සබැ වන්නට නම් ඔබ සිහින දැකිය යුතුය වෝල්ට් ඩිස්නි විසින් කියනු ලැබූ
ඒ කථාව නම් සත්‍ය බව වැටහෙන්නට මෙහි
යායුතුය. කාටුන් චිත්‍ර
ශිල්පියෙක් සහ චිත්‍රපට ශිල්පියකු වූ ඔහු දරුවන්ගේ සිහින රජ දහන වූ ඩිස්නිලන්තයේ
නිර්මාතෘ ය. වසර දෙකක කුඩා දරුවෙකු කල සිට මගේ දියණිය ඉතාමත්ම ප්‍රිය කරන තැනක් වූ
මෙම ප්‍රංශයේ සිහිනලන්තයට අප ගිය සතියේ
ගියෙමු.
ආදරණිය දරුවන් හට සෙනෙහෙ දක්වන්නට ඩොනල්ඩ් ඩක් Donald Duck , කැතරින් Catharine, මිකී මවුස් Mickey Mouse , මිනි මවුස් Minnie Mouse, එකී නොකී මෙකි
රජ කුමාරවරුන් කුමරියන් මෙහි සැරිසරති. ප්‍රංශයේ
ඩිස්නිලන්තය උද්‍යාන දෙකකින් සමන් විතය. එකක් වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ Walt Disney Studio Parkසහ
ඩිස්නිලන්තයයි Disneyland Park. විවිධාකාර ක්‍රියාකාරකම් මෙහි ඇති අතර සමහර ක්‍රියාවන්ට දරුවන්ට සහභාගී
විය හැක. වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ
හි මිකී මවුස් සහ අනිකුත් චරිත
වේදිකාවේ රඟති වයති පොටෝ
ගණිති. එමෙන්ම මෙහි ඇති සියලුම උඩ යට
කරනම් ගසන රෝලර් කෝස්ටර් සියල්ලම නිපදවා ඇත්තේ ඩිස්නි කතාමලාවක අනුසාරයෙනි.
වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ : Walt Disney Studio Park
ඈමරිකාවේ හොලිවුඩ් පුරවරයේ සිනමා සිත්තම් සිහිගන්වන මෙම
ස්ටුඩියෝ හි විශාල අවන්හලක් මිකී
සාප්පුවක් සහ ජායාරූ ශාලාවකින් සමන්විතය.
මෙහිදී පුංචි දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද මිකිමවුස් එකී නොකී චරිත සමඟ ෆොටෝ
ගනිටමටද එම චරිත අයුරින් හැඩ වැඩ වී ෆොටෝ
ගැනීමටද පුළුවන. හොලිවුඩ් සිනමා සිත්තම් වලදී පරිහරණය කෙරුණු සියලුම අංගෝපාංග ප්‍රදර්ශනය
කරන හොලිවුඩ් දුම්රිය චාරිකාව එහි යන සැමටම ගෙන දෙන්නේ ඉමහත් ආශ්වාදයක්. ගිනි ජලා
මැදින් ධාරාණිපාත වැසි මැද යන එම චාරිකාව ඉතාමත් කුතුහල ධනවන සුළුය. බොහොමයක්
සිනමා සිත්තම් වල සිදුවන අතිබිහිසුණු දර්ශණ අප දකින්නේ අප කවදත් ආදරය කරන නළු නිලියන්
කරණා අයුරකිනි නමුත් එය එසේ නොවන බව මොනවට විදහා දක්වන ස්ටන්ට් දර්ශණයඇඟ කිලිපොලා යන සුළුය. වහල උඩින් මෝටර්බයිසිකල් අප ඇස් ඉදිරිපිට බිමට වැටෙති.
කාර් හැප්පෙති, ගිනිජාලා
මැද මිනිසුන් පිලිස්සෙති. එකිනෙකාට වේඩි තියා ගණිති ,මේ සියල්ල අවසාන ඔවුන්
සිනහසෙමින් අත්පොලසන් මැද සැමටම අචාර කර
විසිර යති.
මේ සියල්ල මෙසේ
වෙද්දී හොලිවුඩ් ටෙරර් ටවර් හි Hollywood Terror Tower තට්ටු 14 කින් පහලට
විදුලි සෝපානය බිමට පාත් වෙන්නේ පැයට
කිලෝමීටර් 180 වේගයකිනි.
මෙහි ශරීර දුර්වලතා ඇති නම් එහි යාමෙන්
වලකින ලෙස අවධාරණයෙන් ඉල්ලා ඇත. 1970 ගණන් වල රොක් සංගීතය
අනුව උඩ කරනම් ගසන රොක් ඇන්ඩ් රෝල් රෝලර්කෝස්ටර් එහි යන අයව එලියට එවන්නේ නටවමිනි. සමහරු තරමක් දුරට යනතුරු නටමින්ම යති.
වැඩිහිටි යට වැඩුණු දරුවන්ට පමණක් නොව අතදරුවන්ට ද මෙහි යමක් ඇත. එනම් ක්‍රීඩා
උයණය . වයස 2 ත් 4 ත් අතර
දරුවන්ට මෙහි සෙල්ලම් කල හැක. ගොෆි, ප්ලුටෝ සහ අනිකුත් චරිත මෙහි දරුවන් සමඟ
සෙල්ලමේ යෙදෙති. එමෙන්ම මිකී මවුස් පණපිටින් වේදිකාවේ අනිකුත් අය සමඟ නටති වයති ගයති. මෙම වේදිකාව තුල පින්තුර
ගැනීම තහනම් කර ඇත. ජිවිතය සිහිනයක් නොවුනද මෙම සුන්දර සිහිනයන් දරුවන්ට පෙන්වීමට
දස දහස් ගණනින් ජනයා යුරෝපයේ සිට නං දෙසින්
ඇදී එති.
ඩිස්නිලන්ඩ් උද්‍යාණය Disneyland Park
මෙම උද්‍යාණය
අංග 4 න සමන්විතය
එනම් ෆැන්ටසිලන්තය Fantasyland,ඩිස්කවරිලන්තය Discoveryland ,ඇඩ්වෙන්චර්ලන්තය Adventureland සහ
ප්රෝන්ටියර්ලන්තය Frontierland වන අතර මෙම උද්යාන සියල්ල සමබන්ධ කරමින් දුම්රියක් දුවයි.
ෆැන්ටසිලන්තය
තනිකරම ෆැන්ටසියකට සමානය. මෙහි පිස්සු තේ කෝප්ප පැදීම, තේ කොප්පයක කරකැවිල්ල හැදෙන තරමට වේගයෙන් එය කරකැවෙයි , පීටර් පැන් ගේ
චාරිකාව, එල්ලෙන යානයක
සිට පහතින් පෙනෙන පීටර් පැන් ගම්මානය පෙන්වාගෙන මෙම රථය කරුවල ශාලාව තුල පියාසර
කරයි. පිනොකියෝ නිවාසය සහ ස්නොව් වයිට්
කුමරියගේ නිවාසය,
තුල පුංචි කරත්තයක වාඩි
වී මෙම ගම්මානය තුල ගමන් කල හැක.
මෙපමණක් නොව තවත් බොහොමයක් දේ ඇත. ෆැන්ටසිලන්තයේ ඉතාමත්ම සිත්ගන්නා අංගය නම් එය පුංචි ලෝකයකිනම් වූ බෝට්ටු සවරියයි විවිධාකාර රටවල් නියෝජනය කරන බෝනික්කන් මෙහි තාලෙට ඉඟ සුඟ
නලවති.
ඩිස්කවරිලන්තය
තරමක් අධ්‍යාපනික පැත්තට බරය. මෙහි පොළොවට යට සබ්මැරීනයක් ,
කාර් ධාවන පොලක්,
විශ්වය බලා යන කෝච්චියක් , ස්ටාර් වොර්ස්
සිමියුලේටරයක්, සහ බස්ල්යිට් ලේසර්
හලක්ද වෙයි. අවන්හලේ සැම විටකම වෝල්ට් ඩිස්නි ගේ ජිවිත කතාව දරුවන්ට කියා දෙයි.
ෆ්රෝන්ටියර්ලන්තය ඇති
සියලු දේ ඉතාමත්ම කුතුහලය දනවන සුළුය. මෙහි විශාල බෝට්ටුවක් දුපත වටා ධාවනය වන
අතර එහි විවිධාකාර සතුන් ,
මාළු කාරයින් සිටිති නටඹුන් ද , දිරා ගිය
කිඹුල් අට කටුද, ඇති අතර බල්ලෝ ද
බුරති. විනාඩි 20 ක සංචාරයෙන්
පසු එය නැවත නැවතුම්පොළට පැමිණේ. ඒවගේම පුටුවක වාඩි වී හොලමන් මන්දිරය පුරාවට ගමන් කල හැක. මෙම පුටුව තල්ලු
කරන්නේද හොල්මනකි. මෙහි සිටිනා හොල්මන් කති බොති නැටුම් නටති. මිනි පෙට්ටි වල නිදා
ගනිති. අයිස් දුම්රිය කෙදවාචකය සිහිපත් කරවන් තන්ඩර් මේසා දුම්රිය මිනිසුන්
පටවාගෙන අදික වේගයෙන් කඳු ඇලි පසුකරමින්
ඇදී යන අතර මිනිසුන් යටි ගිරියෙන් කෑගසමින් එහි වාඩිවී සිටිති.
තන්ඩර් මේසා |
ඇඩ්වෙන්චර්ලන්තය තරමක් නිස්කලංක තැනක් වන අතර ගස්
උඩ ගෙවල් , එල්ලෙන පාලම්,
බෝට්ටු සවාරි , පුංචි කෝච්චි
සවාරි,,ඉන්දියානා ජෝන්ස් සමඟ අතීතයට සවාරි,
සහ කැරිබියන් මංකොල්ල කරුවන්ගේ මුහුදු සවාරි අත් විඳී මට
පුළුවන.
ආශ්වාදය ,
ත්‍රාසය, සහ විනෝදය සහ
අධ්‍යාපනය එකවර මෙම උද්‍යානයෙන් දරුවන්ට ලබා දෙන අතර අබාධිත දරුවන්ට විශේෂ සැළකිලි
මෙහිදී ලබා දෙති අන් අය සේ පැය ගනම් පෝලිමේ සිටිය යුතු නැත නමුත් මෙම විශේෂ
සැලකිලි ලැබීමට නම් වෛද්‍ය ලිපියක් අවශ්‍ය වෙයි ඔහු හෝ ඇය සත්‍ය වශයෙන්ම අබාධිත බව කියවුණු. මෙම තත්වය මිට වසර 5 කට පෙරාතුව
නොතිබුණි.නමුත් ජාතිය ජම්මය මොක වුවද කොහෙන්හෝ අව්දින්නට බැරි කෙනෙකු රෝද පුටුවක
හිඳුවාගෙන අනිසි ලෙස පහසුකම් ලබා ගැනීම නිසා මෙම අලුත් නීති රීති පනවා ඇත. මෙම
ඩිස්නිලන්තය සෘතු 4 ට සතර අකාරයකට සකසයි. එපමණක් නොව හැලොවින් කාලයට වට්ටක්කද දැක
ගත හැකිය.
මේ පිළිබඳව මම නැවත වරක් විස්තර ගෙන එන බලාපොරොත්තුවෙන් අදට නවතිමි. කියවූ ඔබ සැමට තුති!
මෙහි වීඩියෝ 3 ක් හැර අන් සියලු වීඩියෝ ඩිස්නිලන්තය සතුය!
පින්තුර වල අයිතිය මා සතුය!
සූරී - නෙදර්ලන්තය
මෙහි වීඩියෝ 3 ක් හැර අන් සියලු වීඩියෝ ඩිස්නිලන්තය සතුය!
පින්තුර වල අයිතිය මා සතුය!
සූරී - නෙදර්ලන්තය
No comments:
Post a Comment