Sunday, May 28, 2017

මළවුන් සමඟ දිවි ගෙවන තරුණයෙකුගේ කතාව 1


ඔහු නමින්  යන්සෙන් උයෙලන්  Jansen Uielen , 1972 මාර්තු මස 15 දින නෙදර්ලන්තයේ ගරොනින්ගන් Groningen නම් නගරයේ උපත ලද අතර දෙමාපියන් සමඟ රෝටර්ඩාම් Rotterdam නගරයට පදිංචියට විත් ඇත්තේ වයස අවුරුදු 3 දීය. හුරුබුහුටි දරුවෙක් වුවද දෙමාපියන්ට ඔහුගේ වෙනසක් නිතරම පෙනෙන්ට විය. එනම් නිතරම ඔහු තනියම කතා කිරීමයි. කුඩා දරුවෙකු නිසා මෙය එතරම් ගණන් නොගත්තද ඔහු වයසින් වැඩෙද්දී මෙය නතර වන පාටක් නම් නොවිය. ළදරු පාසල් යන අවදියේ ඉතාම ඉහල මානසික වෛද්‍යවරයෙකුට මොහුව පෙන්වන ලද්දේ දෙමාපියන් විසිණි. එම වෛද්‍යවරයාට අනුව මෙම දරුවට සින්ඩ්රොම් එකක් ඇත. එයට බෙහෙත් නියම කෙරිණි, දුසින් ගණන් ගත්තද කියවිල්ලේ අඩුවක් නොමැත. ඔහුට තැනක් වෙලාවක් නොමැත අනිත් ය ඔහු ගන විපරම් කලද ගානක් නොමැත බොහොම උනන්දුවෙන් කතාව කරමින්  සිටී ...  

පවුලේ ඥාතීන් මෙම දරුවා මානසික රෝගියෙක් යයි හංවඩු ගහද්දි , පාසලේ යහළුවන්ගේ කොලොප්පමට ලක් වෙද්දී , දෙමාපියන් විසින් වෛද්‍යවරුන් ගණනාවකට මෙම දරුවා පෙන්වන්නට ගෙන ගියේ මෙය මොන ක්‍රමයකින්   හෝ නතර කරගන්නා අදහසිනි. . එදා ඒ කුඩා දරුවා අද ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකි, මගේ  සැමියාගේ ආදරණිය මිතුරෙකි, නිවාඩු කාලය දෙමාපියන් සමඟ ගත කිරීමට ඔහු නෙදර්ලන්තයට පැමිණි මෙම වකවානුවේ ඔවුන් සමඟ වරුවක් ගත කිරීමට අපට අවස්ථාව ලැබුණු මොහොතේ එයින් උපරිම ප්‍රයෝජන ගන්නට මම උත්සහ කලෙමි.
උඩහ කන්දේ ගුරුතුමාට අනුව ඔහුට අමනුස්ස දොසකි, ගෙවන වාට්ටුවේ මානසික වෛද්‍යවරයාට අනුව ඔහුට සින්ඩ්රොමයකි syndrome , පංසලේ  මහ  හාමුදුරුවන්ට අනුව නම් ඔහුට භාවනාව වැරදි ඇත,
අපි යන විට ඔහු  නිසංසලව පොතක් කියවමින් එළිමහනේ සිටියේය.  මළවුන් සමඟ සැරිසරන ජිවමාන මිනිසාගේ අත්දැකීම් සමුදාය මම මෙසේ ඔබ වෙත ගෙන එමි.
ඔහුත් ඔහුගේ මව්පියනුත් අපට පැවසු අත් දැකීම් සමුදායම විශ්මිත ගැන්වූ සුළුය, සමහර අත්දැකීම් ඇඟ කිලිපොලා යනතරමට බිහිසුණුය.
යස්
පීටර් උයෙලන්Peter Uielen පියත් මාග්‍රට් වසනාර් Margret Wassermann  මවත් ඔහුගේ කුඩා කල ගැන අපට පැවසු තොරතුරු ඔවුන්ගේම වදනින් මම මෙසේ සිංහලට පරිවර්තනය කරමි. මෙම සාකච්චාව නෙදර්ලන්ත බසින්  2017 මැයි මස 28 දින උදැසන  රොටර්ඩෑම් Rotterdam පුරවරයේ ඔවුන්ගේ නිවසේදී සිදුවුණු බව සලකන්න.

අපිට ඉන්නේ එක දරුවයි, යස් ඉතා හුරතල් හුරුබුහුටි දරුවෙක් නමුත් මාස ගණන් වල ඉඳලම ඔහු පොඩ්ඩක් අමුතුයි. ඒ කියන්නේ කිසිම අඩු පාඩුවක් තිබුණා කියන එක නෙමෙයි. හරියට හිනාවෙනවා ඒ අපිට නෙමෙයි අහකට අපි තවත් භය වුණේ මේ දරුවා කථා කරන්න ගත්තම අපිට නෙමෙයි කතා කරන්නේ අහකට. මේ තත්වය දකිද්දී අපි තව දරුවෝ හදන්න භය වුණා මොකද ඒ දරුවත් ඔය වගේම වුනොත් කියන භයට.. අපි කොච්චරවත් අහද්දී අපිට යස් jas කියන්නෙම මම මේ ආච්චි අම්මා එක්ක කථා කරනවා එක්කෝ කවුරු හරි පවුලේ මිය ගිය කෙනෙකුගේ නමක් අපිටත් මේක විහිළුවක් වගේම වේදනාවක් වුණා මොකද සමහර අය  මිය ගියේ යස් උපදින්න වසර ගණනාවකට කලින්
ඒ නිසා කොහමටත් යස් එයාලත් එක්ක කතා කරන්න විදිහක් නෑ කියන අදහසයි අපේ එදා තිබුණේ.
යස් කුඩා කල
 පුතා පාසල් පටන් ගන්න කලින් අපි අපේ වෛද්‍යවරයට පෙන්නුවා එයා කියුවේ මානසික වෛදයවරෙකුට පෙන්වන්න කියලයි. ඉතින් අපි යුරෝපේ හිටපු දක්ෂම මානසික වෛදයවරයට පෙන්නුවා මෙයාව. එයා කියුවා දුර්ලභ ගණයේ සින්ඩ්රෝමයක් ඔහුට ඇති බවත් බෙහෙත් වලින් එය පාලනය කලයුතු බවත්. අපිට බෙහෙත් දුන්නා අපිත් ඉතින් බෙහෙත් ගිල්ලෙව්වා නමුත් ගුණයක් නම් පෙනෙන මානයක නැ. තව තවත් හොඳට කතාව , කවුරු බලන් හිටයත් අහන හිටියත් එයාට ගානක් නැහැ. පාසල් අවධිය පටන් ගත්තට පස්සේ තමා අපි පුදුම විදිහට වින්දේ.
දරුවාව පාච්චලේට  ලක් වුණා , අනිත් දරුවෝ සමච්චල් කලා , ගුරුවරු පවා මෙයාව කොන් කලා , අපේ නෑදෑයෝ පිස්සු දරුවෙක් කියලා හංවඩු ගැහුවා. දරුවාගේ උපන්දිනෙකට එන්න වත් කවුරුවත් හිටියේ නෑ හැමෝම මොකක් හරි කාරණාවක් කියලා මග ඇරියා. දරුවට නම් ඒ ගැන වගක් තිබ්බද කියන්න අපි දන්නේ නැහැ නමුත් අපි මානසිකව වැටුණා අපිට හිටියෙත් එකම දරුවා නිසා. ඒ නිසා අපි දරුවා ගේ උපන්දිනයට කොහේ හෝ යන්න පුරුදු වුණා. මගේ දරුවාගේ තියෙන්නේ තනියම උපන්දින කෙක් කපන පිංතුර පපුව දනවා දැක්කාම. පියත් මවත් කියවා ගෙන යද්දී ඔවුන්ගේ වේදනාව මට පමණක් නොව මගේ සැමියාට පවා දැනෙන්නට විය. විශ්වවිද්‍යාල මිතුරෙකු වුවද මේ සම්බන්ධව ඔවුන් කතා නොකළ බව මගේ සැමියා පවසා සිටියේ එම අවස්ථාවේදීය.
ඉතින් අපි කරපු කිසිම දෙයක ප්‍රතිපල නැති කොට අපි දරුවාව ළඟ තිබුණු රජයේ පාසලට යැව්වා නමුත් සතියකින් පාසලෙන් අපිට කියුවා  දරුවා එම පාසලේ තියාගන්න බැහැ එයා අසාමාන්‍ය දරුවෙක් නිසා එවන් පාසලකට යව්වන්න ලියුමක් දුන්නා.
අපි දරුවාව ගෙනිච්චා එම පාසලට එම පාසලේ මාසයක් ගිය තැන අපිට කියුවා මෙම දරුවා සාමාන්‍ය දරුවෙක් මොන දේකට මෙහෙ පාසලට එව්වද මේ ඩවුන් සිනඩ්රොම් Down Syndrome දරුවොත් එක්ක ඉගෙන ගන්න කියලා. අපි කබලෙන් ලිපට විතරක් නෙමේ ඊටත් පහලට වැටුණා. අපිව පුදුම විදිහට අසරණ වුණා.  
ඒ වෙනකොට යස්ට වයස අවුරුදු 5 යි. දරුවාව ගෙදර තියාගන්නත් බැහැ රජයෙන් දඬුවම් විඳින්න වෙනවා දරුවාව ගන්නෙත් නැහැ අසාමාන්‍ය දරුවෙක් කියනවා. අපිට කර කියාගන්න දෙයක් නැතිව ගියා. අපි නීතිඥවරයෙක් හමු වෙන්න ගියේ අපි මොකද කරන්නේ කියලා දැන ගන්න. එයා අපිට කියුවා එයා රජයෙන් මුදල් පහසු කම් ලබා දෙන්නම් දරුවාව එකම පෞද්ගලික විදුහලට දාන්න කියලා. එම විදුහල වීවෘත වුනේ අනේවාසික පිටරට  දරුවන් සඳහා පමණයි. අර නීතිඥ මහත්තයට පිං සිද්ද වෙන්න අපිට දරුවාව ඒ පාසලට ඇතුලත් කර ගන්න පුළුවන් වුණා. රජෙයේ පාසල් අපේ දරුවාව ප්‍රතික්ෂේප කරපු නිසා රජයට අපේ දරුවට පෞද්ගලික පාසල් ගාස්තු ගෙවීම හැර වෙන විකල්පයක් තිබුනේ නෑ. 
මව පියා සහ බල්ලා ට්‍රම්ප්
අපි පෞද්ගලික පාසලට දාලා ටික දවසක් යද්දී අපිට තේරුණා දරුවා ඉගෙනීමට දක්ෂ බව, නිතරම පොතක් පතක් අතේ තිබුනොත් දරුවා කතාවට යොමු නොවෙන බවත් අපිට ටික ටික වැටහෙන්නට ගත්තා. නමුත් කතාව සම්පුර්ණයෙන්ම නතර වුනේ නෑ. එක තරමකට පාලනය වුන එක විතරයි වුණේ.
දවසක් අපි යස් ගේ 7 වෙනි උපන්දිනේට ප්‍රංශයේ ලුර්ඩ් පල්ලියට ගියා. උදේ පුජාවට අපි සහභාගි වුණා එම පල්ලියේ පුජක තුමෙක් නිරන්තරයෙන් මගේ පුතා දිහා බැලුවා. පොඩ්ඩක් විතර පුතා කතාව පටන් ගන්න හැදුවා, නමුත් අපි උරහිසට අතක් තියාගෙන එයාගේ අවධානය අල්තාරය දෙසට යොමු කළා. පුජාවෙන් පසුව අපි දිහා අවධානෙන් බලන් හිටපු අර පුජක තුමා අපිට නතරවන ලෙස කාරුණික ඉල්ලීමක් කළා. ඉතින් අපි නතර වුණා.
අපිට මේ පුජක තුමා කියුවා " ඔබ දෙපලට ඉන්නේ ඉතාමත් දුර්ලභ ගනයේ දරුවෙක් එයා මේ ලොවට වගේම පරලොව ඉන්න අයටත්  සේවය කරන්න පුළුවන් කෙනෙක් නමුත් ඔබලාගේ දරුවාට පුහුණු කරන්නට වෙනවා දෙපැත්තම සමබර කරගන්න"
අපිව උඩ ගිහින් බිම වැටුණා සතුටටද නැතිනම් දුකටද මන්ද අපි දෙන්නම ඇඩුව. අපිට ඒ පුජකතුමාව කිහිප විටක් මුණ ගැහෙන්න එන්න පුළුවන් නම් එයා උදවු කරන්නම් කියලත් කියුවා. අපි වෙහෙස මහන්සි නොබලා අවුරුද්දක් ඒ පුජකතුමා හමුවට ගියා.
මම හිතන්නේ එතනින් එහාට විස්තර පුතා කියයි පුජක තුමා ඇතුලට ගත්තේ පුතා විතරයි. අපි ටවුමට ගිහින් එන්නම් කියමින් දෙමවුපියන් පවසද්දී මෙතුවක් වෙලා නිසොල්මනේ කතාවට සවන් දීගෙන සිටි යස් අපි සමඟ කතාවට වැටුනා.

අම්මයි තාත්තයි කියපු දේවල් මම අයිත්  කියන්න ඕනේ නැහැනේ නේද අසමින් බොහොම සෙමින් ඔහු කතාව පටන් ගත්තා. පුංචි කාලේදී මට වැටහීමක් තිබ්බේ නෑ මට පෙනුනේ මිනිස් සිරුරු නමුත්  මිදුම් බෝල වගේ හැටි, විනිවිද පෙනෙනවා සමහරු . එයාලා මාත් එක්ක සාමාන්‍ය අය වගේම හොඳට කතාබහ කරනවා. සමහරු මට සින්දු කියනවා සමහරු කතන්දර කියනවා මමත් ඉතින් එයාල අහන දෙකට උත්තර දෙනවා ඕක ඉතින් අපේ කට්ටියට කියුවට තේරෙන්නේ නැහැනේ. මම අම්මටයි තාත්තටයි කියුවා නමුත් එයාලට දොසක් කියන්න බැහැ මොකද ඇස් වලට පෙනෙන්නේ මට විතරනේ. ඉස්කෝලේ ළමයි නම් අනන්තවත් හිනා වුණා කොලොප්පම් කලා මට දුක හිතුණා නමුත් මගේ නොපෙනෙන මිතුරන් කියුවේ ඒවායින් නොසැලෙන්න  නොපෙනෙන සියල්ලට එයාලා හිනා වෙනවා එකයි එයාලගේ චරිතය. ඔයාට ඊට වඩා හොඳ ආත්මයක් ලැබිල තියෙන්නේ ඒ නිසා එයාල ගැන  වද  වෙන්න කාලය විනාස කරන්න එපා කියලා.

නමුත් මට නිතරම එයාල කතා කරනවා විස්තර කියනවා මම කතා නොකලොත් මගේ කනට පිඹිනවා එතකොට කන කකියනවා.ඉතින් අම්මලා බය වෙනවා.  මම මේ කතා කරන අවස්ථාවේත් මෙතන ඉන්නවා මගේ දිහා බලාගෙන දෙන්නෙක්ම ඔහු එසේ කියද්දී සිහින් හිරිගඩු පිපෙනා සුළඟක් අප අසල ගැවසෙන්නට විය නෙදර්ලන්තයේ සුළඟ මට නුහුරු නුපුරුදු දෙයක් නොවේ නමුත් මෙම සිහින්  සුළඟ වචනෙන් විස්තර කල නොහැක.

මම පුජක තුමා ලඟට යන්න ගත්තට පස්සේ එයා මට උපදෙස් දුන්න දෙපැත්තම කොහොමද සමබර කරගන්නේ කියලා. බයිබලයට අනුව එවන් තත්ත්ව ඇතුව දරුවන් බිහිවෙන්න පුළුවන් එවන් අවස්ථාවලදී කරන්නට පිළිවෙත් සහ යාතිකා තියෙනව කතෝලික ආගමේ. මගේ පාලනය මගේ අතට ගන්න හැටි පුජක තුමා මට පුහුණු කලා. එදා ඉඳන් මම මගේ නීති රෙකුලාසි අනුව එයාල සමඟ සම්බන්ධකම් පවත්වනවා. එදා ඒ පුජකතුමා නිසා මට උනේ සහනයක් යස් කියනවා.
පසු කාලීනව මගේ යහළුවෝ මට හිනා වුන අය  තේරුම් ගත්තා මම ගැන, නමුත් මට වැඩක් නැහැ මගේ හිත රිදිලා ඉවරයි නමුත් මම කාට  වත් වෛර කරන්නේ නෑ එක මගේ ආත්මයට හොඳ නෑ සන්සුන් වදනින් යස් කියනවා.

අපි අපිට කරන දේවල් අපි සමඟ වල පල්ලට යනවා නමුත් අපි ලොවට කරන දෙය සදා  පවතිනවා යස්   කියයි. නමුත් මම අනන්තවත් අනතුරු ආපදාවන්ට ලක් වෙලා තියෙනවා මේ කට්ටිය හින්දා. ඒ එක දවසක්   පාරේ හැප්පිලා ජීවිතය නැති වෙච්ච් කෙනෙක් මගේ කාරෙකේ වාඩිවෙලා ගිරිය යටින් හු තියලා කෑ ගැහුවා ඔන්න ලොරියක් කියලා කලබල වෙච්ච පාර මමත් ගහපි බ්‍රේක් කාරෙක ලිස්සන් ගිහින් ගහක හැප්පුණා මගේ පන බේරුණේ අණු නවයෙන්. බෙල්ල ගැස්සිලා කාලයක් මම දුක් වින්දා. 
තවත් දවසක් මාව ගිලෙන්න ගියා මුහුදේ පිහිනන්න ගිය අතරදී, මුහුදේ ගිලිලා මිය ගිය කෙනෙක් මගේ කරේ එල්ලිලා මාව යටට තල්ලු කලා ඒ වගේ ආත්ම වලට අපි කියන්නේ අර්ත් බවුන්ඩ්  Earth Bound Souls කියලා. මොකක් හෝ හේතුවක් නිසා එලියට යන්න බැරුව හිර වෙලා. මොකද අවසාන මොහොත තරමක් භයානකයි භෞතික  හෝ පුද්ගලයෙකුට චෛතිසිකය ඇළුනොත් එලිය කරා යනවා බොරු යස්  කියයි.මම නම් ගම සඳහන් කරන්නේ නෑ මොකද මට එක අහිතකරයි. ඔය අර්ත් බවුන්ඩ්  Earth Bound Souls ආත්ම දන්නවා එයාලව පෙනෙන අයව. ඒ අයට එයාලා කියනවා උදවු කරන්න කියලා හරි වෙන්න ඕනේ දේ හරි. 

මම අර කලින් කියපු හැප්පුණු කෙනා තම බිරිඳට හොරෙන් තව ලඳක් එක්ක ෆිල්ම් එකක් බලන්න යද්දී රතු එලිය නොතකා ආපු බර වාහනයක ගැටීමෙන් මිය ගිහින් තියෙන්නේ නමුත් අවසාන සුසුම් පොද විශ්වයට එකතු වෙද්දී එයාට බිරිඳට කරපු ප්‍රෝඩාව මතක් වෙලා එලියට යාම වැළකිලා.එතන ඉඳන් අඬ  අඬ වටේ දුවනවා. කාව හරි හමු වෙනකම් තමාට ඕනේ දේ කරගන්න.  ඔය වගේ දේවල් ඉතිං අර මනුස්සයා මැරිච්ච නෝනට මම කොහමද කියන්නේ කොස්සකින් හරි පොල්ලකින් මට තඩි බාවි මහා හඬින්  සිනහ වෙමින් ඔහු පැවසිය. ඔය වගේ දේට බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ නමුත් ඔය ඔය මිගිය ඇත්තන්ට ඉවසීම නම් කොහෙත්ම නෑ ආන් එතැනදී තමා මට හිරිහැර වෙන්නේ. ඇඳන් ඉන්න ඇඳුම පවා මගේ ගලවලා  තියෙනවා. මාව ඇඳෙන් තල්ලු කරනවා කනට විසිල් ගහනවා නිදා ගන්න දෙන්නෙම නෑ ඉතින් පහුවදා  උදේට මාත් උන්ගෙන් එකෙක් වගේ හැටි.නොතේරෙන වයසේදී මම කලබල උණාට වයස 12 විතර වෙද්දී මට හොඳ වැටහීමක් අවා අර පුජක තුමාගේ පිහිටෙන් මම ඉගෙනගත්තා  එයාලව ආම්බාන් කරන්න ඕනේ විදිහ ගැන, එතන ඉඳන් මම එයාලව පාලනය අතට ගත්තා. එදා ඉඳන් මම කට වහගෙන හිටු කියුවොත් හික් සද්දක් නැතිව ඉන්නවා. 

ඉතිං  මම අර කියපු නෝනා හොයාගෙන මම ගියා එයා තරුණයි මම කියුවා මම එයාගේ මහත්තයා එක්ක එක පංතියේ හිටියේ පොඩි කාලේ මරණය අරංචි උණා ගෙදර ආවම අනේ අර නෝනා මාව ගෙට ගත්තා  උරහිස බදාගෙන ඇඬුවා හරියට. දැන් මගේ ළඟ ඉන්න බු මෑන්ට තදියම. තේ එකක් බිල හෙමිහිට මම කතාව පටන් ගත්තා. මම කියුවා මම පිස්සෙක් කියලා  හිතන්න මේ දැන් මගේ ළඟ ඔයාගේ මහත්තයා  ඉන්නවා කියලා ගැනි මට බනින්න ගත්ත කුණු හරපෙන් බු මෑන් අතුරුදහන් උණා කුණුහරප ඇහුනානේ. නමුත් ටික වෙලාවකින් මේ බුමෑන් නෝනගේ කුස්සියේ ලයිට් නිවන්න දාන්න ගත්තා මේකට නෝනා භය වුණා. නෝනා මට  කියුවා සමාවෙන්න මම හිතුවේ විකාර කතාකරනවා කියලයි, ඊට පස්සේ  නෝනා සංසුන් බුමෑන් සංසුන්. ඔන්න ඉතිං අපි කතාව පටන් ගත්තා දැන් ඉතින් මම තෝල්කය හොල්මන් ලෝකෙටයි ජීවමාන ලෝකෙටයි. විස්තර සේරම කතා කරලා නෝනා එයාගෙන් වෙච්ච අඩුපාඩුවක් ඇතිනම් සමා වෙන්න කියලා සමාව ඉල්ලුවා මිය ගිය සැමියාට පණටත් වඩා ආදරෙයි කියුවා, බුමෑන්  රහසිගත සම්බන්දෙ පටන් ගන්න හේතුවත් කියලා සමාව අරගෙන එහෙනම් මම ගිහින් එන්නම් කියලා  බුමෑන් මොහොම සංසුන් විදිහට සිනහ වුණා ඒ එක්කම විශාල සුදු වලාවක් එක්ක විශාල සුදු දීප්තිමත් එළියක් ආවා එත් එක්කම ඒ බුමෑන් ඇතුලට ගියේ නෝනගේ තාත්තා  තවමත් එයාට  ආදරෙයි කියන පණිවිඩයත් දීලා. දීප්තිමත් එළියත් වලාවත් නොපෙනී ගියා. මම නෝනට සුභ රාත්‍රියක් පතලා ගෙදර අවා. ඔය එක සිද්ධියක් පමණයි.පළමු වරට මම ඉතාමත්ම කම්පණයට පත් වුණ  සිද්ධියක්  මිය ගිය යුවතියක් වයස අවුරුදු 19 ක පෙම්වතාගෙන් පළමු හාද්ද ලබාගැනීමට  මගේ සිරුරට ඇතුල් වීම  

යස් ගේ ඒ හිරිගඩු පිපෙනා කථාව මම මීළඟ කොටසින් ගෙන එමි

කියවූ ඔබ සැමට තුති !

පින්තුර වල සහ විස්තර වල අයිතිය යස් සහ දෙමාපියන් සතුය!

සූරී- නෙදර්ලන්තය


10 comments:

  1. වෙනස්ම විදිහේ කතාවක්
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඉස්තුතී ! එහෙම එකක් ඇඳලා හිටි බවක් කියුවේ නම් නෑ ;)

      Delete
  2. මෙය ඇත්තමයි කියලා මට හිතිලා නැහැ. මම හිතුවේ කන්සෙප්ට් එකක් කියලා.

    මේ තේමාවෙන්ම හදපු දමිල චිත්‍රපට දෙකක් මම බලලා තියෙනවා. ඉතිරි කොටස ලියන්න...

    ReplyDelete
    Replies
    1. අමාරුයි අපිට තේරුම් ගන්න මොකද ඒ හැකියාව අපිට නැති නිසා. බ්ලැක් ෆොරස්ට් කථා මාලාවත් හැන්සල් ඇන්ඩ් ග්‍රෙටල් කථා මාලාවත් ඔයිට සමානයි.

      Delete
  3. ඉතුරු ටිකත් දාන්ඩෝ

    ReplyDelete
    Replies
    1. මේකට ටිකක් ආසන්න සිද්ධියක් මම ලිය ලියා උන්නේ .... ඉවරකරගන්න බැරි උනා .... වෙලාව මදි හන්දා

      Delete
    2. නෑ මාරයිනේ ෂුවර් බුමෑන් කෙනෙක් ඔයාට කනට කොඳුරලා , පොඩ්ඩක් ඉවසන්ට අප්පා :)

      Delete
  4. අසාමාන්‍ය කතාවක් ! ඔබ ඉතා රසවත්ව පවසනවා. අසාමාන්‍යයයි කිව්වෙ මේ වගේ සිදුවීම් විරල නිසා. මා ජීවත්වෙන්නෙ ක‍තෝලිකයින් බහුතරයක් වෙසෙන පෙදෙසක. සිය පසුගිය ආත්මය නැතිනම් ජීවිතය ගැන නිව‍රැදි තොරතුරු පැවසූ දරුවන් දෙදෙනෙකු මා මුණගැසී කතාබස් කර තිබෙනවා.ඔවුන් පැවසූ තොරතුරු නිවැරදි වූවත් ඒ පිළිඹඳව වැඩිදුර සොයා බැලීමට ඔවුන්ගේ දෙමාපියන් උනන්දුවක් දැක්වූයේ නැහ. මීසමේ පල්ලියෙන්ද දරුවා නිශ්සබ්ද කරන ලෙසට බලපෑම් එල්ල වෙනවා. තරුණ වියට එළැඹුනාට පසුවත් මේ දරුවන්ව මම මුණ ගැසුණා.ඒත් මේ වෙනකොට ඔවුන් කුඩා කාළයේ පැවසූ සෑම දෙයක්ම ඔවුන්ගේ මතක්යෙන් ගිලිහී ගොසින්.

    ReplyDelete
  5. ඉස්තුතියි විරාජ් :)

    ReplyDelete