Saturday, July 1, 2017

මළවුන් සොයා රතු ඉන්දියානු සංස්කෘතියට!



ජීවිතය කෙතරම් පටලැවිලි සහගතද යන්න තේරෙන්න නම් එවන් පටලැවිල්ලක අප පැටලිය යුතුය, අප දකින දේවල් තුලින් අන් අයගේ ජීවිතයට තීරණ දෙන්නට ඉතා පහසුය, ඇමරිකානු සංස්කෘතියට අයත් නවාහෝ ගෝත්‍රිකයින් නොඑසේනම් වැසියන් මෙම මල ගිය ආත්ම සම්බන්ධව මනා දැනුමක් පළපුරුද්දක් ඇති කොට්ටාශයක් වෙයි. යස් ගේ නවාහෝ පර්යේෂණය මම මෙසේ ඔබ වෙත ගෙන එමි.

2000 වසරේදී මම උතුරු ඇරිසෝනා Arizona ප්‍රාන්තයේ නවාහෝ Navajo  වාසින් සමඟ මෙය සාකච්ජා කිරීම සඳහා ගියෙමි. අකෙචේටේ බෙගේ Akacheteh Begey නම් පවුල සමඟ මාස 6 ක්ම වාසය කලෙමි. ඔවුන් මරණ ශාන්ති ඒ අකාරයෙන්ම පිළිපදිති. ඒ මියගිය අයවලුන් ශාන්තියට පත් නොවුනහොත් ජිවත් වන්නන්ට කරදර වෙන නිසාවෙනි. ඔවුන් මෙම මියගිය ආත්ම හඳුන්වන්නේ චින්දී  Chindi කියන නමින් ,එය තදින්ම නවාහෝ ජාතිකයින් පිළිපදින දෙයකි. කෙනෙකු මිය යන බව ඔවුන් දන්නේ සංඥා මගිනි එය ශාන්තියට පත් වුනු ආත්ම ලබා දෙන්නක් බව ඔවුන් පැවසුහ. නමුත් කතාව සත්‍ය බව මට වැටහුනේ එම සංඥා ලැබෙන අකාරය මම සියසින්ම දුටු නිසා බව යස් පවසයි.
අකචේටේ පවුල
මියගිය ආත්ම නොදුටුවද ඔවුන්ගේ සංඥා ක්‍රමය සියට සීයක්ම හරි, මෙම සංඥා ක්‍රම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන්නක් මෙම හැකියාවද හැමෝටම පිහිටන්නෙත් නෑ. මෙම සංඥා  ක්‍රම ඔස්සේ මිය යන්නට සිටින අය ඔවුන් හඳුනා ගණිති. එම හඳුනා ගැනීමෙන් පසුව ඔවුන් මරණ චාරිත්‍ර ආරම්භ කරති.මෙම සංඥාව ලැබුණු දිනම ඔවුන් එම පුද්ගලයාගේ නිවාසය රාජාලි පිහටුවලින් සරසති , එම තැනැත්තා කහ මුසු දියරයකින් නහවා සුවඳ විලවුන් ගල්වා , කන්නට කැමති සියලුම ආහාර ලබා දී සමාදානයේ සැතපෙන්නට කැමති තැනද  විපරම් කරති. එම අවශ්‍යතාව අනුව එම ස්ථානය සුදානම් කර වෘකයින් දෙදෙනෙකු මුරට තබති. මෙම ආකාරයට නොකළහොත් මියගිය ආත්ම ජිවත් වන ආත්ම වලට කරදර කරති යන තද බල ඇදහීම ඔවුන් තුල අදටත් දකින්නට ඇත. මියන පුද්ගලයා මිය යනතුරුම කවුරුන් හෝ ශබ්ද නගා බයිබලය කියවීම සිදු කරයි. මෙය මාරුවෙන් මාරුවට පවුලේ ය හෝ පාරම්පරික පුද්ගලයින් ඉසින් සිදු කරනු ලබයි. මිය යන්නට ඉන්න පුද්ගලයා බලන්නට අවට ගම්  වලින්ද මිනිසුන් පැමිණෙති ඔවුන්ට ඥාති සම්බන්ධයක් අවශ්‍ය නැත ඔවුන් එන්නේ ඔවුන්ගේ වරිගයට ගරු කිරීමටය.
 
කණු උඩ මියගිය සිරුර තැන්පත් කිරීම
මළවුන් සම්බන්ධව ඔවුන්ගේ හැකියාව මට වඩා ඉතාමත්ම ඉහල යයි යස් පවසා සිටියි. මම ඔය විදිහට මිය යන පුද්ගලයෙකුට කරන සාත්තුව අත්දැක්කා, සියලුම චාරිත්‍ර වාරිත්‍ර දවස් 18 තිස්සේ කරද්දී 19 දින රාත්‍රියේ එම පුද්ගලයා අවුරුදු 88 ආයු වැළඳ
එලිය බලා ගියා මද සිනැවක් සමඟ. ඇත්තෙන්ම අතර හිරවීමක් සිදු වුනේම නෑ. මියගිය පුද්ගලයින් දැක තිබුනද කෙනෙක් මියයන අවස්ථාවේ එම ආත්මය සිරිරෙන් මිදී වායුවට මුසු වන අයුරු මම කවදාවත් දැක තිබුනේ නෑ යස් කියයි. සංඥා මාර්ග ඔස්සේ ඔවුන් එම ආත්මය එලිය බල ගිය බව ප්‍රත්‍යක්ෂ කළා. ඉන්පසු මිනිය කටයුතු සිදුවුණා අමුතුම විදිහකට මිනිය සුදුරෙදි වලින් ඔතලා ලොකු උස කණු හිටවලා ඒ උඩට ලැල්ලක් දාලා.ඒ උඩින් මිනිය සහිත පෙට්ටිය දවස් 7 තබා තියෙනවා. ඊට පස්සේ තමා වලදාන්නේ හෝ පුච්චන්නේ එක සිදු  වෙන්නේ මියගිය කෙනාගේ කැමැත්ත අනුව. ඊට පසුව දවස් 8 ගිය තැන අර සංඥා ලබා දුන් යට ඇඳුම් වස්ත්‍ර ආදිය දීලා කෑම වලින් සංග්‍රහ කරලා මරණයේ කටයුතු අවසාන කරනවා.
ජිවිතය විශ්මයෙන් පිරි ඇති දෙයකි එය විග්‍රහ කරන්නට විද්‍යාවට අපහසුය. බෙගේ මහතා පැවසු ආකාරයට ඔවුන් සංඥා මාර්ගයෙන් දැනගන්න දේ මම සියසින් දකිමි. මේ දෙක කෙලෙසක සිදු වුනද  අවසානය එකම ප්‍රතිපලයකි.
 
සාම්ප්‍රදායික අවමගුල් පෙරහැර
මොනම දෙයක් උනත් කාලය අනුරූපව වෙනස් වෙනවා. එක තමා සත්‍ය නවාහෝ ක්‍රම සහ විධි තරමක් වෙනස් වී ඇති නමුදු ඔවුන් කරන සාම්ප්‍රදාය මොන විධිහකින් වත් වෙනස් නොකරන බව යස් පවසයි.




කලානුරුපව සම්ප්‍රදාය වෙනස් වුනු අයුරු මම ඊළඟ ලිපියෙන් ගෙන එමි.
කියවූ ඔබ සැමට ස්තුතියි!

විස්තර වල අයිතිය යස් සතු වන අතර පිංතුර අන්තර්ජාලයෙනි.
සූරී - නෙදර්ලන්තය

3 comments:

  1. දින 18ක් මිය යන්නට ආසන්න පුද්ගලයෙකුට සත්කාර සම්මාන කිරීම බෞද්ධ ධර්මය අනුව වුව..සමාජ චාරිත්‍ර අනුව හෝ නවීන වෛද්‍යවිද්‍යාව අනුව ගතහොත් මියයන පුද්ගලයාට කල හැකි ලොකුම ශාන්තිය නේද?

    මියෙන්න ආසන්න පුද්ගලයෙකුගේ හිතට රෝගයේ අවසාන වන විට ඇතිවන ශාරීරික පිඩා නිසා ඇතිවන දුක වේදනාව සමඟම තමන්ගේ හිත මිතුරන් හැර යන්නට වන බව දනී ඇතිවන චිත්ත වේදනා..නොකළ යුතුකම් වල පසුතැවීම කාලගුණ නොදත් අයගේ වැරදි තරහ මරහ සියල්ල ඇතුළු වී හිත කෙලෙස් වලින් පිරි යන අවස්තාවක්..

    එවන් විටෙක සියලු දෙනා එක්වී ශාරීරික පිඩා වලින් මිදීමටත් ඇප උපස්ථාන කිරීමත්, මානසික පිඩා වලින් මිදවීමට සමාව දීම සැලකීම වැනි දේ වලින් හිත සාමයෙන් මෛත්‍රියෙන් පිරවීම ඔවුන්ගේ ආත්මයට ශාන්තියක්ම උදාවෙන්නක්

    රතු ඉන්දියන් වරු පමණක් නොවේ අපේ ඇද්දී වාසින්ද මෙවන් චාරිත්රවලින් පොහොසත් බව අසා තිබුනා..දිගටම මේ කතා මාලාව ලියන්න..ස්තුතියි සූරී

    ReplyDelete
  2. යෂ් කියන දේ අහන අය හොයාගෙන ගිහිල්ල. අපි ගියානම් අපිට පෙනෙන එකක් නැහැ. එවැනි චාරිත්‍ර ආදිවාසීන් ළඟ තියනව. පරිසරයට සමීපව ඉන්න ඔවුන්ට ඒවා දැනෙනවා.

    ReplyDelete
  3. දෙදෙනාටම ගොඩක් ඉස්තුතියි , මටත් නම් වැඩි වැටහීමක් ඔය සම්බන්ධව නෑ , එහෙම හැකියාවක් තියෙන එකත් ලොකු දෙයක් බලද්දී. අපිට යමක් කරවල පෙන්නන්න පොරොන්දු උනා අපහු යන්න කලින්. බලමු එහෙම උනොත් ෆිල්ම් කරගන්න පුළුවන් වෙයිද කියලා

    ReplyDelete