Tuesday, May 23, 2017

පණපිටින් ජිවිත දවාළු ඒ අමානුෂික අතීතයට.... 4



කටුක යයි නම් වූ මාවතේ අතිනත අල්ලාගනිමින් දුක්බර ඒ අතීතයට සමුදෙන්නට තමා මෙන් දුක් විඳි අසරණ යුවතියක් සරණ පාවා ගන්නට තරම් නිහතමානී වූ ආරොන් දයාන් යහ්ලොම් ගේ නිදහසින් පසු ජිවිතයට ඔහු සමඟ මම පිය නැගූ ඒ කතාවයි මේ.

හයිෆා සහ ආරොන් එදා
ආරොන් මහතාගේ ඒ කටුක මතකය ගැහෙන හදින් මම ඔහුගේම වදනින් මෙසේ ලිපියට නගමි. ඇමරිකානු හමුදාව විසින් අපිව නිදහස් කරද්දී මම හිටියේ මවුත්හවුසන්  Mauthhausen කියන වධකාගාරයේ. එක තියෙන්නේ ප්‍රංසයත් ඔස්ට්‍රියාවත් අතරේ. ඒ වධකාගාරයේ ගහනුන්ට දුන්නේ පුදුම වධයක්. අපිව පෙළගස්සල අහිංසක තරුණ ගැහැණු ළමයින්ට දරුණු විදිහේ කායික අතවර කළා සිරකරුවන් හැමෝටම පෙනෙන්න, මට පිස්සු හැදුණා ඒවා  දැකලා, ඒ වගේම තමා අපිව පාවිච්චි කරන්නේ හමුදා කාරයින්ගේ අභ්‍යාස වලට තඩි සපත්තු දාගෙන අපේ පිටවල් උඩ උඩපැන්නා බොක්සිං කොට්ට විදිහටත් අපිව පාවිච්චි කලා ,කඳවුරින් කඳවුරට දෙන වැඩ වෙනස් තියෙන දරුණුම කුරිරු කම් මම අත්වින්දා.

ඔවුනගේ වැඩිමහල් පුතු එකම දියණිය සමඟ
1945 මයි 5 දා ඇමරිකානු හමුදාව පැන්නා, වෙඩි හුමරුවලදිත් කොට්ටාශයක් මියගියා, ගොඩක් අය හිටියේ අසනීප වෙලා. ඒ වගේම විශාල මළකඳන් තිබ්බ ගොඩගැහිලා කුණු ගඳ ගහමින්. නිදහස් කලාට පස්සේ අපිව ඔස්ට්‍රියාවේ රතුකුරුස තාවකාලික නවතුම්පොලකට යැව්වා, අපිට් බෙහෙත් සහ පිරිසිදු ඇඳුම් ලැබුණා නගන්න ලැබුණා නමුත් අර මානසික සහ කායික විපරිත සිදුවීම් වලින් මාව හොඳටම වැටිලා තිබ්බේ. රතුකුරුස රෝහලේදී මගේ එක අය්යා කෙනෙක් මුණ ගැහුණා එයා හිටියේ හොඳටම දුර්වල වෙලා  දවස් පහකට පස්සේ මගේ අය්යා මිය ගියා. අම්මා තාත්තා  අනිත් අය්යා මට කවදාවත් දකින්න ලැබුනේ නෑ. එදා මගේ හිතට දැනුණු දුක කිසිම දෙකට සමාන කරන්න බෑ , යුදෙවු වෙලා උපන් සාපයට අපි විඳෙව්වා. ඔහුගේ වදන් ශෛලිය ආවේගවත්   වන්නට පටන් ගත්තේ ඔහුගේ පසු ජිවිතය ගැන කතාව පටන්ගනිද්දිය. මට තාවකාලික නිවහනකට යන්න වුණා. වෛද්‍යවරු අපිට  බේහෙත් කලා , නමුත් සුවපත් වෙන එක එතරම් ලෙහෙසි උනේ නෑ. මම මාරාන්තික බයකින් පෙළුනා , මට මිනිසුන් මරලතෝනි දෙනවා ඇහුණා, ගින්දර දැක්කාම කලන්තේ හැදෙනවා, මට කන කන දේ වමනෙට ගියා , තව නොයෙකුත් අතුරු විපාක මම අත් වින්දා. මාව භාර කරපු තාවකාලික නවාතැනේ දැන්වීම් පුවරුවේ මගේ නැන්දා කෙනෙක් ඥාතින් හෝ දරුවන් සොයන බව දැන්වීමක් දාල තිබුණා මම එයාලට දැනුම් දුන්නා මම ජිවතුන් අතර ඉන්න බවත් මම එයාලා ලඟට එන්න කැමති බවත් ඔය විදිහට තමා මම බෙල්ජියමට සේන්දු වුණේ, මගේ නැන්දා බෙල්ජියම් ජාතික කාන්තාවක් එයා විවාහ වෙලා හිටියේ මගේ අම්මගේ මල්ලි එක්ක ඒ වරදට නැන්දගේ ඇඟිලි දෙකක් කපල නිදහස් කරලා තිබුණා. මට ඇති වුණේ තවත් කම්පනයක් ඒක අහපුවම.ඇඟිලි දෙකේ අඩුව ඇරෙන්න වෙනත් අමාරුවක් නැන්දට නොතිබුණ එක හිතට ලොකු සහනයක් උණා. මුළු බෙල්ජියමම විනාශ වෙලා තිබ්බේ එක ප්‍රාන්තයක් ප්‍රංශයටත්  අනිත් ප්‍රාන්තය නෙදර්ලන්ත්යටත් සතුව තිබ්බේ. ඔය කුණු වධකාගාර වල වධ විඳින එක නෙමෙයි විඳිල්ල ඉන් පස්සේ ඒ සමරු සටහන් එක්ක හෙට්ටු වෙන එක.

නිදහස් දිනයේදී වල දැමුණු සිරුරු
මාස 5 යනකම් මට හරියට සිහිය තිබ්බේ නැ නැන්දට  සිද්ධ වෙන්න මම ටික ටික ජිවිතයෙන් ගොඩ ආවා, මම පල්ලියට ගියා අකුරු ඉගෙන ගන්න, වෙන පාසලක් තිබ්බේ නෑ ඒ පළාතටම, පදිලිතුමා  ආදරයෙන් අපිට ඉගැන්නුවා. දෙවියෝ විශ්වාස  කරනවා ද කියලා මගෙන් අහන්න නම් ඒපා මොකද මට හැමදේම කලකිරුණා දෙවිවරු ඉන්නවද කියන ප්‍රශ්ණය මට ඒ කාලේදී  උග්‍ර විදිහට වද  දුන්නා. පල්ලියේ පාදිලිතුමා මට පැහැදිලි කරලා දුන්නා දෙවියෝ බලපු නිසා තමා ජිවිතේ ගැලවුණේ කියලා ඒ ගැන අපි කථා නොකර ඉම්මු මොකෝ ඕක නිකම් ප්‍රශ්ණ ඇති වෙන 

සිරකරුවෙකු විසින් බිත්තියක මෙසේ කොටා තිබිණී
 මාතෘකාවක් පමණයි.
ඉතින් ඔය විදිහට මම අකුරු ඉගෙණ ගත්තා කියමුකෝ මම රජයේ විභාගය පාස් වුණා රස්සාවක් කරන්න පුළුවන් විදිහට. මට පොඩි වඩු වදපොලක යතු ගාණ රස්සාවක් හම්බ උණා මම කොහොමටත් අතේ වැඩට හපනා. ඔහොම කාලය ගෙවිලා ගියා, පොඩි වඩු වැඩපොළ දියුණු වුණා ටික ටික. ඔය කොයි දේ වෙතත් මගේ මතකය නම් දියවී ගියේ නෑ , මම අදටත් විඳවනව. ඒ දේවල් ඔය කාටවත් තේරුම් ගන්න බෑ දරුවෝ. 

නිදහස් කල දිනදී තුවාල වලට බෙහෙත්

විඳපු කෙනාම තමයි දන්නේ එකේ රස. මගේ ජීවිතය අලුත්ම කඩ ඉමක් කරා  ගියේ මගේ නැන්දා ගේ හිතවතියක් වූ මිරියම් මහත්මිය සහ එම පවුල අපේ නිවසට ආදාය. මිරියම් මහත්මියට දරුවන් දෙදෙනෙකු සහ හදාගත් දරුවන් දෙදෙනෙකු ද සිටියහ. ඒ අතර සිටි හයිෆා ට මගේ හිත ඇදිලා ගියා හේතුව එයත් අතරමං  මාත් එහෙමයි , පලවෙනි දවසෙම අපි දෙන්නා කතා බහට වැටුණා , මම මගේ නැන්දා මගින් යෝජනාවක් යැව්වා , එක හරි ගියා , ඔහුගේ මදහස් සිනාව සියල්ල එළිදරව් කරන්නට සමත් විය.
අපි දෙන්නට එකතු උනා කියලා ජීවිතය ලෙහෙසි උණේ නෑ , අපි දෙන්නම යම් යම් අබාධ වලින් පෙළුණා , අපි දෙන්නට ලැබෙන්න හිටපු දරුවෝ දෙන්නෙක්ම අතරමගදී ගබ්සා වුණා මානසික ආතතිය නිසා. අපි අපිට ලැබෙන විදිහ භාර ගන්න තීරණය කලා.

දඬුවම් දුන් අයුරක්
නොසිතු මොහතක අපිට හොඳ නිරෝගී පුතනුවෙක් ලැබුණා , ඒ අපේ වැඩිමහල් දරුවා , ඊට පසු පුතුන් තිදෙනෙකුද දියණියක්ද ලැබුණා,  ඔයාගේ මිතුරිය අදිනා මගේ තුන්වෙනි පුතණුවන්ගේ දියණිය,

පලවෙනි පුතා ඇමරිකානු ජාතික යුවතියක සමඟ විවාහ වී දැනට ඇමරිකාවේය වෘතියෙන් ඔහු යේල් විශ්වවිද්‍යාලයේ ආචාර්‍ය වරයෙකි බිරිඳ මැහුම් නිර්මාණ ශිල්පිනියකි. එකම දියණිය හොලිවූඩ් සිනමාවේ අධ්‍යක්ෂක වරියක් වන්නට පුහුණුව ලබමින් සිටී.

දෙවැනි පුතා යුදෙවු ජාතික කාන්තාවක විවාහ කරගෙන  නෙදර්ලන්තයේ ජිවත් වන අතර ඔහු දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකි. දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන අතර බිරිඳ දරුවන් බලා කියාගන්නා ආයතනයක හිමිකාරියකි

තුන්වෙනි පුතා  ජාත්‍යන්තර  අධිකරණයේ විනිසුරුවරයෙකි බිරිඳ ස්විස්ටර්ලන්ත ජාතික කාන්තාවක් වණ අතර දියණිවරුන් දෙදෙනෙකුගේ දෙමාපියන්ය. එක දියණියක් මගේ මිතුරිය අදිනා වන අතර ඇය එකසත් ජාතීන්ගේ සංවිධානයේ පරිපාලන නිලධාරිනියකි, අදිනාගේ සොයුරිය පශ්චාත් උපාධිය  සඳහා ඉගෙනගනිමින් සිටී

මගේ ආදරණිය මිතුරිය අදිනා
ඔවුන් දෙපලගේ බාලම දියණිය ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් සමඟ විවාහ වී ඇති අතර ඔවුනට දරුවන් නොමැත.
ජිවිතයේ අනෙක දුක් ගැහැට විඳි ඔවුන් දේපල ගේ අසීමිත ආදරය දයාව කෙරෙහි මට ඇති වුයේ ගරුත්වයකි. විඳින 
දුක් පැණි රසයි යන කියමන මොනවට සනාථ කල ඒ දුක්බර කතාවට මම අද නැවතීමේ තිත තියමි.  මෙම ලිපිය සකසා ගන්නට ප්‍රස්තුතය මට ලැබෙන්නට සැලැස්වූ මගේ මිතුරිය අදිනා ගැන යමක් සඳහන් නොකලොත් එය හරි මදි බව වටහුනෙන් මම ඇය ගැන යමක් කෙටියෙන් කියන්නට අදහස් කලෙමි. ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි සැමියා ලෝක කම්කරු සංවිධානයේ නිලදරුවෙකි, ඇය එකසත් ජාතීන්ගේ සංවිධානයෙහි ආධාර පරිපාලනය සම්බන්ධ නිලධාරිනියක  වන අතර, දරුවන් තවම අධ්‍යාපනය ලබමින් සිටී.යට දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් සිටි. ඇය  පවසන අන්දමට ඔවුන්ගේ පවුල තුල ඇත්තේ ඉතාමත් ලෙංගතු බැඳීමකි. අන් ජාතික වුවද එම පවුලට එකතු වුනු ය අතරේ හොඳ සම්බන්ධතාවයක් ඇති බව ඇය පැවසුවාය. ඔවුන්ගේ විවාහ ද ඉතාමත් ලාබාල වයසින් කෙරෙන අතර දරුවන් ලැබීමද අඩු වයසින් සිදු වන බව ඇය පවසා සිටියාය. අතීතයේ යුදෙවු ජාතිකයින් විවාහ වුයේ යුදෙවු ජාතිකයින් සමඟ පමණක් වුවද මෙම කෘර වධකාගාර අත්දැකීම් නිසා අයගේ සීයාත් ආච්චි අම්මත් වෙනස් පිළිවෙත් අනුගමනය කල බවද පැවසුවාය.

අදිනාගේ සැමියා සහ දරුවන් තිදෙනා
කියවූ ඔබ සැමට තුති!

පිංතුර සහ මතකයේ අයිතිය අදිනා සහ ඇයගේ පවුල සතුය!
සියලුම සාමාජිකයින් පෙනීසිටින ජායාරුපයක් අදිනා මට ලබාදුන් විට මම එය ඇතුලත් කරමි. 
 වධකාගාරයේ පින්තුර එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුය!

 පසු වදන : මෙම වධකාගාර නිදහසින් පසු මෙම තුච්ච ඝාතන ක්‍රියාත්මක කල අමනුස්ස වේදනා මින්සුන්ට දුන් හමුදා නිලධාරීන් රඳවා තබන්නට පාවිච්චි කරන ලදී.

සූරී -නෙදර්ලන්තය

1 comment:

  1. //තුච්ච ඝාතන ක්‍රියාත්මක කල අමනුස්ස වේදනා මින්සුන්ට දුන් හමුදා නිලධාරීන් //

    ට මොනවගේ දඩුවම්ද ලැබුනේ ....

    ඒ දඩුවම් පටන්ගන්ඩ තිබුනේ ( ලිහිල්ම දඩුවම් තුන )

    බෙල්ලෙන් එල්ලිම
    විදුලි පුටුව
    වෙඩි තැබීම

    ReplyDelete