Sunday, September 9, 2018

සමලිංගික විවාහ සහ එතුල හැදෙන දරුවෝ!

කාලේකට පස්සේ ඔන්න මම අයිත් ලියන්න ගත්තා. භාගෙට ලියපු ලිපි එපමණ තිබුනද ඊයේ මම නැරඹි රූපවාහිනී වැඩසටහන නිසා මගේ මනස වෙනතක ගියා කියුවොත් හරි.  කලක සිට මම බුකියේ දකින දෙයක් තමා ලිංගිකත්වය අදාල ලිපි.  කෙනෙකුගේ උපන් මානසික අබලදුබල තත්වයන් නිසවෙන් හෝ  ෆැන්ටසි නම් වූ මානසික තත්වය නිසාවෙන් හෝ සමලිංගික පවුල් යුරෝපයේ වැසි වසින තරමට වර්ධනය වී  ඇති බව නම් කවුරුත් දන්නා රහසකි.



මගේ මාතෘකාව සමලිංගිකත්වය නොව එම පවුල් විසින් හදා වඩා ගන්නට ගන්නා දරුවන් ගැණය. එම දරුවන් තම දෙමාපියන් දකින අයුරුය. ඔවුනගේ හැඟීම්, වයසින් වියපත් වෙද්දී ඔවුනට දෙමාපියන් අප්‍රසන්න වන අයුරුය.

සමලිංගික පවුල් දරුවන් ලබා ගන්නේ කෙසේද?
1.
නීතියෙන් හදාවඩා ගැනීම
2.
නීත්‍යානුකූල සම්මුතිය අනූව ගැණියක නම් පිරිමියෙක් සමඟ ද පිරිමියෙක් නම් ගැහැණියක සමඟද යහන් ගත වී දරුවා ලද පසු සමලිංගික පවුල දරුවා හදාවඩා ගනීයී. දරුවන් බිහි වන්නට ඉවහල් වූ මව ගැන වත් පියා ගැන වත් දරුවන්ට දැනුමක් දෙනු නොලබයි.


එය කෙසේ වුවද දරුවන් දරුවන්මය. අම්මා කෙනෙකුගේ ආදරයද පියෙකුගේ රැකවරණය සමබරව ලැබීම දරුවෙකුගේ මානසික වර්ධණයට ඉමහත් සේ රුකුලක් දෙන බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි  . නමුත් මෙය එසේම විය හැකිද සමලිංගික පවුලක් සමඟ උස්මහත් වෙන දරුවෙක් තුලත්  මම බලපු වැඩ සටහනින් කියවුනේ ඔන්න ඔය දේ.

මෙම වැඩ සටහනට දරුවන් 5 දෙනෙකු පැමිණි සිටි අතර ඔවුන් සියළු දෙනාම සමලිංගික  පවුල් විසින් උස්මහත් කරනු ලැබූ අයයි. මෙම ලිපියෙන් කියවෙන්නේ එම දරුවන් විසින් නෙදර්ලන්ත රුපවාහිනී නාලිකාවේ දියත් කරනු ලැබූ “Homosexualiteit en groeiende kinderen” නම් වූ වැඩසටහනේ සිංහල පරිවර්තනයයි.


ඔවුන් දෙදෙනෙකු  විසින් දක්වනූ ලැබූ අදහස් මෙම ලිපියෙහි සඳහන් වෙයි.
මරියා බ්‍රෙග්මාන්: Mariya Bergmaan: සමලිංගික  මවුවරුන් දෙදෙනෙකුගේ දියණියකි. වයස 16 කි. ඩෙන්මාර්කයේ (Denmark) ජිවත් වන්නියකි  ඇයගේ මව ඇයට වයස 3 වෙද්දි පියා අතහැර තම සමලිංගික මිතුරිය සමඟ ජීවත් වෙන්නට ගොස් ඇත. 


මරියා: මම බොහෝ දුරට හැදුනේ වැඩුනේ මගේ පියා ලඟ.  නමුත් ඕලන්ද නීතිය අනූව මම මගේ මව ලඟත් ජීවත් විය යුතුයි. සති අන්ත තුනක් පියා ලඟද අන්තයක් මව ලඟද මම ජීවත් වුනා. මගේ මව ලඟ සිටි සති අන්තය මම සිටියේ ඉරිදා වෙනතුරු ඇඟිලි ගනිමින්.  අම්මත් අම්මාගේ මිතුරියත් නොඑසේ නම් පෙම්වතිය  වෙනස් කම් නොකලද පියාව අතහැර විගඩම් කිරීම සම්බන්ධව මගේ හිතේ තිබුනේ කලකිරිමක්.  කුඩා කල මට වැටහීමක් නොතිබුනත්  වයසින් මුහුකුරා යද්දී මට අම්මා ගැණ ඇති වන්නට ගත්තේ කලකිරීමක්.  ඒ වගේම අප්‍රසන්නතාවයක්. ඒවගේම පාසල් යද්දී මට හරියට දුක හිතුනා අම්මා තාත්තා අත අල්ලන් පාසලට එන දරුවෝ දැක්කාම.  මට හිටියේ පියා සහ පියාගේ පවුලේ අය විතරයි. නීතිය අනූව මට තීරණය කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ අම්මා ලඟට යන්න බෑ කියන්න. අම්මාට මම යන පාසල පලාතට අම්මට එන්න එපා කියලා තාත්තා අම්මාට කියුවේ පාසලේ දරුවන් මට කරදර කරාවි පල් කරාවි කියන බයට. මොකද මම ගියේ කතෝලික පාසලකට එයාල එවන් ජිවිත හරියට පිළිකුල් කරනවා. එහෙම අයට  එයාල කියුවේ සාතන්ගේ අවතාර කියලා.  මගේ පියා මම ගැණ බොහොම හිතුවා.  කිසිම විදිහකින් මට දුකක් දැනෙන්න තිබ්බේ නෑ.  අම්මාට මා ගැණ ගැඟිමක් නොතිබුණ ගාණයි.  අම්මාගේ කටින් පිට වුනේම මරියා මම ඔයාට ආදරෙයි නෙමෙයි මොනිකා ඔයා මගේ පණ මම ඔයාට ආදරෙයි කියන එක.  මොනිකා කියන්නේ අම්මාගේ පෙම්වතිය.  තාත්තාට ඔයා මගේ හුස්ම ටික කියලා කියපු අම්මාද කියලා මට හිතාගන්න වත් බැරි වුනා. තාත්තා අම්මා එකට සිටි කාලය මට වැඩිය මතක නැති වුනත් සමහර දෙවල් මම ගෙදර තියෙන උපන්දින පාටි විඩියෝ වලින් දැක්කා. අම්මා ලඟ ඉන්න සති අන්තය හරි නිවාඩුකාලයෙන් භාගය හරි මට කල්පයක් දිගයි.

මාව එහෙ මෙහෙ එක්ක ගියා විනෝද ජවනිකා අරන් ගියා ඒත් මට හැම වෙලේම මොකද්දෝ අඩුවක් දැනුණා. මට ඒක වචනේන් කියන්න තෙරෙන්නේ නෑ.  සමහර විට පවුලක් වශයෙන් නොමැති වීම වෙන්නත් පුළුවන්.  කාලයක් යද්දී අම්මා සැහෙන්න මත් පැන් බොන්න පුරුදු වුනා. ඒනිසාම තාත්තා උසාවිය හරහා ඉල්ලීමක් කලා මගේ භාරකාරත්වය පියාට භාර දෙන්න කියලා.
කරුණු සලකා බලා උසාවිය එය අනුමත කලා මට අවුරුදු 9 වෙද්දී.  මම එදා ඉඳලා හිටියේ හරිම සතුටින්. ඒත් මට අම්මා කෙනෙක් නෑ කියන අඩුව හොඳින්ම දැනෙනවා.  මගේ පියා අදටත් අවිවාහකයි.  මමත් තාත්තත් ජීවත් වෙන්නේ ආච්චි අම්මා සීයා ලඟ.  ඉතාමත්ම කලාතුරකින් අපි අම්මාගේ නෑයින්ව බලන්න ගියා.
එයාලටත් අම්මා ගැණ තිබ්බේ කලකිරිමක්. මොකද  අම්මාගේ දේමාපියෝ තද කතෝලික අය. ඒයාලා සමලිංගික ජීවිතය විරුද්දයි. 
මම සමලිංගික දේමාපියන්ගෙන් එක ඉල්ලිමක් කරන්න කැමතියි කරුණාකරලා දරුවන් හදාවඩා ගන්න වත් අයිතිය ගන්න වත් එපා. දරුවන්ට අම්මා වගේම තාත්තාත් අවශ්‍යයි.




බාර්ට් හැයින්ස්: Bart Heinz  වයස 18 සමලිංගික පියවරුන් දෙදෙනෙක් හදා වඩා ඇත. ඔහුගේ හඬ තීව්‍ර්ය. Belgium බෙල්ජියමේ ජිවත් වෙයි.

බාර්ට්: ඔය ජීව්ත මොකා ඔලුවෙන් හිටන් කියුවත් අසාර්ථකයි. ස්වභාව ධර්මය විසින් ගැහැණියක් සහ මිනිසෙක් මවලා තියෙන්නේ හේතුවක් ඇතුව. දෙවියෝ පිරිමි පෞර්ෂවයක් දෙන්නේ දෙකට නැමිලා තව පිරිමියෙක්ට පස්ස පැත්ත දෙන්න නෙමෙයි. මාව ලොකු මහත් කලා තමා හැබැයි ඊට වඩා හොඳයි මාව මඩමක හැදෙන්න ඇරියා නම්. තරහට නෙමෙයි මම එහෙම කියන්නේ.පාසලෙදී මම අනන්තවත් පල් වුනා. සමහරු කියුවා මගෙත් පස්ස පැත්තෙ අරී පරිස්සම් වෙන්න කීයලා. පාසලේ සමහර වැඩ වලදී මාව නික්ම්ම කොං වුනා. මා පිය උපහාර දවසට මම විසින් අම්මාට කරපු ලස්සන නිමවුම දෙන්න කෙනෙක් මට නැතිව ගියා. මොන තර්ක විතර්ක කරත් ඔය වැනි සිදුවීම් ඉදිරියේ අපි අසරන වෙනවා. මම නම් සහමුලිනම විරුද්ධයි සමලිංගික පවුල් ලමයි හදනවට. ලමයින්ට සමබර මානසික තත්වයක් තිබිය යුතුයි. තාත්තලා දෙදෙනෙක් කොපමන ආදරය කලත් එතන අඩුවක් තියෙනවා ඒ අඩුව අපිට දැනෙනවා ඉතා තදින්.
සියළුම දරුවන්ගේ හැඟීම් සිත කිලිපොලා යන සුලුය. සියලුම දරුවන්ගේ හඬ වුනේ සමලිංගික දෙමාපියන් දරුවන් උස්මහත් කිරීම නොකළ යුතු බවයි. කෙනෙකුට සමලිංගික වෙන්න එපා කියන්න අපට බැරිය නමුත් දරුවන් හදන්නට එපා කියලා කවුරු හරි කිව යුතුය. බාර්ට් ගැඹුරු  හඬින් කීය

මානසික වෛද්‍යවරියක් වු රේචල් හෙස්  Rachel Heiz මහත්මිය පවසා සිටියේ සමලිංගික පවුල් තුල හැදෙන වැඩෙන දරුවන් මානසික ආතතියකින් පෙලෙන බවය. සමාජ බිය බොහෝමයක් දරුවන් තුල දකින්නට තිබෙන බවය. ඇය එයට හේතුව ලෙස පවසා සිටියේ පවුලක ඇති අසමාන බවය. යුරෝපා වෛද්‍ය සංගමය මේ සම්බන්ධව වැඩිදුර පර්යේශණ කරමින් සිටී. නෙදර්ලන්තයේ සමලිංගික විවාහය නිතියෙන් පිලිගන්නා තත්වයට ගෙන ආවේ සමලිංගික පොලිටික්කෙකි. එමෙන්ම දරුවන් ගදාවඩා ගැනීම අනුමත කරගන්න ඇත්තේද පොලිටික්කෙක් විය යුතු බවය මාගේ හැඟීමය.  තම තමාගේ විලිසංගේ නැති වුවමනා එපා කම් වලට දරුවන් පවා බිල්ලට දේන ලෝකයකට අපි ඇතුල් වෙමින් සිටින බව නම් මට වැටහේ.



නෙදර්ලන්ත නීතිය අනූව සමලිංගික ද සම  අයිතිවාසිකම් ලැබිය යුතුය නොඑසේ නම් ඒය Sexual Orientation Discrimination වෙයි,  ලිංගිකත්වය මාරු කල කෙනෙකුට ද එය එසේමය. නොඑසේ නම් ඒය Gender Bashing Discrimination වෙයි. එකී නොකී නීති සියල්ලම අතරේ දරුවන් වෙනුවෙන් ද නීතියක් අවශ්‍ය බව උගත්. පිරිස සහ මනෝවෛද්‍ය සංගම් කියාසිටි.
මේ සම්බන්ධව වැඩි දුර පර්යේෂණ වෛද්‍යවරුන් සහ එකසත් ජාතීන්ගේ ළමා සුරැකීමේ සංගමය විසින් කරගෙනු යනු ලබයි. නෙදර්ලන්තයේ නිතිය කාටත් එකය දරුවන්ට වෙනසක් වෙන්නේ නම් දරුවන් ළමා සුරැකීමේ කමිටුව විසින් ඉවත් කරනු ලබයි.

සූරී - නෙදර්ලන්තය

රුප අන්තර්ජාලයෙනි 

9 comments:

  1. මළවුන් ගැන ලිපි ටික ලියනකං මේ මං බලාන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඉන්න මම දානවා අද හවසට. ඉවසන්න අටම් සොයුර

      Delete
  2. මෙම උදාහරණ දෙක ගත්තම, පළමු දරුවාගේ මව මවගේ විවාහය අසාර්ථකයි ඒ වගේම ඇය ඔහුට නිසි අවධානයක් යොමු කර නැහැ. මෙය සාමාන්‍ය දික්කසාදයකදිත් විය හැකියි මතට ඇබ්බැහි වූ අයෙක්. ඒක හැබෑ ගැටළුවක්.

    ඒ ඇරෙන්න ගතානුගතික ආගමික මතවාද කරපින්න ගත් පිය පාර්අශවයේ අය ඒ දරුවාගේ හිත තරහින් පුරවල කියල හිතෙන්නෙ නැද්ද ?

    දෙවන දරුවාත් පීඩනයට පත් කරන්නෙ සමාජය මිස පියවරු දෙදෙනා නෙමෙයි.

    එතකොට කව්ද වැරදි ?

    මේ මතය තර්කානුකූල නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. දරුවෝ කියන්නේ දරුවෝ ........ උන්ගේ සිතුම් පැතුම් ඉදිරිපත් කරන්න ඕන තර්කානුකූලවද ............

      Delete
    2. Lakmal මට ළමයි නෑනෙ බං හිටියනං උන් හදන්නෙත් ඔය විදිහටම තමා.

      අපි පොඩිකාලෙ අපේ ඔලු වලට දාපු මනස්ගාත එකක් දාන්නෙ නෑ උන්ගෙ ඔලු වලට. උන්ටම හරියට හිතන්න උගන්නන එක තමයි හරි දේ 🙂

      Delete
    3. කන්ඩාය්යේ මම ඔයාට දරුවෙක් ලැබුණු කාලෙට පැම්පර් පැකට් එකකුත් අරන් මත ගැණ වාදේට එන්නම් හෑ. එදාටම අපි කාගෙද වරදත් හොයමු හොඳේ එතකම් අයිබොං😁😁😁

      Delete
    4. අපුරුයි ... කොහොමද ඒක ? දැන් ඉතින් වෙන කුමක් කරන්නද ... ??? එහෙනං මේක නවත්තල වෙන වැඩක් බලාගමු :-D

      අර පැම්පර් ටික කලින් ගන්න බැරිද ?

      Delete
  3. මෙතනදි දරුවන්ගෙ මනස පීඩාකරවන මතවාද ඇතිකරලා තියෙන්නෙම ආගමික ආයතන විසින්. දැඩිමතධාරී කතෝලික පාසල විසින් තමයි දරුවගේ පවුල් පසුබිම මත දරුවව කොන්කරන්නෙ...

    කණ්ඩා කිව්වා වගේ දික්කසාද වෙච්ච හෝ එහෙම නොවී රණ්ඩු වෙවී ඒත් ලෝකෙට පේන්න එකට ඉන්න හෙට්රොසෙක්ශුවල් පවුල් වල දරුවො ඕනතරම් ඉන්නව මීටත් වඩා මානසිකව විදවන

    ReplyDelete
    Replies
    1. ඒ පවුල් වල ප්‍රශ්ණ නෑ කියුවේ නැහැනේ නමුත් මේ ලිපියට ඒක අදාල නෑ. ළමයි විතරක් නෙමෙයි ගෑණු පිරිමි අයත් ඉන්නවා මෝඩ හබ්බො බැඳ ගත්ත. ඒගොං කමට ඉවසං ඉන්න. එව්වා ගැණ කියන්න එවා අදාල ලිපි ආවම. 😁

      Delete