Saturday, November 25, 2017

ඈන් ෆ්‍රෑන්ක් නම් වූ සුන්දර යුවතිය අසුන්දර අයුරින් දිවංගත කල ඒ අසුන්දර භුමිය තුල වරුවක්!



ජර්මනියේ බෙරගන් බෙල්සන් Bergen Belsen නම් වූ ගම්මානයේ තවමත් ඒ අසුන්දර අතීතය තවමත් දෝංකාර දෙන බව ඒ අසල වෙසෙන  අය දන්නා කරුණකි.අදටත් මෙම ගම්මානය සිසාරා කෙඳිරි ගෑම් අඬා වැටීම් ඇසෙන බව ඒ අසලම වෙසෙන කෙනෙක් අපට පැවසීය.  දස දහසක් බුරුතු පිටින් පොලවට යට කල ඒ මරුමුසු සොහොන් බිම තුළ ගැහෙන හදින් අප ඇවිද ගියෙමු. 

කෞතුකාගාරය ඇතුල්වන ස්ථානය

දරුවන් විසින් ලියන ලද දිනපොත්

දරුවන් විසින් ලියන ලද දිනපොත්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

එහි ඇති කෞතුකාගාරයේ මෙම ජිවිත පිලිබඳ මනා අවබෝධයක් ලබාදෙයි. ඇඟ කිලිපොලා යන රුප රාමු ප්‍රදර්ශනය කරයි. එවකට හමුදා සේවයේ යෙදුනු නිලදරුවන්ගේ චිත්‍රපට කැමරා වලින් ගනු ලැබූ අමානුෂික ආපරාධ අමු අමුවේ එම අයුරින්ම දකින්නට සලස්වයි. නමුත් අපට එවන් දර්ශන නැවත ෆිල්ම් කර බෙදා හරින්නට තහනම්ය හේතුව එම අසරණ ජිවිත වලට කරන උත්තමාචාරයක් වශයෙනි. නමුදු යුරෝපා පාලන මණ්ඩලය මෙම නීති සම්ප්‍රදාය වෙනස් කිරීමට කටයුතු සලසමින් සිටි එයට හේතුව නම් විවිධාකාර සත්‍ය නොවන විස්තර ප්‍රසිද්ධ කිරීමයි. ඒ සම්බන්ධව අප හා අදහස් පැවසුවේ  යුදෙවු පදනමේ නිලදරුවෙකි.

මිය ගිය සියලුම දෙනා වෙනුවෙන් ගොඩ නැගූ ස්මාරකය
 
මෙහි මියගිය සියලුදෙනා වෙනුවෙන්
 
සමුහ මිනී වලවල්


සමුහ මිනී වලවල්

සමුහ මිනී වලවල්

ඈන් ප්‍රෑන්ක් නම් වූ ඒ සුන්දර යුවතියගේ ජීවිතය සම්බන්ද ජිවිත කතාව මිට පෙර මම ලියුවද මගේ චාරිකාවට එය මහත් සේ ගැලපෙන නිසාවෙන් මම එම විස්තරයත් මෙම ලිපියටම අමුනන්නට සිතුවෙමි.
1929 ජූනි මස 12 දින යුදෙව් ජාතික ඔට්ටෝ හෙන්රිච් ෆ්‍රැන්ක් සහ ඒඩිත් හොලාන්ඩර් ෆ්‍රැන්ක් ට දාව ඇනලීස් මරී ෆ්‍රැන්ක් ජර්මනියේ මයින්ගාවු රතු කුරුස රෝහලේදී උපත ලැබීය. ඇයට වැඩිමහල් සහොදරියක් සිටි අතර ඇය නමින් මර්ගොට් බෙටී ෆ්‍රැන්ක් 1926 පෙබරවාරි මස 16 දින උපත ලද්දියකි.
1933 කුරිරුකමේ අධිපති අමානුෂිකවාදයේ පියා ඇඩොල්ෆ් හිට්ලර් ගේ දේශපාලන පක්ෂය වූ ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය ජන්දය ඉහලින්ම දින්නේ දෙවන ලෝක සමයේ මුළු යුරෝපයටම කණකොකා හඬවමිනි. මේ ජයග්‍රහනය වඳුරන්ට දැලි පිහි දීමක් වැන්නක් වූයේ ඒක ජනතාවක් එක රාජ්‍යක් ඒක නායකයෙක් යන උඩෘත පාඨය කොටගත් ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය ඒකාධිපති පාළනය කරා ඉදිරියට යෑමයි.

ඈන් සහ ඇගේ සොයුරිය සදාකාලික නින්දේ

මෙයින් තැතිගත් ඒඩිත් දරුවන් දෙන්නාද රැගෙන ඇගේ මව රෝසා සමඟ වාසයට ආචන් නඟරය බලා ගිය අතර කුඩා පහේ කුඩු ව්‍යාපාරයක අයිති කරුවෙකු වූ ඔට්ටෝ පමනක් ෆ්‍රරැන්ක්ෆුර්ට් නඟරයේ නැවතිනි. නමුත් පසුකාලීනව නෙදර්ලන්තයේ තම ව්‍යාපාරයක් පටන් ගැණීමට ලද ආරාධනාවක් ඔස්සේ මෙම යුදේව් ජාතික පවුල නෙදර්ලන්තයේ වාසයට පැමිණියහ. ඔට්ටෝ ඔපෙක්ටා සමාගම පටන් ගත් අතර නිවසක් මෙර්වේද චතුරශ්‍රයේන් මිලට ගැණුනි.. 1933-1939 අතර කාලය තුල 3000 000 පමණ යුදෙව් ජාතිකයින් නෙදර්ලන්තයට සංක්‍රමණය විය.






ඈන් සහ සොයුරිය සිටි කඳවුර තිබු ස්ථානය

ඈන් සහ සොයුරිය සිටි කඳවුර තිබු ස්ථානය

නෙදර්ලන්තයට පැම්ණි පසු මර්ගොට් රජයේ පාසලටද ඈන් පෞද්ගලික පාසලකටද යාමට පටන් ගත් අතර මාර්ගොට් ගණිතයට දක්ෂ වූ අතර ඈන් භෂාවට සහ ලිවීමට දක්ෂ කම් දක්වන්නට විය. පසු කාලීනව ඈන් ගේ මිතුරියක වුනු හනෙලි ගොස්ලාර් මතකය අවදි කරමින් කියා සිටියේ ඈන් නිතරම ලියන බවය නමුත් ලියන්නේ මොනවාද යන්න සාකච්ඡා කරන්නට අකමැති වූ වගයි. 1938 දී ඔට්ටෝ දෙවන සමාගම ආරම්භ කරන ලද අතර 1939දී ඒඩිත් ගේ මව වූද ඈන්ගේ ආච්චි අම්මා වූ රෝසා ඒඩිත් සහ පවුල සමග ජීවත් වීමට පැමිනි අතර 1942 මිය යනතුරුම ජීවත් විය.
පාපතර නාසි 1940 දී නෙදර්ලන්තය යටත් කර ගත් අතර ෆ්‍රැන්ක් පවුලට කණකොකා හැඬවිනි. යුදෙව් ජාතික පවුල් බුරුතු පිටින් කුදලාගෙන යනු ලැබීය.


ඈන් පිලිබඳ තතු දිස්වෙන අයුරු

ඈන් පිලිබඳ තතු දිස්වෙන අයුරු

යුදෙව් ජාතික දරුවන් යුදෙව් පාසල් වලට යැවිය යුතු බව නාසීන් විසින් අණ පැණවූ අතර මාර්ගොට් සහ ඈන්ට සියළුම මිතුරන් අතහැර දමා යුදේව් ලයිසියම් විදුහලට ඇතුලත් වන්නට විය. මේ අතර 1942 ජූනි 12 දින කුඩා දිනපොතක් ඈන්ට පියාගෙන් උපන්දින තෑග්ගක් වශයෙන් හිමිවිය ඒ ඇය කලින් දිනකදී පියාට පෙන්වන ලද්දකි.
හීතියෙන් වෙළුනු මෙම පවුල
ඇමරිකාවට යන්නට තැත් කලද එය කල හැකි නොවුනු තැන ඔට්ටෝ සහ පවුල සැඟවීමට අදහස් කලහ. ඊට පෙරාතුව ඔට්ටෝ ඔහුගේ සියළුම සමාගම් කවදත් ඔහුට හිතවත් සෙවකයෙක්වූ ජොහැන්නස් ක්ලැයින් මහතාට පැවරූ අතර ඔහුගේ සේවාදායකයෝ ඔවුනට උදවු කලහ. රාත්‍රි දෙකක් එක තැන නිදානොගන්න ඔවුහු වග බලා ගත්හ. කුඩා ඈන් ඇතුළු පවුලටම රටක් නැති විය. තම උපන් භූමියෙම අනාගතයෝ විය. සැඟවීමට යන්නට පෙර දිනයේදී ඈන් ඈගේ හිතවතා වූ ටොස්‍ය ට පොතක් තේ කට්ටලයක් මාර්බල් ටින් එකක් සහ ආදරනීය පූසාව පරිස්සම් කර තැබීමට භාර දුන්නාය ඇය පවසා සිටියේ මම අපහු ආවම මට දෙන්න යනුවෙනි.
1942 ජුලි මස 6 දින ස්විට්සර්ලන්තයට යන බව පවසමින් ඔවුන් කුමාර ඇල (Prinsengracht)මාවතේ සැඟවුනු නිවසකට ඔවුන් ජීවත්වීමට ගියහ. ඒය ඔපෙක්ටා සමගම පිටුපසට වෙන්න සැඟවුනු නිවසක් වූ අතර
ඉතාම කිට්ටුවෙන් හිටි අයෙක් පමනක් මෙය දැන සිටි අතර මෙම රහසිගත නිවසේ ඇතුල් වීම පොත් රාක්කයකින් වසා තිබිනි..පිට ලෝකයත් සමඟ සබඳ කම් නොමති වූ අතර ඈන් දිනපොත ලිවීමේ නිරත වුනු අතර දෛනික ජීවිතයේ විඳි දුක් ගැහැට ඇය දිනපොතේ ලිවීමෙන් වේදනාව දියකර හැරියාය. සොයුරිය අන්වර්ථ නාම වලින් ඉගෙනීමේ නිරත වී ඉතා දක්ෂ කම් පෙන්වූ නමුදු මෙම දරුවන් ජීවත් වුනේ කොහිද නෑදෑයන් කවුද කිසිවෙකු නොදැන සිටියහ.
1944 අගෝස්තු 1 දා ඈන් ඇයගේ ඩයරියේ අවසන් වදන් පෙල ලියුවාය.
"
කවදා හෝ මා කතුවරියක වේවිද?" 




ඈන් ගේ දිනපොත

1944
අගෝස්තු මස 4 දින යුදෙව්වන්ගේන්ම කා බී බඩ පුරවාගත් හිතවතෙක්ගේ ඔත්තුවක් අනූව ඈන් සහ ඇගේ පවුල නාසි හමුදාව යටතට පත් විය. සැඟවුනු නිවස නාසි හමුදාව දෙවනත් කලහ, ඈන් සහ පවුලට අත් උදව් දුන් සියළු දෙන සිර භාරයට ගත්හ.
වදකාගාරයෙන් වදකාගරයට මාරුවෙමින් අපාදුක් විඳි ඔවුන්ගෙන් ඒඩිත් දරුවන් දෙන්නාගේ මව සාගින්නේන් මිය ගියාය ඒ ඇය කන්නට ලැබෙන ඉතා කුඩා පාන් කෑල්ල පවා දරුවන් වෙනුවෙන් සැඟවූ නිසාය. මාර්ගොට් සහ ඈන් අමානුශික වඳ විඳ ටයිපොයිඩ් උනේන් සදහටම මෙලොවින් බෙර්හන් -බෙල්සන් ( Bergen-Belsen)වදකාගාරයේදී. සමුගත්හ. පසුකාලීනව වදකාගාරවල දුක් විඳ නිදහස ලැබූ ඔවුනගේ සමහර යහළු යෙහෙළියන් ඔවුන් පිලිබඳ තතු ඕලංද ජාතික මිතුරන්ට පැවසූ බව පොත් පත් වල සඳහන්.
ෆ්‍රැන්ක් පවුල අත අඩංගුවට ගැනීමෙන් පසු ඔවුනට අතහිත දුන් සෑම දෙනෙක්ම ප්‍රශ්න කරනු ලැබූ අතර සමහරු හිරබත් පවා කෑහ. සැඟ වුනු නිවසේ තිබුණු ඈන්ගේ දින පොත සහ පිංතූර හිතවතුන් අරන් තැබූහ. මේම වදකාගාරයෙන් දිවි ගලවාගත්තේ ඔට්ටෝ පමනි. 1945 අප්‍රියෙල් මස 15 දින බ්‍රිතාන්‍ය හමුදාව කඳවුරු නිදහස් කලද දස දහස් ගණින් යුදෙව් ජාතිකයින් මරු මුවට පත් වී හමාරය.1947 දී ඈන්ගේ දිනපොත ඕලංද භාෂාවෙන් පලමු වරට මුද්‍රනය වුනු අතර 1952 දී ඉංග්‍රීසි බසින් පලවිය. ඒය භාෂා විශාල ගනණකට පරිවර්තනය විය.1960 මැයි 03 දින සැඟවුනු නිවස කෞතුගාරයක් ලෙසින් ජනතාවට විවෘත කරන්නට දිවි ගලවාගත් පියා මුල් විය.

 කටුක දුක් විඳි ඒ අසරණ ජිවිත වලට සංසාරයේ කිසිම දිනක මෙවන් විපතක් නොවේවා යයි පතමින් අප ඈන් ෆ්‍රෑන්ක් කෞතුකාගරයටත් සොහොන් බිමටත් සමුදුන්නෙමු.

පිංතුර සහ විස්තරය සූරී සතුය ඈන් පිලිබඳ තතු ෆ්‍රෑන්ක් පදනම සතුය!


 සූරී - නෙදර්ලන්තය

2 comments:

  1. Very good description. Valuable new data and photos are available. Thanks so much. I always use the book written by Anne Frank for my workshops on action research. To guide writing diaries and memoirs we can use this book as a classic example. The recently published action research book in Sinhala (Mama kriyamulika paryesakayek wemi) by North Western Province (Written by me and two others ) too has quoted the book by Anne. All of you can download this book from www.nwpedu.lk. Thanks again.

    ReplyDelete
  2. ඈන්ලාගේ කතාව මතක් වුණත් ඇඟ හිරිවැටෙන, අනේ ඔවුන් ජීවත්වුණානම් කියා හිතෙන ශෝචනීය කතාවක්.. මේවා මේ විදියට ආරක්ෂා කර තිබීම වැදගත්... මෙහි කියා තිබෙන විදියටම ඉතිහාසය විකෘති කර තමන්ට හිතෙන විදියට ලියන අයත් බහුල නිසා වීඩියෝපටත් යම් අයුරකින් ප්‍රසිද්ධ කරන්න හිතන එක හොඳයි

    ReplyDelete