Monday, September 17, 2018

බාලම දියණියට උදව් නොකළ තරහට ලොකු පුතාව හිඟන්නෙක් කල අම්මා!


යස්(Jansen Uielen)කියන ආකාරයට අද්රියානා ගේ කතාව මෙසේය:
ඔස්ට්‍රියාවේ හල්ස්ටට් Hallstatt නම්වූ ප්‍රාන්තයේ  ජිවත් වුණා අද්රියානා සහ ඇයගේ සිය පවුල. ඇයගේ සැමියා බාරොන් වූ අතර වැඩිමහල් පුතා පීටර් සහ බාල  දුව එමලියා. උතුරන්නට සල්ලි නැතත් මේ පුංචි පවුල සමගියෙන් සමාදනෙන් ජිවත් වුනේ මුළු ගම්මානයේම හිත දිනාගෙන. කාලය කෙමෙන් ගෙවී ගොස් දරුවන් උස්මහත් වී නිවසින් පිට වූ අතර අද්රියනා සහ බාරොන් තම ගොවිපලේ කටයුතු කරගෙන ජිවත් වුණේ කාටත් උදවු පැදවූ කරගෙන. 


මේ අතර පීටර් විවාහ වූ අතර ඔහු තරමක් නුදුරින් නිවසක් තනා තම බිරිඳ සමඟ ජිවත් වන්න ට වූ නමුදු  පිටර්ගේ බිරිඳ කාටවත් වැඩිය උදව් නොකරන තරමක් ලෝභ කෙනෙක් බව අද්රියානාට වැඩි කලක්  නොයාම තේරුම් ගියා. ක්‍රමයෙන් ක්‍රමයෙන් පීටර් නිවසින් දුරස් වූ අතර . අද්රියානා බාරොන් සහ එම්ලියා තම ගොවිපලේ වැඩ කරගෙන සමාදානයෙන් සතුටින් ජිවත් වුණා. නමුත් මෙම පුංචි පවුලට කණ කොකා හඬන්න ගත්තේ එමලියා ලෙඩ වන්න පටන් ගත්  මොහොතේ. කලින් කලට ඇය එක්වරම ඇද වැටුන අතර ග්‍රාමීය රෝහලේ වෛද්‍ය වරු නගරයේ රෝහලට ඇයව අනුයුක්ත කළා. එම ග්‍රාමයේ සිට නගරයේ රෝහලට යන්නටම පැය දෙකක් ගියා. කරදර අපහසු විඳ දරාගෙනම මේ අම්මත් තාත්තත් රෝහලට යාම කලේ තම දියණිය සුව වෙයි යන බලාපොරොත්තුවෙන්. රෝහල් ගමන නිසාවෙන් ගොවිපලේ වැඩද ක්‍රමයෙන් අතපසු වුණා ආදායමද අඩු වුණා. මේ කිසි දෙයක් නොදත් ලෙස පීටර් සහ ඔහුගේ බිරිඳ ජිවත් වුනත් අම්මා පුංචි  නයක්  ඉල්ලුවේ පසුව දෙන පොරොන්දුව මත. එත් එම මුදල දීමට විදිහක් නැතැයි කියන්න තරම් පීටර් අකාරුණික වුණා. මේ අසරණ අම්මත් තාත්තාත් ග්‍රාමයේ මිනිසුන්ගෙන් නයට එකතු කරගත් මුදලින් එම්ලියාව ගෙන යන්නේ ඔවුන් දෙදෙනාට ආපසු එන්නට වන්නේ එම්ලියාව නොමැතිව බව නොදැන. අන්තිමට දුර්වල වී සිටි එමලියා රෝහලේදී අවසන් ගමන් ගියාය . 


අම්මා  සහ තාත්තා දෙස දුකින් බැලු  ඇය නෙත් පියා ගත්තේ නින්දට යන විදිහටම බව අසරණ අම්මටත් තාත්තාටත් සිහි කලේ ඇය උපන් දවසය . කිසිම ගාස්තුවක් නොගෙන නාගරික රෝහළ ඔවුනට ඔවුනගේ දියණියගේ ප්‍රාණය රහිත දේහය භාර කලේ සුළු  මුදලක්ද සමඟ. පැය ගණනාවක් ගත කර තම දුවගේ දේහය ද රැගෙන නිවසට ආවේ දැන් ඉතින් අනේ අපි මොනවා කරන්නද යන හැඟීමෙන්.

ග්‍රාමයේ වෙසෙන වැසියන් එහෙ මෙහෙ දුව ගොස් පෙට්ටියක් සාදා එමෙලියාව එහි තැන්පත් කලේ අනේ ඇත්තටම  එයා මැරිලද යන  කුතුහලයෙන්. එතරමටම ඇය ජීවමානව දිස් වුණා. ගම් වැසියන් සමඟ එකමුතුව දියණිය මහා පොළොවට හාර කල අම්මා සහ තාත්තා කිසිම කතාවක් නොමැතිව ගෙදර බලා ආවේ කිසිම නිනව්වක් නැතිව. අපිට නැති වුනේ සල්ලි ටිකක් විතරයි ඔයාලට නැති වුණේ දරුවාව කියා නයට දුන් මුදල් අමතක කර දැමීමට තරම් ගම් වැසියෝ කරුණාබර වුවද එවන් කරුණාවක් තම පුතාගෙන් ලබන්න තරම් පිනක් නොමැති බව දෙමාල්ලන්ටම 
සිතෙන්නට ද  ඇත.



එමලියාගේ මරණින් පසු දෙමාල්ලෝ ගොවිපලේ වැඩ කටයුතු කලද ඔවුනගේ සිත් බොහෝ සෙයින් විඩාවට පත් වී තිබිණි. තම දියණිය මරණ රකුසාගෙන් බේරාගන්නට නොහැකිවීම ගැන අද්රියානා ට තිබුනේ ගැඹුරු කණගාටුවක් දුකක් සහ කලකිරීමක්.අද්රියානා නිතරම කල්පනා කරන්නට වුවාය හුල්ලන්නට වුවාය. එමෙලියාගේ මරණින් වසර දෙකක්  වෙද්දී  අද්රියානාද ඉතා  දුබල තත්වයට පත්ව සිටියාය. එක්දිනක රාත්‍රියේ අද්රියානා නින්දෙන්ම අවසන් ගමන් ගොස් තිබිණි. තම ආදරණිය බිරිඳද තමා හැර යාමෙන් බාරොන්ට මුළු සසරම කල කිරිණි. මල ගෙදරට මුහුණ පෙන්නා පීටර් යන්නට ගියාය. ඔහුගේ බිරිඳ  කිසිම දිනක බාරොන් වත් අද්රියානා හෝ එමෙලියාව බලන්නට පැමිණ තිබුනේ නැත.


බාරොන් ගොවිපලේ වැඩටම ඇබ්බැහි වුනේ කාලය ගත කර ගැනීමට තිබු එකම ක්‍රමය එය නිසාවෙනි. සෑම ඉරිදාකම පල්ලි ගොස් දරුවාටත් බිරිඳටත් සමාදානයේ සුවය පතා ඉටිපන්දම් ගසන ඔහු, අපහු එමින් ගමන පොඩි වොඩ්කා පාරක් ඇඟට දමාගන්නේ රාත්‍රියට නිදාගන්නට පහසු වෙන්නටය.

බාරෝන්ගේ දිවිය එසේ වෙද්දී පීටර් රාත්‍රියට හීනෙන් බය වෙන්නට පටන් ගත්තාය. අම්මා නපුරු මුහුණින් උඹ නංගිට උදව් කලේ නෑ  කියා විලාප තියනවා පිටර්ට ඇසෙන්නට විය.
ටික ටික නින්ද පිටර්ගෙන් පලා යන්නට විය. බිරිඳගේ මැසිවිලි ද එන්න එන්නම වැඩි විය. ඇයටද පිටර්ගේ නොයන නින්ද වදයක් විය. රාත්‍රියට එමෙලියා අඬ ගසනවාද පිටර්ට ඇසෙන්නට පටන් ගත්තේ කොරේ පිටට මරේ කරමිණි. පිටර්ගේ නිවසින් මරලතෝනි නිතර නිතර රාත්‍රියට ඇසීම ගම්වැසියන්ට දැන්  සාමාන්‍ය දෙයකි. . 



පලවෙනි දෙවෙනි දවසේ ගිනි හුළු පත්තු කරන් දිව්වද පසුව ගම්වසියන්ද අනිත් පසට හැරී නිදන්නට විය. කාලය ගෙවෙද්දී පීටර් පිස්සෙක් ලෙසට හම්වඩු ගසන්නට කොලු කුරුට්ටන් පුරුදු වුයේ පිස්සා කියමින් උසිගන්නා දිවීම ඔවුන්ට විනෝදයක් වූ බැවිණි.පිස්සෙක් ලෙසින් හංවඩු  ගැසෙමින් දිවිය ඉදිරියට යද්දී, නිවසේ සෑම දෙයකම මිල ඉහල යන්නට වුයේ පීටර් පමණක් නොව කුණු පෙරේත බිරිඳවත් පුදුමයට පත් කරමින්. ලයිට් බිලේ පටන් සැම බිලක්ම මිල ඉහලට යන්නට විය. පීටර් කොපමණ පරික්ෂා කෙරෙව්වද එම සමාගම් කියුවේ පීටර් ඇතුළු පවුලේ ලයිට්,ගෑස් ,උණු ජළය වැනි දෑ පරිහරණය ඉහලබවකි. සෑම මසකම පීටර් ගේ බිල් ඉහල ගිය අතර බිල් ගෙවීමට පඩියද මදි වෙන තරමට වෙද්දී පීටර් හොඳටම භිරාන්ත වුයේ මොනා කරන්නද යන හැඟීමෙනි. පීටර් පමණක් නොව බිරිඳද මැසිවිලි නගමින් රැකියා දෙකක් කරන්නට වුයේ කෙසේ හෝ මුදලක් අතේ තිබිය යුතු නිසාවෙනි. රැකියා දෙක පටන් ගෙන දෙමසක් යද්දී අදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පැමිණියේ ඔවුන්ගේ අදායම ඉතා ඉහල බවපවසමින්.

මේ  සිදුවීම් සිදුවෙද්දී පීටර් පියා සොයා ගියේ ගෙදර මොනා හෝ කාන්දු වීමක් හෝ දෙයක් තිබෙන්නේ දැයි පරීකෂා කර දෙන ලෙස ඉල්ලා සිටිමින්. මොන අකාරුණික වුවද ඒ තම දරුවා නොවේද යයි සිතමින් බාරොන් නිවාසය පරික්ෂා කර බලා කිසිම කාන්දුවක් නැති බව පැවසිය. දිනක් රාත්‍රියේ  නාන කාමරය දෙසින් සද්දයක් අව අතර පීටර් සිතුවේ බිරිඳ නානවා කියාය.නමුත් බිරිඳ නිදි බව දැනගත් පිටර්  හීන් දාඩිය දැම්මේ හොරෙක් ගෙට පැන ඇති සිතුන නිසාවෙනි. නමුත් හොරා නාවි යෑ ගැනීට අමතක වෙන්න ඇතියි සිතු පීටර් කරාමය වසා දමා ඇඳට අවේ තරහිනි. විනාඩි පහක් ගියේ නැත කුස්සියේ කේතලය උතුරන්නට විය. ඔහු කේතලය  වතුර අයින් කොට ලිපද වසා දමා නැවත ඇඳට අවේ ඊටත් තරහිනි. පසු දින උදයේ දෙදෙනාම වැඩට ගියේ තරමක භීතියෙනි. එදා වැඩ ඇරී ගෙදර ආවාට පසු ගෙවල් සමාගමෙන් ලිපියක් දමා ගොස් තිබුනේ මාස තුනක බිල් ගෙවා නැති බවත් ඉදිරි මස සියලුම මුදල් නොගෙව්වොත් නිවසින් ඉවත් වෙන ලෙසටත් කියමින්. මේ අලකලන්චියේ සල්ලි කොහෙන් හොයන්නදෝ නොදත් පිටර්ට මතක් වුනේ පියාවය. ඔහු පියා සොයා ගියේ පිළිසරණක් පතාගෙනය.


පුතාගේ ජීවිතය මෙසේ වෙද්දී පියා බරෝන්ගේ ජීවිතය තරමක් සුවදායක වී තිබුනේ වැඩටම ඇබ්බැහි වීමෙන් මුදල් වැඩිපුර ඉපයූ නිසාය. පිටර්ගේ දුක්බර විලාසය දුටු බාරොන් මුදලත් අරන් බැංකුවට ගොස්  පුතාගේ නිවාස මුදල් ගෙවා දැමීය. නමුත් තම එකම සොයුරියට පිහිට නොවන්නට තරම් පීටර් අකාරුණික වූ අයුරු මතක් කර දෙන්නටද බාරොන් මැලි වුයේ නැත.

දවස් 3 කින් බැංකු කොලයක් බරෝන්ගේ නිවසට පැමිණයේ සැමදා මසකට වරක් පැමිණෙන කොළයකි මෙය බලද්දී බාරෝන්ට තරු විසි විය තම පුතා විසින් කල ඉල්ලුමට නිවාස සමාගමට බැඳී මුදල බරෝන්ගේ ගිණුමට පුතා විසින් බැර කොට තිබිණ. නමුත් ගිණුමට බැර කොට තිබුනේ බාරොන් පුතාගේ සමාගමේ ගිණුමට බැර කල දින්යේමය. බාරොන් තකහනියක් බැංකුවෙන් දුන් කුයිතාන්සිය රැගෙන බැලුවේ සැක හැර දැනගන්නටය. බාරොන් තකහනියක් බැංකුවට දිවගොස් ඇසුවේ මේක මෙහෙම වෙන්නේ කොහොමද යන්නය. බැංකුව කියා සිටියේ පුතා විසින් එම මුදල බරෝන්ට බැර කල වගයි. පුතාට එහෙනම් ගතමනාවක් හම්බ වෙන්න ඇති සිතමින් බාරොන් ආපසු හැරී නිවසට පැමිණ තේකක් බොමින් පුවත් පත බැලිය.

මේ අතර යස් මගේ සැමියාගේ මිතුරා සහ බූ වරුන්ගේද මිත්‍රයාට වද දෙන්නට රුව පැහැපත් තරුණියක් පටන් ගත්තාය. ඇය නිතර නිතර යස් ඉදිරියට පැන්නේ අම්මා යකෙක් වෙලා අනේ මට අම්මාව බේරලා දෙන්න කියා හඬා වැටෙමින්. නිදාගන්නට ගියද කන්නට ගියද මෙම තරුණිය මැදට පැන්නාය. යස්ට කරදරයෙන් බේරෙන්නට බැරි තැන යස්. ඔස්ට්‍රියාව බලා පියාසර කරන්නට සිතා ගත්තේ කාට වුනත් උපකාරයක් නොවෙයිදයි සිතමින්. මියගිය එමෙලියා යස් ව අම්මාට උදවුකිරීමට පොළඹවා ගන්නට වලි  කන අතරේ. පීටර් සහ බිරිඳට නොයෙකුත් කරදර පිට කරදර පැමිණි අතර. නිවාස සමාගම නිලධාරින් සමඟ පැමිණ දෙදෙනාම එලියට දැම්මේ තමා ඉදිරිපිට පියා ගෙවූ මුදල නොලැබුණු බව පවසමින්. පිටර්ගේ පියා සමඟ ගිහින් ජිවත් වෙනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නොමැති බව වටහෙද්දී පීටර් ගේ බිරිඳ ඇයගේ දෙමාපියන්ගේ නිවාසය බලා පිටර්වත් බඩුත් දමා  රාත්‍රියේම පිටත්ව ගියාය. තම ජීවත්ව ඉන්න එකම දරුවාටත් මෙසේ කරදර පිට කරද එද්දී බාරෝන්ටත් හිතට කරදර දැනෙන්නට විය. ඉතිරි බඩු සොච්චමත් පිටරුත් දමාගෙන බරෝන්ගේ ට්‍රක් රථය මහ ගෙදර බලා ගැටුවේ මහා රාත්‍රියේදී. පසුදා එලිවෙද්දී මුළු ගමම සිද්ධිය දැනගෙන හමාරය ගම්මුන් නොයෙක් කතා කියන්නට පටන් ගති. " කොහෙද අර කුනිච්චි කරේ තියන් තමන්ගේ සහෝදරි ගැන වත් බලපු එකෙක් යැ ,මම හෙම නම් තාත්තා මම ඕකව පළාතේ වැද්ද ගන්නේ නෑ ,පාපතරයා ,කුණා " නොයෙකුත් කයි කතන්දර පිටර්ට පට බැඳෙන්නට විය,සමහරු මුනටමත් දෙස් තැබිය .


යම් කිසි අභූත බලවේගයක් වත්දෝ කලක් තිස්සේ බාරෝන්ගේ හිතට වද දෙන්නට පටන් ගත්තේ බැංකු ගනුදෙනුවෙන් පස්සෙය. තවත් සිතේ සඟවා නොසිට බාරොන් තම පුතාට මෙය එළිදරවු කලේ යම් පිලියමක් හෙවිය යුතුය  යන අදහසිනි.දෙදෙනාම පල්ලියේ සුවාමිගේ පිහිට පතුහ. පියපුතු දෙදෙනාම පල්ලියට ගොස් පිහිට පතද්දී පැය කිහිපයකට පෙර එහි පැමිණි යස් දෙදෙනාටම අචාර කරමින් කියා සිටියේ ,මම මේ සුවාමිගෙන් ඇහුවේ ඔබලාව හමු වෙන්නේ කොහොමද කියලා ,ඔබගේ නැගණිය අඬා වැටුනා මම ඉදිරියේ අම්මා යක්ෂ ආත්මයක් වෙලා අය්යාට කරදර කරනවා කියලා කියද්දී බාරෝනුත් පිටරුත් උඩගොස් බිමට වැටිණි.

යස් පල්ලියේ සුවාමිත් පිය පුතු දෙපලත් සමඟ පීටර් සිටි කලින් නිවාසය බලා ගියේ නිවාස සමාගමේ අවසර ඇතිව. නිවසට ඇතුල් වෙද්දීම යස් අද්රියානාව දිටීය. ඇය ගෑස් පයිප්පයක් කරකවමින් සිටියාය. යස් දුටු ඇය කස කස ගා සිනාවෙමින් කියා සිටියේ මම ඉගැන්නුවා උන්දැට පාඩමක්. සල්ලි තිබිලත් මගේ කෙල්ලව සනීප කරගන්න දුන්නේ නෑ . අර කුණි කරේ තියන් හිටියා. මට නෑ කියුවා තියාගෙනත් කියමින් චෝදනා කලේ දත් විලිස්සමින් බව යස්  කියයි. යස්ට ඇය කියා සිටියේ ඕකට ඕක මමම කියන්න ඕනේ කියද්දීම යස්ව බිමට ඇදගෙන වැටුනේ අද්රියානාගෙ කටහඬ ඉස්මතු වෙමින්.


 කවදත් අත් උදව්වට යන උදව් කාරයා ද සුවාමිද පියපුතු දෙදෙනම මවිත කරමින් යස්ගේ සිරුර තුලට පිවිසි  අද්රියානා බෙරිහන් දෙන්නට පටන් ගත්තාය. බැණවැදුනාය සාප කළාය , පිටර්ට  මුල සිට අගටම මුල අමතක වුන හැටි කියා බැණ වැදුනාය. උඹේ චැක් ලියුවේ මම, උඹ හිඟන්නෙක් කලේ මම කියමින් කස කස ගාමින් හිනවුණාය. බොහොමත් ලෙස බගෑ පත් වීමෙන් අද්රියානා සම්මුතියකට එක් වෙන්නට කැමති විය. ඇයගේ රුපරාමුවකුත් එමෙලියාගේ රුපරමුවකුත් පීටර් සහ ඇගේ බිරිඳ ගේ රූපරාමු දෙක මැද්දෙන් එල්ලන්නේ නම් මින් මතු කරදර නොකරන බවට සම්මුතියකට එළඹිණි. පල්ලියේ සුවාමිගේ මැදිහත් වීමෙන් එය ඒ අකාරයටම සිදුවූ අතර අද්රියානා එමෙලියා සමඟ ජීවමාන මිනිසුන්ගෙන් ඉවත්ව  ගියහ.
සති කිහිපයකට පසුව ලිකියවිලිවල සිදුවූ අත්වැරදී නිසාවෙන් බව පවසා පිටර්ට අහිමි වූ නිවසද අහිමි වූ මුදලද ආපසු ලැබිණි.
එමෙලියාගේත් අද්රියානාගේත් රූපරාමු කිවූ අයුරින්ම බිත්තියේ එල්ලූ පීටර් තම දුක්කිත අවස්ථාවේ පිහිට වූ පියාට සලකන්නට පටන් ගත්තේ තමා අතින් සිදුවූ අඩුපාඩුව හිත අතුලාංතයටම කිඳා බැස දැනුණු නිසාවෙනි. දමා ගිය බිරිඳ නැවත පැමිණයේ නැත පිටර්ට අගේ අඩුවක්ද දැනුනේ නැත. පීටර් සහ බාරොන් කාගේත් ආදරය දිනාගනිමින් ගොවිපල පාලනය කරමින් ජිවත් විය.

සූරී -නෙදර්ලන්තය
පින්තුර ගුගල් මාමාගෙන් වන අතර අත්දැකීම් සියල්ල යස් (Jansen Uielen)සතු දෙයක් බව කරුණාවෙන් සලකන්න!


8 comments:

  1. අහම්බකාරක ගොඩ වැදීමක් ........
    මටත් තියෙනවා යමක්.
    ඒත් මේ ඒ සඳහා වේලාව නොවෙයි.
    එහෙම නම් 👍

    ReplyDelete
  2. යස් ගේ පෙර කතා මේකට ලින්ක් කලානම් හොඳයි.
    හොල්මන් තියෙන්නේ ලංකාවේ විතරයි කියල හිතන අයට අහන්න ඇත්ත කතා ..

    ReplyDelete
    Replies
    1. මම ඒක කරන්නම් ඉස්තුතියි මතක් කලාට.

      Delete
  3. හොල්මන් මමත් වැඩිය තකන දෙයක් නෙවෙයි. නමුත් මේ ලඟදි පරණ සිංහල කතාවක් කියෙව්වා 'කොග්ගල නිලමේ'කියල සත්‍ය අත්දැකීමක් ඇසුරින් අවුරුදු තිහ හතළිහකට කලින් පත්තරේකට කොටස් වශයෙන් ලියපු එකක්. එකෙ අත්දැකීමත් බොහෝ සෙයින් මිට සමානයි..

    ReplyDelete
    Replies
    1. මේ සියල්ලම නෙදර්ලන්ත මහත්මයෙකුගේ අත් දැකීම්. ඉස්තුතියි ගොඩ වැදුනට!

      Delete
  4. සුරිගේ ලිපි ඔක්කොම වගේ ආසාවෙන් කියෙව්වා . හරිම ලස්සනයි . කියවන්න ආසයි . පුළුවන් වුණොත් මේ අවුරුද්දේ ඔය පත්හේ එන්න හිතාගෙන ඉන්නවා . ලැයිස්තුවේ නම් තියෙන්නේ ඇනා ෆ්‍රෑන්ක් , වැන් ගෝ කෞතුකාගාර බලන්න , හෙයිනකන් බියර් කම්හල සහ හුළං මෝලක් බලන්නයි . අගෝස්තු මාසෙ බලන්න පුළුවන් ලස්සන මල් වතු තියෙනවද ? ඔබේ ලියැවිලි වලට සුබ පැතුම්

    ReplyDelete
  5. //මේ අතර යස් මගේ සැමියාගේ මිතුරා සහ බූ වරුන්ගේද මිත්‍රයාට වද දෙන්නට රුව පැහැපත් තරුණියක් පටන් ගත්තාය. // මේ වාක්‍යය මට තේරුනේ නෑ...

    ReplyDelete