිය සිටි කඳවුර තිබු ස්ථානය

නෙදර්ලන්තයට පැම්ණි පසු මර්ගොට් රජයේ පාසලටද ඈන් පෞද්ගලික පාසලකටද යාමට පටන් ගත් අතර මාර්ගොට් ගණිතයට දක්ෂ වූ අතර ඈන් භෂාවට සහ ලිවීමට දක්ෂ කම් දක්වන්නට විය. පසු කාලීනව ඈන් ගේ මිතුරියක වුනු හනෙලි ගොස්ලාර් මතකය අවදි කරමින් කියා සිටියේ ඈන් නිතරම ලියන බවය නමුත් ලියන්නේ මොනවාද යන්න සාකච්ඡා කරන්නට අකමැති වූ වගයි. 1938 දී ඔට්ටෝ දෙවන සමාගම ආරම්භ කරන ලද අතර 1939දී ඒඩිත් ගේ මව වූද ඈන්ගේ ආච්චි අම්මා වූ රෝසා ඒඩිත් සහ පවුල සමග ජීවත් වීමට පැමිනි අතර 1942 මිය යනතුරුම ජීවත් විය.
පාපතර නාසි 1940 දී නෙදර්ලන්තය යටත් කර ගත් අතර ෆ්‍රැන්ක් පවුලට කණකොකා හැඬවිනි. යුදෙව් ජාතික පවුල් බුරුතු පිටින් කුදලාගෙන යනු ලැබීය.


ඈන් පිලිබඳ තතු දිස්වෙන අයුරු

ඈන් පිලිබඳ තතු දිස්වෙන අයුරු

යුදෙව් ජාතික දරුවන් යුදෙව් පාසල් වලට යැවිය යුතු බව නාසීන් විසින් අණ පැණවූ අතර මාර්ගොට් සහ ඈන්ට සියළුම මිතුරන් අතහැර දමා යුදේව් ලයිසියම් විදුහලට ඇතුලත් වන්නට විය. මේ අතර 1942 ජූනි 12 දින කුඩා දිනපොතක් ඈන්ට පියාගෙන් උපන්දින තෑග්ගක් වශයෙන් හිමිවිය ඒ ඇය කලින් දිනකදී පියාට පෙන්වන ලද්දකි.
හීතියෙන් වෙළුනු මෙම පවුල
ඇමරිකාවට යන්නට තැත් කලද එය කල හැකි නොවුනු තැන ඔට්ටෝ සහ පවුල සැඟවීමට අදහස් කලහ. ඊට පෙරාතුව ඔට්ටෝ ඔහුගේ සියළුම සමාගම් කවදත් ඔහුට හිතවත් සෙවකයෙක්වූ ජොහැන්නස් ක්ලැයින් මහතාට පැවරූ අතර ඔහුගේ සේවාදායකයෝ ඔවුනට උදවු කලහ. රාත්‍රි දෙකක් එක තැන නිදානොගන්න ඔවුහු වග බලා ගත්හ. කුඩා ඈන් ඇතුළු පවුලටම රටක් නැති විය. තම උපන් භූමියෙම අනාගතයෝ විය. සැඟවීමට යන්නට පෙර දිනයේදී ඈන් ඈගේ හිතවතා වූ ටොස්‍ය ට පොතක් තේ කට්ටලයක් මාර්බල් ටින් එකක් සහ ආදරනීය පූසාව පරිස්සම් කර තැබීමට භාර දුන්නාය ඇය පවසා සිටියේ මම අපහු ආවම මට දෙන්න යනුවෙනි.
1942 ජුලි මස 6 දින ස්විට්සර්ලන්තයට යන බව පවසමින් ඔවුන් කුමාර ඇල (Prinsengracht)මාවතේ සැඟවුනු නිවසකට ඔවුන් ජීවත්වීමට ගියහ. ඒය ඔපෙක්ටා සමගම පිටුපසට වෙන්න සැඟවුනු නිවසක් වූ අතර
ඉතාම කිට්ටුවෙන් හිටි අයෙක් පමනක් මෙය දැන සිටි අතර මෙම රහසිගත නිවසේ ඇතුල් වීම පොත් රාක්කයකින් වසා තිබිනි..පිට ලෝකයත් සමඟ සබඳ කම් නොමති වූ අතර ඈන් දිනපොත ලිවීමේ නිරත වුනු අතර දෛනික ජීවිතයේ විඳි දුක් ගැහැට ඇය දිනපොතේ ලිවීමෙන් වේදනාව දියකර හැරියාය. සොයුරිය අන්වර්ථ නාම වලින් ඉගෙනීමේ නිරත වී ඉතා දක්ෂ කම් පෙන්වූ නමුදු මෙම දරුවන් ජීවත් වුනේ කොහිද නෑදෑයන් කවුද කිසිවෙකු නොදැන සිටියහ.
1944 අගෝස්තු 1 දා ඈන් ඇයගේ ඩයරියේ අවසන් වදන් පෙල ලියුවාය.
"
කවදා හෝ මා කතුවරියක වේවිද?" 




ඈන් ගේ දිනපොත

1944
අගෝස්තු මස 4 දින යුදෙව්වන්ගේන්ම කා බී බඩ පුරවාගත් හිතවතෙක්ගේ ඔත්තුවක් අනූව ඈන් සහ ඇගේ පවුල නාසි හමුදාව යටතට පත් විය. සැඟවුනු නිවස නාසි හමුදාව දෙවනත් කලහ, ඈන් සහ පවුලට අත් උදව් දුන් සියළු දෙන සිර භාරයට ගත්හ.
වදකාගාරයෙන් වදකාගරයට මාරුවෙමින් අපාදුක් විඳි ඔවුන්ගෙන් ඒඩිත් දරුවන් දෙන්නාගේ මව සාගින්නේන් මිය ගියාය ඒ ඇය කන්නට ලැබෙන ඉතා කුඩා පාන් කෑල්ල පවා දරුවන් වෙනුවෙන් සැඟවූ නිසාය. මාර්ගොට් සහ ඈන් අමානුශික වඳ විඳ ටයිපොයිඩ් උනේන් සදහටම මෙලොවින් බෙර්හන් -බෙල්සන් ( Bergen-Belsen)වදකාගාරයේදී. සමුගත්හ. පසුකාලීනව වදකාගාරවල දුක් විඳ නිදහස ලැබූ ඔවුනගේ සමහර යහළු යෙහෙළියන් ඔවුන් පිලිබඳ තතු ඕලංද ජාතික මිතුරන්ට පැවසූ බව පොත් පත් වල සඳහන්.
ෆ්‍රැන්ක් පවුල අත අඩංගුවට ගැනීමෙන් පසු ඔවුනට අතහිත දුන් සෑම දෙනෙක්ම ප්‍රශ්න කරනු ලැබූ අතර සමහරු හිරබත් පවා කෑහ. සැඟ වුනු නිවසේ තිබුණු ඈන්ගේ දින පොත සහ පිංතූර හිතවතුන් අරන් තැබූහ. මේම වදකාගාරයෙන් දිවි ගලවාගත්තේ ඔට්ටෝ පමනි. 1945 අප්‍රියෙල් මස 15 දින බ්‍රිතාන්‍ය හමුදාව කඳවුරු නිදහස් කලද දස දහස් ගණින් යුදෙව් ජාතිකයින් මරු මුවට පත් වී හමාරය.1947 දී ඈන්ගේ දිනපොත ඕලංද භාෂාවෙන් පලමු වරට මුද්‍රනය වුනු අතර 1952 දී ඉංග්‍රීසි බසින් පලවිය. ඒය භාෂා විශාල ගනණකට පරිවර්තනය විය.1960 මැයි 03 දින සැඟවුනු නිවස කෞතුගාරයක් ලෙසින් ජනතාවට විවෘත කරන්නට දිවි ගලවාගත් පියා මුල් විය.

 කටුක දුක් විඳි ඒ අසරණ ජිවිත වලට සංසාරයේ කිසිම දිනක මෙවන් විපතක් නොවේවා යයි පතමින් අප ඈන් ෆ්‍රෑන්ක් කෞතුකාගරයටත් සොහොන් බිමටත් සමුදුන්නෙමු.

පිංතුර සහ විස්තරය සූරී සතුය ඈන් පිලිබඳ තතු ෆ්‍රෑන්ක් පදනම සතුය!


 සූරී - නෙදර්ලන්තය

Friday, September 22, 2017

කටුගසා මැරීම



මියවුන් ඇදහීමේ කලාව  අප්‍රිකාණු සංස්කෘතිය තුල පවතින්නකි. අදටත් ඒ සම්බන්ධව මිනිසුන් තුල පවතින්නේ භීතියක් බව යස්  පවසයි. මෙය වොදුන් යනුවෙන් ව්‍යවහාරයේ පවතින අතර එහි තේරුම ආත්මය යන්නයි. සියවස්  ගණනකට පෙර මෙය ඒව නම් වූ ගෝත්‍රික ජනයාගේ ආගම වී තිබු  අතර  එයින් අදහස් වුයේ විශ්වය ඇදහීම බව බව යස් පවසයි  මෙය වුඩු , වොයිඩු ,වොදුන්   නමින්ද බස් වහරේ ඇත. මෙය වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ බටහිර අප්‍රිකාණු ජනතාව අතරය, ටෝගෝ, නයිජීරියා ,ගානා වැනි රටවල අදටත් මේ වුඩු ක්‍රම යොදා ගනිති. මොවුන්ගේ මෙම ආත්ම ඇදහිල්ල රතු ඉන්දියානුවන්ට වඩා බොහෝ සෙයින් වෙනස් බව යස් පැවසිය.



මිනිසෙකු ඇති කිරීමටත් නැති කිරීමටත් මෙම වූඩු වලට හැකියාව ඇති අතර  . මෙහි ප්‍රධාන භූමිකාව දරන්නේ මිණි අළු පිරවූ බෝනික්කෙකි මෙය ගෝනි රෙද්දෙන් මසා ඇති අතර මිනිස් සිරුරක ඇති සියලුම අවයව තිත් වලින් මෙම බෝනික්කාගේ සිරුරේ ඇඳ ඇත. විනාශ කිරීම හෝ ඇති කිරීම වෙන්නේ මතුරන මන්තරය සහ කටු ගසන ආකාරය  අනුව බව යස් පවසයි. මෙම ක්‍රියාවන් වලට නයින් වඳුරන් සහ කුකුලුන්ගේ ලේ පාවිච්චි කරන බවත්, මෙම කටු ගසනා  ආකාරයත් මන්තරයත් අනුව කෙනෙකුට සෙත සලසන්නත් වින කරන්නත් පුළුවන් වුනු නමුදු වින කිරීම පමණක් ඇති සීග්‍රයෙන් දියුණු බව පරීක්ෂණ වලින් හෙළිදරව් වී ඇති බව  යස් පවසයි.


මම අප්‍රිකාණු සංචාරයේදී මිනිසුන් කෙතරම් තව මිනිසුන්ට වින කටිනවද කියන එක අත්වින්දා. කෙනෙකුට උදවු කිරීම වෙනුවට බෝනික්කන්ට කටු ගසා මිනිසුන් ලෙඩ කරන අයුරු මම මගේ ඇස් වලින්ම දැක්කා. එවන් කුර්රු දෙවල් වලට ලැදී මියගිය ආත්ම අනන්තයි අප්‍රමාණයි. එයින් ඔවුනගේ යක්ෂ බලය තව තව වර්ධනය වෙනවා. එයට ඔවුන් ඉතාමත්ම ලැදියි. ශාන්තියට ගන්නාවූ මන්තරය ජප කරමින් සුනියම් බෝනික්කාට කටුගසද්දී   මාරාන්තික අසනීප වී සිටින අයවලුන්ට සෙත සලසන්නට පුළුවන්.  අප්‍රිකාණු රටවල දුක් විඳින ආත්ම අනන්තයි අප්‍රමාණයි. මියගිය පමණින් මීළඟ අත්මය කරා යන්න කිසිම ප්‍රානියෙකුට බෑ ,  අප්‍රමාණ දුකක් මේ ආත්ම විඳිනවා මීළඟ ආත්මය ට යනතුරු .

 
මගේ පර්යේෂණය සිදුවුණේ කුවෙකු නම් වූ පවුලත් සමඟ , කුවෙකු මෙම වූඩු සම්බන්ධව ඇති දක්ෂයෙක් , ඔහු කරන්නේ ඔහුට ලැබෙන කොන්තරාත්තු. අප්‍රිකාණු අදහසට අනුව මෙම වූඩු ලොක්කා කරන්නේ ඔහුට ලැබෙන අණයි. මේවා හොඳට දැනමුතුකම් ඇතුව කොරන්න ඕනේ දේවල් නැත්නම් මන් කපෝතියි කුවෙකු දත් විලිස්සමින් කියූ බව යස් කියයි. පරම්පරාවෙන් එන වූඩු ක්‍රම ඔස්සේ මෙම කුවෙකු මුළු ජිවිත කාලය පුරාවටම බෝනික්කන්ට ඇන ගසමින් සිටි. සුව වුවද කෙල වුවද ඔහු කරන්නේ අණ පිලිපැදීමය. එම නිසාවෙන් කුවෙකු එහි වරදක් නොදකී.
රතු ඉංදියානු  ක්‍රමය තුලත් අප්‍රිකානු ක්‍රමය තුලත් වෙනස නම් රතු ඉන්දියානුවන් සෙතට ලැදී අයවලුන් වන අතර අප්‍රිකාණුවන් කුරිරු කමට ලැදි වීමයි. භුතයින්ද එසේය. ඔවුන්ද බිලි වලට ගිජුය ,

අපිට විශ්වාශ කල නොහැකි අද්භූත ලොවක් භූත ලෝකය යස් පවසයි.

පින්තුර  සහ කතාව යස්  සතුය!

සූරී -නෙදර්ලන්තය 


Tuesday, July 18, 2017

උපරිම සමලිංගික තෘප්තියෙන් මානසික සිර ගෙදරට!



මම යස් ගේ කතාව පරිවර්තනය කරමින් සිටිද්දී නෙදර්ලන්ත  අපරාධ හා විමර්ශන මාධ්‍යවේදිනියක වූ රෝසැන් බෙර්හ්කම්ප්  Rosanne Bergkamp මහත්මියගෙන් ලද දුරකථන ඇමතුමකින් අසා සිටි ප්‍රශ්නයෙන් මම තුෂ්නිම්භූත වුනෙමි.ඇයගේ ප්‍රශ්නය වුණේ " සූරී ඔබට තවමත් සිංහල  බස පරිහරණය පුළුවන්ද යන්න "

සති දෙකට රටින් පිටවන අයට  කොස්ස ඉදල අමතක වී කෙස් තියෙන පොල්ල   කොස්සටද  Stick with hair, ඉරටු තියෙන කොස්ස  යනුවෙන් ඉදලටද Broom with sticks භාවිතා  කරන   බහුතරයක්  මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙමි කියා ගනිමින් ජාතික කොඩිය පෙරවාගන්නා පිරිසක්  ජිවත් වන රටක ඉපිද එංගලන්තය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව , ජපානය වැනි විවිධ රටවල අධ්‍යාපනය හදාරා , ලොව කොතෙකුත් රටවල සේවය කර නෙදර්ලන්තයේ අවුරුදු 20 කට වැඩි කලක් ජීවත්වූ මට අදටත් කොස්ස කොස්සමය ඉදල ඉදලමය , ඒ ගැන මම නිහතමානිව ආඩම්බර වෙමි ඒ වගේම මගේ දෙමවුපියන්ට කෘතගුණ වෙමි. 
ඒ රැවුල කැපුවත් නැතත් අන්දිරිස් අන්දිරිස්ම  බව වටහා දුන්නාටය.

රෝසැන් පර්යේෂණාත්මක ග්‍රන්ථයකට කරුණු එක් රැස් කරමින් සිටී , එහි එන එක ප්‍රධාන මාතෘකාවක චරිතාපධානය සිංහල ධනවත් උඩරට කොල්ලෙකි. ඔහු ජිවත් වන්නේ දැන් මානසිකරෝගී සිරගේදරය. ඔහුගේ කතාව නෙදර්ලන්ත බසට පරිවර්තනය කර පැවසීමට හැකිද යන්න ඇයගේ පැනයයි, තරමක් භාරදුර වුවද කම්පිත වුවද කුතුහලය මාව තල්ලු කාලෙන් මම ඇය සමඟ මානසිකරෝගී සිරගෙදර බලා  2017 ජුලි මස 17 සඳුදා පෙරවරු 08 ගියෙමි.

අපට පැය හතරක කාලයක් ලැබිණි අප ඉදිරියේ අසුන්ගෙන සිටි ඒ තරුණයා මම අශෝක යනුවෙන් හඳුන්වමි, ඔහු කඩවසම් ය පැහැපත්ය මානසිකරෝගියෙක් යයි සිතීමට නොහැකිය.වසර 23 ක් තිස්සේ ඔහු මේ සිරගෙදර නේවාසිකයෙකි. ඔහුගේ ඒ පිම්ම ගැන ඔහු අපට පැවසු ඒ කතාවයි මේ.

මම ඉපදුනේ 1970 වසරේ, මහනුවර රජවිදිය පදිංචිය, මගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් අපිට අලිත් හිටියා, මම උසස්පෙළ කලේ ත්‍රිත්ව විදුහලින්, මම ඉහලින්ම සමත් උණා ඔය කාලයේදී මම තමා මට යුනෙස්කෝ පදනිමින් ශිෂ්‍යත්වයක් ලැබුනේ එක්සත් රාජධානියේ විශ්වව්දුහලක ඉගෙන ගන්න. මම ලංකාවෙන් පිටත් උණා මම නැවතුණේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ , එහි විවිධාකාර අය  හිටියා විවිධ ජාතීන්වල. මම බොහොම උනන්දුවෙන් ඉගෙණ ගත්තා. තුන්වෙනි වසරේදී අපේ මුළු බැජ් එකම නෙදර්ලන්තෙට ට්‍රිප් එකක් ගියා ඇම්ස්ටර්ඩෑම් වලට. එහිදී අපි බොහොම විනෝද උණා බොහොම නිදහස් රටක්. ඒ වගේම මම ජීවිතයේදී පළමු වරට ලිංගික පහස අත්වින්දේ  ඒ ගමනේදී. ඒ නිදහසට මම ලොල් වුණා ඒ පහසට මම කෑදර වුණා . නිතර නිතර මම මගේ මිතුරන් සමඟ නෙදරලන්තෙට අවා ගියා. රාත්‍රී ජීවිතය අපට දෛනික දෙයක් වුනා. අපි කොල්ලෝ 2ක් සහ කෙල්ලෝ 2 ඔය කල්ලියේ හිටියා. අපි කෙල්ලෝ එක්ක විතරක් නෙමෙයි කොල්ලෝ එක්කත් පහස අත්  වින්දා, ටිකින් ටික අපි සේරම මත්පැන් වලට තව උත්තේජක වලටත් ලොල් වුණා. අපි කා එක්ක කායිකව එක්වෙනවද කාගේ   සිරුරු මිරිකනවද  කියල අපි කාටවත් නිනව්වක් තිබ්බේ නෑ. ඒ තරමට අසිහියෙන්  අපි පිස්සු නැටුවේ.  අශෝක වේදනාත්මක හඬින් කියවාගෙන ගියා.

මානසිකසිර කඳවුර ඇම්ස්ටර්ඩැම්
 නමුත් මම මගේ අධ්‍යාපනය කඩා ගත්තේ නෑ මම උපාධිය ලබාගත්තා නමුත් මගේ ජිවිතයට කණකොකා හැඬුවේ උපාධියෙන් පසු අවසාන වතාවට ජොලි කරන්න නෙදර්ලන්තෙට ආපු ගමනේදී. මගේ කල්ලිය තවත් කල්ලියක් සමඟ සමලිංගික පාරාදීසය නම් නැවකට ගියා. අපිව මත්       වෙන්න වැඩි වෙලා ගියේ නෑ. පාට පාට ලෝක වල හීන දකිමින් අපි උපරිම පහසක් ලැබුවා. විවිධාකාර පෙති වල උත්තේජනයෙන් එම නැව ඇතුලත සියල්ලෝම තනිකරම හිටියේ සිහි විකාරෙන්.මට මතක මාව වැටෙන්න යනවා විතරයි ඊට පස්සේ මම හිටියේ පොලිස් කුඩුවක් ඇතුලේ. නෙදර්ලන්ත පොලිසිය විවිධ විදිහට මගෙන් ප්‍රශ්න කළා නමුත් මට ඇත්තටම මතක නැහැ මොකද වුනේ කියලා. පොලිසියේ කියන විදිහට එම නැවේ තරුණ යුවතියක් මරණයට පත් වෙලා. එහෙම වෙලා තියෙන්නේ කැඩුණු විදුරු බෝතලයක් බෙල්ලට වැදීමෙන්. ඒ බෝතලේ මගේ ඇඟිලි සලකුණු තිබිලා තියෙනවා. අදටත් මොකද වුනේ කියා මම අදටත්  දන්නේ නැ. කඳුළින් තෙත් වුණු ඒ හැඟීම්බර මුහුණ සිත දවාලන සුළුය.
උසාවියෙන් මාව මෙහාට නිර්දේශ වුණා , මම මේ ගෙවන්නේ 23 වසර මෙහි.. ශිෂ්‍යත්වයක් ලබා එංගලන්තයටද එහින් මානසික සිරගෙදරට යැවුණු අශෝකගේ කතාව ඔහු දන්නා තරමින් එපමණ වුවද,

මෙම මානසික සිරකඳවුරේ ප්‍රධාන ජේලර් වරයා  වුනු ජෝන් මහතා අපට පැවසූ කතාවයි මේ.

මම මෙතන සේවය කරන්නේ දැන් වසර 40 ක ඉඳලා. මෙතන ඉන්න සියලුම දෙනා අතරින් මේ දරුවා විශේෂයි ජෝන් මහතා පැවසිය. ඇත්තටම මේ දරුවා දක්ෂ දරුවෙක් ගෞරව උපාධියක් තියෙන්නේ එකත් ලබාගෙන තියෙන්නේ 1948 දුවෙක් ගණිතය විෂයට තියපු වාර්තාවකුත් බිඳ දාලා. මෙයාලව  අත් අඩංගුවට ගනිද්දී මෙයාට සිහිය ණෑ ඉස්පිරිතාලේ දවස් දෙකක් ඉඳලා තමා සිහිය අවේ. එකත් මතකය අහිමි වීමක් සමඟ. ඔහුට නිනව්වක් තිබ්බේ නැ කරන්නේ මොනවද කිසිම දෙයක් ගැන, කතාකලාට උත්තර දෙන්නෙත් නෑ ,   හරිම කණගාටුයි ඒ දරුවට වෙච්ච දේ නම්. නමුත් තමන් වැරදිද නිවැරදිද කියන්න තරම් වත් සිහියක් නැතිකොට පරීක්ෂක වරු කියලා මොනවා කරන්නද. ඒ නැව ඇතුලත වුන දේ දන්නේ ඒ නැව  ඇතලත හිටපු අය විතරයි ඒ කිසිම කෙනෙකුට සිහි තිබිලා  නෑ පොලිස් පරීක්ෂණ වලට අනුව.
රෝසැන් ගේ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ජෝන් මහතා කියා සිටියේ එහි සිටින සියලුම දෙනා අත්අඩංගුවට ගත් අතර, අනිත් අය  සමඟ මෙම මිය ගිය නෙදර්ලන්ත ජාතික යුවතිය සමඟ කායික සම්බන්දතා නොතිබි ඇති අතර අශෝකගේ දහඩිය ඇයගේ සිරුරේ තිබී ඇත  , බෙල්ල කැපුණු වීදුරුවේ අශෝකගේ ඇඟිලි සළකුණු තිබුණු නිසාවෙන් ඔහුව සිරභාරයට ගෙන ඇත. ඒ මිනි මැරීමේ චෝදනාවටය. නමුත් සිහි කල්පනාව නොමැති, වුනේ කුමක්ද යන්න නොදන්නා තරුණයෙකු අපරාධ සිරිභාරයට යවන්නේ නැත. එහෙයින් අශෝකව මානසික සිර කඳවුර වෙත යොමු කෙරුණු අතර එහිදී ඔහුව පුරරුත්තාපනය කෙරිණි. නමුත් ඔහුගේ දඬුවම් කාලය ජීවිතාන්තය දක්වාය. කණගාටුව එයයි. 


සිරකඳවුර ඇතුලත
මීළඟට රෝසැන් සමඟ කතාවට වැටුනේ අශෝකගේ මානසික වෛද්‍යවරයා වුනු අගාත් මහත්මියය. අයගේ වචනයෙන් අශෝක නරක පුද්ගලයෙකු නොවේ. මෙම අවුරුදු 23 පුරාවට වහු ඉතාම හොඳ චරිතයක් ඇතිව ජිවත් වෙනවා. ඒ වගේම චිත්‍ර අඳිනවා බොහොම හොඳට. හොඳ ප්‍රඥාවක් තියෙන දරුවෙක්. නමුත් ඔය උත්තේජක මත්ද්‍රව්‍ය වලට නොයෙක් විනාශ කරන්නට පුළුවන්. එකේ පලවිපාක තමා අශෝක අද විඳින්නේ. එදා වුනේ මොකද්ද කියාගන්න පුළුවන් කම තිබුණා නම් මෙපමණ කලක් මෙහෙ ඉන්නේ  නෑ . ඇය කියුවෙ හැඟීම්බරවය.

මීළඟට රොසෑන් දුරකථන ඇමතුමක් ගත්තේ ලංකාවේ දෙමාපියන්ටය , අශෝකගේ අම්මගෙන් නම් අම්මෝ මෝ ඇතිව මට අහගන්නට පුළුවන් විණි. මම ඒ අසික්කිත වචන මෙහි නොලියමි. නමුත් අන්තර්ගතය ලියමි. ඇයගේ  වචනයෙන් නෙදර්ලන්ත ජාතිකයෝ බල්ලොය ඔවුන් තම දරුවාට මත්ද්‍රව්‍ය පොවා විනාශ කොට ඇත ඊළඟට මිනිමරුවෙක් ලෙස හංවඩු ගසා සිරිගෙදරට යවා ඇත. ලංකාවට එව්වා නම් ඊට වඩා හොඳය.  ලංකාවට එව්වා නම් වැලිකඩ හිරකාරයින්ට ඔහේගේ පුතාගේ පස්ස පැත්ත රස බොජුනක් වෙන්නට තිබුනා යනුවෙන්  මට ඇයට කියන්නට තරම් සිතුනද කට වසාගෙන මම කරන්නට අදාළ වූ දේ කලෙමි. පියා තරමක් අවබෝධයක් තිබු අතර ඔහු කියුවේ අපි එතන හිටියේ නෑ වුනේ මොකද්ද කියන්න අපි දන්නේ නෑ. අදටත් නෙදර්ලන්ත රජයෙන් එංගලන්තය හරහා එවපු ලිපියක් අපේ ගෙදර තිබෙනවා  එකේ මොනවා තියෙනවද කියන්න අපි දන්නේ නෑ. අපි ජිවතුන් අතර නැති වෙයි එයා නිදහස් වෙද්දී. හිටියෙත් එකයි එකාත් යාකාය කියන්නේ ඕකටයි දුව තාත්තා කියුවේ කල කිරුණු හඬින්.

වුනේ මොකද්ද කලේ කවුරුද දැන් වැඩක් නැත තරුණ ජිවිතයක් අවසාන වී හමාරය. එදා ඒ මොහොතේ සිදුවුනේ කුමද යන්න දන්නේ මියගිය 17 හැවිරිදි දැරිය පමණි. වෙන කෙනෙකු කල දේට අශෝක පිටින් ගියාද යන්න කියන්න දන්නේද නැත. හරකෙක් වුවද හරකෙක් විදිහට හැසිරෙන්න එපා ගොනෝ කියා මගේ ආච්චි අම්මා මොරගාණු මට අදටත් මතකය එහි තේරුමක් ඇති බව මට අද  සිතේ. අද අශෝක වයස අවුරුදු 47මුහුකුරා ගිය කෙනෙකි   , පසු ගිය වසර 23 ගැන සිතෙන්නේ කුමක්ද යන්නට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය. වැරැද්ද මගේ ගත්ත උපාධිය අරගෙන ලංකාවට ගියා නම් මට මෙහෙම වෙන්නේ නෑ. අද මම වයසින් පරිනතයි මම මෙහෙදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එදා මොකද්ද වුනේ කියන්න මම අදටත් නොදන්නා නමුත් තාවකාලික සුවය පතා කරපු දේවල් වලින් අමාරුවේ වැටුනේ මමමයි, මේ වියපත් වයසේදී අප සිතන්නට කටයුතු කරන්නට ඕනේ අපේ ලින්ගේන්ද්රියන්ගෙන් නොව මොලයෙන් බව මට වැටහී හමාරයි නමුත් මම ප්‍රමාදයි. ඔහුගේ එකම ප්‍රාර්ථනය එකම වරක් වත් දෙමාපියන් දැකගනිමය. මොන වරද කලද තම දරුවා දරුවාමය දෙමාපියන්ටද එසේම වනු ඇත.

මෙවන් සිදුවීම් වලට මාවද ඔබද ගොදුරු විය හැක, ඇටයෙන් නොව මොලයෙන් සිතුවද වරදින වේලාවන් ඇත යතාර්ථය එයයි. සිහි නොමැති කමින් වෙන කෙනෙකුන් කර වරදකට ඔහු සිරබත් කනවා වෙන්නද පුළුවන, එදා යුවතියකගේ දිවි තොර කලකල පුද්ගලයා අදටත් දිවි තොර කරමින් නිදැල්ලේ හැසිරෙනවා වෙන්නටද පුළුවන

මින් පසු රෝසැන්ගේ සංවාදය වුයේ මිට වසර 24 පෙර අශෝක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරිය සමඟ ය , මගේ තිබුණු කේසස් වලින් ඉතාමත්ම අපහසු කෙස් එකක් තමා ඔය.මට ඒ දරුවාව නිර්දෝෂී කරන්න මොනම සාධකයක් වත් තිබුනේ නෑ. ෆොරෙන්සික්ස් විස්තර අනුව තිබුණු සාධක සමඟ තර්ක විතර්ක කරන්න මට ප්‍රබල සාක්ෂි ඕනේ එහෙම නැතිව කෙනෙක් නිර්දෝෂී බව ඔප්පු කරන්න බෑ. ඔහුට තිබෙන  මානසික තත්වය ඉදිරිපත් කොට මානසික ආයතනයකට අනුයුක්ත කිරීම ඇර මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැ ඒ නීතිඥ මහත්මියගේ කතාවය.

කවුරු මොන අයුරින් අර්ථකතන දුන්නද රෝසැන් ගේ හැඟීම වුනේ මෙම කතාවේ යම් අඩුවක් ඇති බවයි. අපරාධ හා විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රබල මාධ්‍ය වරියක් වන ඇය කියුවෙ ඉතාමත්ම තීව්ර හඬකිනි.එමෙන්ම ඇය පවසා සිටියේ බොහොමයක් පිටරට දරුවන් මෙවන් ව්‍යසන වලට ගොදුරු වන බවය. අශෝක සමඟ සිටි අනිත් දරුවන් 3 දෙනාද විජාතික දරුවන්ය පිලිපීන ජාතික , ඉන්දියානු සහ අප්‍රිකානු ය. ඔවුන් තිදෙනාම අද ජිවතුන් අතර නැත. කෙල්ලන් දෙදෙනා මත්ද්‍රව්‍ය වැඩි වී පසු වසර  වලදී මිය ගොස්ය, කල්ලා සියදිවි හානිකරගෙනය.  රෝසැන්  කියන අන්දමට මොවුන් සියලුම දෙනා යුනෙස්කෝ ශිෂ්‍ය ආධාර ලබා පැමිණි අය වෙති. 

පහත් දේට බහුතරයක් දෙනා ප්‍රියය සමහර විට ධර්මයේ පිරිහීම විය හැක නොඑසේ නම් තමා සතු පදත්තර ජාන විය හැක එය අද හොඳටම විදහා දක්වන්නේ අපේ සෝෂල් මීඩියා බාප්පාය. බුදු සරණයි උඹට පුතේ කියන දේ නොපෙනෙන අය්යලාට අක්කලාට අන්ටිලාට මාමලාට සියලාට මම අරුගේ පුකේ ඇරියා කියන එක හොඳට පෙනේ එයට  ලයික්ස් ලක්ෂ ගණනින්ය ශේයාර්ද උතුරති, පින්තුරයටද එසේමය සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් , ගුණවත් සත්කාරයක් කිසි කෙනෙකුට නොපෙනේ, ගෙදර තමන්ගේ ගෑනිගේ බඩේ අමාරුව ගැන නොදන්නා බෝමයක් පිරිමි හොලිවුඩ් නිළියන්ගේ තං දෙකේ සයිස් එක පවා දනිති. රට  ජාතිය ජම්මය පාට මොක වුවද තත්වය එදත් අදත් එසේමය. පඩත්තරයෝ එදත් සිටියහ අදත් ඇත නමුත් අද වෙනස රෑ ගිය පඩය ගැන  උදේ වෙද්දී හොට්ලයින් පිට ඔන්ලයින් තිබීමය. වසර 23 කට එපිට අතීතය යුරෝපයේද වෙනස්ය , අද මෙන් චෙකින් ඉන්ස් නොමැත ,, මම දැන් ජංගිය ගලවමින් ඉන්නේ යන ස්ටේටස් අප්ඩේට්ස් නොමැත. සියල්ලම සතියකට හෝ දවසකට සැරයක් පලවන පුවත් පතින් විස්තර එද්දී ගලවපු ජංගිය හෝදලා වෙලිලාද හමාරය.වෙනස එයයි.

අශෝක ගැන මට ඇත්තේ හද කම්පා කල කනගටුවක්ද යන්න මට නොතේරේ නමුත් මගේ සේවා කාලය තුල මා දුටු දේවල් තුලින් අශෝක වැන්නවුන් මම අනන්තවත් දැක ඇත. මම මේ ලිපිය ලියන මොහොතේද තවත් අශෝක කෙනෙකුන් කොහේ හෝ බිහිවනු ඇත සත්‍ය එයයි.



රෝසැන්
මෙවන් සිදුවීම්  වලට මම දොස් කියන්නේ මුළු මහත්  ලංකික ජාතිය සතු ක්‍රම පිලිවෙතටය , ලිංගිකත්වය කුමක්ද යන්න දරුවන්ට කියා දෙන්නේ නම් මෙවන් අසහන වලට සහ  අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් වලට දරුවන් පෙළඹෙන්නේ නැත යනු මගේ හැඟීමය.  එදා මට වයස අවුරුදු 14 දී සම්මාන දිනු සාහිත්‍ය කෘතියක් ඇසුරින් නිර්මාණය වුනු මෝන්ත ක්‍රිස්ටෝ  සිටුවරයා රුපවාහිනියේ දිග හැරෙද්දී හාපෝ ජරාව අර අර මිනිහා අර ගැනිව බදගෙන ඊයා කියමින් මගේ පුංචි අම්මා රුපවාහිනිය වසා  දමා ට්‍රිප් එකත් විසන්ධි කල අයුරු අදටත් මගේ මතකයේ ඇත. කාලය ඉදිරියට ගියද අපේ කස්ටිය හැමෝටම ඇඟිල්ල දික් කරමින් තවමත් එතැනමය. රටේ වැරැද්දට අඩු පාඩුවට  බනිනේ සුද්දාටය. සුද්දා ලංකාව හැර එංගලන්තය බලා ගියේ 1948 දිය.
පාට වෙනස් කරමින් බුදින හරක් සෙට් එක එලවා දමා අලුත්ම වෙනසකට කාලය ද මේ එය පිලිබඳ තර්ක විතර්ක මම ඔබට භාර කරමි.

 ලොව වටා  සිටින සලෙළුන් පුරවාගත් ලිතුවේනියානු ලිංගික පාරාදීසය sex paradise  නම් වූ නෞකාවට නෙදර්ලන්තයහි දොරවල් 1980 දී වැසිණි. 

යුරෝපා ප්‍රජාවේ පුද්ගලිකත්වය  පනත යටතේ   මෙම විස්තරය සත්‍ය විස්තරයක්  ඇසුරින් නිමවන නිසාවෙන් අශෝක යන මනංකල්පිත නාමය යොදා ගත් බව සලකන්න.

සිරගෙදර පින්තුර සිරගෙදර භාරකාර මණ්ඩලය සතුය!
රෝසැන් ගේ පින්තුරය මා සතුය!

සූරී නෙදර්ලන්තය