Wednesday, May 10, 2017

පණපිටින් ජිවිත දවාළු ඒ අමානුෂික අතීතයට.... 2



තරමක විරාමයෙන් පසුව......
අපි කොතනින්ද නතර උණේ ඇය මගෙන් ඇසුවේ දයාව පිරුණු හඬින් , හෝර්ස් වලින් වතුර ගහන තැනින් මම කියුවේ ඇයට සිනහවකින් සංග්‍රහ කරමින්. මම ඇගේ නම කියන්න තතනන බව තේරුම් ගත්  ඇය මට පැවසුවේ මට කවුරුත් කියන්නේ හයිෆා කියලා ඔයත් එහෙමම කියන්න කියා පැවසුවේ මට සිනහවකින් සංග්‍රහ කරමිනි,

ඉතින් අපි නාල හීතලේ ඉන්නවා නේ වෙලෙනකම් , නමුත් ශීතල කාලය ගැන හිතන්න සමහර ළමයි උණට , තවත් නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු උණා , හේතුව අපිරිසිදු කම , කෑමක්  නොමැතිව ඇඟ දුර්වල වීම සහ මානසික ආතතිය සහ දුෂණය.
ළමා කඳවුරේ දරුවන් කොටසක්.
උදේ  පාන්දර 04:00 ට  විසිල් ගහලා  ඇහැරවනවා අපිව ගාල් කරලා ගනින්න පටන් ගන්නවා ගනිද්දී වැරදුනොත් ආයිත් මුල ඉඳලා ගණිනවා , ඔය විදිහට පැය 3 ක් හෝ 4 අපි වතුර වත් නොමැතිව හිටගෙන උදේ පාන්දර. ඊට පස්සේ අපිව දම්වැල් දාල අරන් යනවා වැඩ කරන තැන් වලට. නපුරු සොලදදුවෙක් නලා පිඹිමින් නිතරම වැඩට යොදවනවා. උදේ 08 පටන් ගත්තම හවස 2ට තම වතුර විවේකය දෙන්නේ ඊට කෝප්පයක් නොමැති නම් ඒ වතුර උගුරත් නෑ සමහර නපුරු සොල්දාදුවෝ අපේ කෝප්ප විසි කරනවා , මම මගේ කෝප්පේ බෙල්ලේ එල්ලන් ඉන්න පටන් ගත්තා ඒ නිසා වතුර උගුර මට ලැබුණා. ඉතාමත් කළා තුරකින් අපිට ලීක්ස් සුප් දුන්නා. සමහර සොල්දාදුවෝ හිටියා මනුස්සකම් තියෙන. නමුත් එයාලත් එයාලගේ නපුරු පාලකයා ඉදිරියේ අසරණයි. සමහර සොල්දාදුවෝ හිටියා තමන්ට ලැබුණු කෑම දරුවන් අතරේ බෙදපු. එහෙම උත්තමයන් වැඩි කල් ජිවත් උනේ නෑ . දවසක් අපිට  කන්න කේක් කෑල්ලක් දීපු සොල්දාදුවාව අපි ඉස්සරහම වෙඩි තියල මරලා දැම්මා. ඔය දේවල් පුංචි අපි ඇස් වලින්ම දැක්කා. අපි පන බයේ ගැහුණා අපි එකිනෙකා බදා ගෙන කෑ ගහලා ඇඬුවා.
 
යුධයෙන් බැට කෑ දරුවෝ
මෙම කඳවුරු ඇතුලත කිසිම කෙනෙක් නොදන්නා දේ සිදු උණා , ගෑස් කාමර වලට යැව්වේ මරන්න්නටත් වඩා , එවා වෛද්‍ය
පරීක්ශණ,  ගෑස් කොලිටිය චෙක් කලේ උන් එහෙමයි. ඒ වගේම වධ දීමේ ක්‍රම අත්හදා බැලීමේ පාසැල ලෙසයි ඩකාවූ  Dachau කඳවුර නාසි හමුදාව නම් කලේ. ඒ වගේම විවිධ බෙහෙත් වර්ග පර්යේෂණ වලටත් මෙම සිරකරුවන් ව යොදා ගත්තා, ඔය එක වධකාගාරයක් වත් සුන්දර පාරාදීසයක් නෙමෙයි. ඒ විශාල තාප්ප තුල වෙන්නේ මොනාද කිසි කෙනෙක් දැන සිටියේ නෑ. මෙහි 206,206 සිරකරුවන් සිටියා ,බොහොම  188,000 සුළු පිරිසක් තමා ඉන් එලියට අවේ නමුත් එකත් දළ වශයෙන් බොහොමයක් අය අසනීපෙන් හිටියේ. අපි වගේ කුඩා දරුවන් හැරුණු කොට හුඟක් උගත් පිරිසක් ඔය සිර කරුවන් අතර හිටියා, මහාචාර්ය වරු , ගුරුවරු,වෛද්‍ය වරු, එකී නොකී තානාන්තර දරපු අය  හිටියා , ඔය හැම කඳවුරක්ම භාර වුණේ එස්එස් SS හමුදාවට එයාලගේ වගකීම තමා වර්ග සංහාරක ඝාතනය තිතට ක්‍රියාත්මක කිරීම. 

1945 අප්‍රියෙල් මස 29 දින ඇමරිකානු හමුදාව ඩකාවු Dachau කඳවුරට පැන්නා , මට එතකොට අවුරුදු 9 යි මම අවුරුදු 4ක් ඔය කාලකණ්නි කඳවුරේ දුක් වින්දා , මට මින්ත්තු පැය ගෙවෙනවා දැනුණා , අපි නිදහස් කලාට පස්සේ අපි වගේ කුඩා දරුවන්ව ආයතනයකට භාර කළා මොකද මගේ දෙමව්පියන් මියගිය නිසා. කාලකන්ණි  යුද්ධය ලෝකෙම විනාශ කලා, යුරෝපයේ රටවල් සියල්ලම වගේ දුර්වල වෙලා තිබ්බේ. අපිව භාර ගත්ත ආයතනය, අපිට රැකවරණය දුන්නා, අපිව ළමා කඳවුරකට එක්කන් ගියා නෙදර්ලන්තය මායිමේ තිබුණු, 


ඇයව භාර ගත තාවකාලික ළමා කඳවුර
මම එලියට ආවේ කිසිම දෙයක් නැතිව මගේ නම විතරක් අරගෙන පච්චේකුත් එක්ක. එලියට ආවට මම හරියට දුක් වින්දා , කඳවුර ඇතුලත මුහුණ දුන් දෙයින් මගේ මානසික  තත්වය විකෘති වෙලා කම්පනයට පත් වෙලා තිබ්බේ. මට නින්ද ගියේ නෑ , කන්න බැ , වතුරට බයයි , බඩ  කකියනවා වමනෙට එන්න වගේ එනවා ,  විඳපු මිනී මාරු හීන නිතරම පෙනෙනවා, වසර 4 පමණ කාලයක් මම ඩිප්රේෂන් Traumatic Depression එකෙන් දුක් වින්දා . නමුත් ළමා කඳවුරේ වෛද්‍ය සේවයට පිං අයිති වෙන්න මම ආයිත් ක්‍රමයෙන් දරුවෙක් වුණා , අපිට කන්න තුන් වේලම ලැබුණා , අපි ගැන හොයලා බලන්න දෙමවුපියන් හිටියා. සුව පහසු ඇඳක් කොට්ටයක් පිරිසිදු ඇඳුම් ලැබුණා. අපි නැවත දරුවන් වුණා. ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි ජීවිතය විඳවන්නේ නැතිව විඳින්න ඉගෙණ ගත්තා, නමුත් ඒ අප්‍රසන්න කටුක අතීතය මනසින් තුරන් කරන්න නම් පහසු උනේ නෑ , අපි ජිවිතයට මුහුණ දෙන්න ඉගෙණ ගත්තා. සමහරක් ළමයි විතරක් නෙමෙයි වැඩිහිටි අය ඒ කියන්නේ කඳවුරු වල දුක් විඳපු අය නිදහස් වුනාට පස්සේ සිය දිවි හානි කර ගත්තා. අපේ නිවාසේ හිටපු අවුරුදු 17 පිරිමි දරුවෙක් සිය දිවි හානි කර ගත්තා ඒ විදිහට.
වධකාගාර වල ලිංගික අතවර වලින් උපන් දරුවෝ
 ඔය වගේ කැම්ප් වල ඉඳලා බේරෙන්න නරකයි හයිෆා මට කියයි. මොකද යුද්ධය ඉවර වුනාට විඳවිල්ල ඉවර වෙන්නේ නෑ ඒක පටන් ගන්නේ එතනින්. ඒ වගේ මතකයක් එක්ක ජිවත් වෙන එකත් ලෙහෙසි නෑ . මම තාමත් වතුර පයිප්පෙට බයයි කෝච්චියට බයයි. විසිල් සද්දෙට තවමත් මට කලන්තේ හැදෙන්න එනවා. පුංචි වයස් වල මානසික කායික අඩන්තේට්ටම් වලට ලක්වුණාම ඒ කාලකන්නි අත්දැකීම් මුළු ජිවිත කාලෙටම ඔවුන්ගේ ජිවිත වලට බලපානවා කෘර දෝංකාරය රැවුපිළිරවූ දෙනවා. බලකාමය තණ්හාව ඉහට ගහපු උන්ට තේරෙන්නේ උන් ඒ කෘර සත්කාර වලට උන්ව ගොදුරු වුන දවසට. යුදෙවු විතරක් නෙමේ තවත් ජාතික , ආගම, වල අය ඔය කැම්ප් වල හිටියා. මෙහෙම කියද්දී ඇයගේ සැමියා ද කතාවට හවුල් විය. එතැන් පටන් විස්තර මම මීළඟ ලිපියෙන් ගෙන එමි.


විස්තර වල සහ මතකයේ  අයිතිය අදිනා  සහ ඇයගෙ පවුල සතුය!

සූරී- නෙදර්ලන්තය

Monday, May 8, 2017

පණපිටින් ජිවිත දවාළු ඒ අමානුෂික අතීතයට.... 1



ඩකාවූ කඳවුර එදා
මිනිසත් බව ලැබීම භාග්‍යක්  බව සැබෑ  නමුදු , කෘර බව දෝතින් දරා  දරුවන් උපදින බව උඩ තරු දෙස බලා නැකත් හදන කප්පිතන්ටත් අසු නොවන කරුමයක් බව ඉතිහාසය දෙස බලන විට අපට තේරුම් ගත හැක. යුදෙව්වන් වීම කරුමයක්ද නොමැතිනම් කුමක්ද යන්න මට අදටත් නොවැටහේ. තරුණ ළාබාල නිලධාරිණියක ලෙස  එක්සත් ජාතීන්ගේ සංවිධානයට මම  එක්වුණු වකවානුවේ, මා  එම සේවයට පුරුදු පුහුණු කරනු ලැබූ නිලදරුවන් අතරින් අදිනා යහලොම් Eidina Yahlom යුදෙව් ජාතික කාන්තාවකි. ඇය නිහතමානිය කරුණාවන්තය නමුදු අපහාස චෝදනා අසාධාරණය  හමුවේ ඇය සැපින්නකි නමුත් මගේ කථා නායිකාව ඇය නොව ඇගේ ආදරණිය මිත්තණියයි. දෙවන ලෝක යුධ සමයේදී ඉපදුන ඇය  යුදෙව් වධකාගාර වල රස දන්නා කෙනෙකි. ගොත ගැසෙන හඬින්  ඇය මට පැවසු ඒ වධකාගාරයේ අප්‍රසන්න තිත්ත කතාව ඇය මට පැවසු අයුරින්ම මම මෙසේ වදනට නගමි.
 
අමානුෂිකත්වය විදහා පෑම

ඇය නමින් හෙයිෆෙට්ස් හස්සන් ය Heifets Hassan , 1936 පෙබරවාරි 12 දින ඇය ජර්මනියේ මාන්හැයීම් නම් නගරයේ උපත ලැබුවාය. පවුලේ එකම දරුවා වූ ඇය ව්‍යාපාරික පියාත් මවත් සමඟ සතුටින් වාසය කළාය.
" මගේ පියාට කඩයක් තිබ්බා  මගේ මව මාවත් බලාගෙන මැහුම් ගෙතුම් කලා . ඉවුම් පිහුම් අම්මාට  හොඳට පුළුවන්”. ඇයගේ  මදහස් සිනාව ඇගේ  ළමා කල සිහිගැන්වූ  බවට කදිම නිදසුනකි. ඒ දවස් එතරම් හොඳ කාල නෙමෙයි. යුද්ධය පටන් ගත්  කාලය. භීතියෙන් ඇගේ  දෑස  කුඩා වී හැකිලෙන යුරු මගේ ගතද සසල කරන්නට සමත් විය. 
ගෑස් බෝතල් සුදානම් කිරීම

මගේ අම්ම කියන විදිහට අපේ අවාසනාවට හිට්ලර් ජනාධිපති උණේ. අපි හිතුවේ නැ  කීයටවත් මෙහෙම වෙයි කියලා.අපි ගුහාවකත් ජිවත් වුන  කාලයක් තිබ්බා . අපි ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම තමා හැංගෙන්න දිවුවේ. අනේ මට ලස්සන ලොකු පුසෙක් හිටියා. පව් අපිට ඌව  දාල යන්න වුණා . මට අදටත් දුකයි මතක් වෙද්දී අපිත් අසරණ වුණා නේ ඉතින් මොකෝ කොරන්නේ. අපි හිටපු ගුහාවේ කන්න තිබ්බෙත් නෑ හරියකට හිතවත් අය  අපට කන්න ගෙනත් දුන්නා  එයාලට පුළුවන් හැටියට. අපේ අම්මට තව දරුවෙක් ලැබෙන්න හිටියේ. එත් නාසි හමුදාව අපිව කුදලං ගියා. අපිව හරකුන් දක්කනවා වගේ ස්ටේසමට දක්කන් ගියා .මගේ අම්ම තාත්තා  ඇතුළු හැමෝමව. ඩකාවූ Dachau කඳවුරට අම්මව ගිය ගමන් වගේ නාන්න කියලා  කාමරයක් තුලට ඇරියා අනේ මම එදාට පස්සේ මගේ අම්මාව  ආයිත් දැක්කේ නෑ .  රූරා  වටෙන් කඳුළු තුලින් ඇය  කථා  කරද්දී මගේ සිත දිව ගියේ 88 /89 වසර ගණන් වල කැළණි ගඟ වෙතය. 
 
අළු වෙන ජිවිත
වධකාගාර ලෙසින්ම නොවුනත් සිදු වුනේ එකම දේ නොවන්නේද යන කුතුහලය මට ඇති වුණි, දවස් ගණන් ගල් කඩමින්  දුක්විඳි ඇගේ  පියා නාන්නට ගිය අතර ඇයට පියාද අහිමි විය. මම ගල් කැඩුවා , මිනී ඇද්දා , වලවල් කැපුවා මගේ පුංචි අත්  දෙකෙන්. මට දවස් මාස ගත වෙනවා හොඳට දැනුණා , මට අදටත් දරා  ගන්න බැරි දුකක් ඇති වෙන්නේ මගේ දෙමවුපියන්ට වුන දේ මතක් වෙද්දී,  මිනිසුන් හරියට එම කඳවුරු වල දුක් වින්දා, ඒක අපායක් එත් ජර්මන් ජාතිකයෝ වීඩියෝ කරලා පෙන්නුවේ උන්ගේ දරුවන්ට මේක සුර පුරක් විදිහට. එවන් ප්‍රෝඩා වලටද නාසි උන් දක්ෂයි. 
 
කෘරත්වයේ අභිමාණය පොතේ සලකුණු කරමින්

ඒ කඳවුරු හරිම ලේ ගඳයි ඒ වගේම මියෝ පිළිස්සෙන ගඳයි , රැට ගැනුන්ව ගෙනියනවා නාසි බැරැක්ක වලට ඇති  තරම් අමානුෂික විදිහට ලිංගික අතවර කරනවා සමහරු ඒ වේදනාවෙම මියගියා. එතකොට ගිහින් මල මිනි ගොඩට විසි කරනවා. මට කියන්න වචන නෑ එ ගැන. දරුවන් ලැබෙන්න ඉන්න අයව ඇත දරුවන්ව කෙලින්ම යවන්නේ නාන්න. නාසිය කියන්නේ දරුවෝ වසංගත කියලා. දම්වැල් දාලා ගෙනියන්නේ වැඩට , ගල් කඩන වැඩ , බංකර් හදන වැඩ , තවත් කොම්පැනි කාරයින්ගේ වැඩ මේ වහල්ලු කළා. කන්න ලැබුනේ පාන් පෙත්තක් එකත් එක්කෝ වේලිලා නැතිනම් තෙමිලා. බල්ලන්ට විසි කරනවා වගේ අපිට විසි කලේ. කඳවුර අවට ගෙවල්වල මිනිසුන් සමහර වෙලාවට වට අයිනට ගෙනත් මොනවා හරි අපිට දුන්නා, නමුත් එකත් හැමදාම නැත. මාස ගණන් සති ගණන් ගෙවුණා හැමදාම හවසට එදා දවස පන ගැලවීම ගැන අපි දෙවියන්ට ස්තුති කලා. 
 
නිරුවත් කොට තට්ටය ගෑම
අපි කාටත් තිබුණේ  අපි අද මරයිද හෙට මරයිද කියන බය. සමහරු බයටම මිය ගියා සමහරුන්ට කක්කාත් ගියා බයටම. මගේ අම්මා තාත්තා  මට නිතරම සිහි වුණා මට ඒ දෙන්නා  ළඟ ඉන්නවා වගේ දැනුණා මම හීනෙන් අම්මාව දැක්කා මගේබඩ කකියනවා එතකොට. මට මම විතරයි කියන දේ මට එතකොට මට හොඳින්ම වැටහිලා තිබ්බේ. මාත් එක්ක හිටපු හුඟක් අය අද හිටියා හෙට නෑ , මම වගේ දහස් ගණනක් දරුවෝ හිටිය යුදෙවු විතරක් නෙමෙයි හැම ජාතියක්ම වගේ හිටියා  නාසි ළමයි හැර. සමහර ය වෙන කඳවුරු වලට යැවුවා. අපිව ඒ කඳවුරේම තියාගෙණ  හිටියා . අපේ අතේ නොම්මරයක පච්චයක් කෙටුවා , ඉරි පිජාමා එකක් දුන්නා අඳින්න එව්වා කවදාවත්ම හේදුවේ නෑ අපි නෑවේ නෑ අපිට වතුර හෝර්ස් වලින් ගහනවා අපේ ඇඳුම් පිටින්ම ඊට පස්සේ අපි වෙවුල වෙවුල ඉන්නවා හීතලේ.
 
සිරුරු ගොඩ ගැසීම
 මට දැන් මහන්සි අපි තව ටිකකින් කථා කරමුද. ඇයගේ වයසත් මෙම කටුක කතාව සිහිපත් කිරීමෙන් ඇති වන කම්පණය ගැනත් සළකා මම  ඇයට විරාමයක් දී මගේ මිතුරිය සහ මගේ පුහුණුකාරිය වූ අදිනා සොයා කුස්සියට ගියෙමි. ඇයගේ මවත් පියත් සමඟ ඇය මා කථාවට අල්ලා ගත්තේ සිනහ මුසු මුහුණිනි. වයසින් මුහුකුරා ගියද ගත දුබල වුවද අදිනාගේ සියා විහිලු තහළු කලේ තරුණ කොලු ගැටයෙකු ලෙසිනි නමුදු ඔහුගේ මුහුණේ විදහමාන වූ ඒ කටුකත්වය , විඳවන අතීතය මට සිහිපත් කලේ ලංකාවේ පැවතුනු යුද්ධයයි. පවුලේ අයගෙන් තවත් විස්තර මගේ සවනත වැකුන අතර මගේ මුළු සිරුරම අප්‍රාණික කරන්නට ඒ කුරිරු අතීත විස්තර වලට හැකි විය. විරාමයෙන් පසු සවනත වැකුණු ඒ කුරිරු අතීතය මම ඉදිරි ලිපියෙන් ගෙන එමි.

පින්තුර වල අයිතිය අදිනා සහ ඇයගේ සියා සතු වන අතර මෙම විස්තර වල අයිතිය ඔවුන් සතුය!

සූරී- නෙදර්ලන්තය

Thursday, May 4, 2017

දරුවන්ගේ සිහිනලන්තය ප්‍රංශයේ ඩිස්නිලන්තය



සබැ වන්නට නම් ඔබ සිහින දැකිය යුතුය  වෝල්ට් ඩිස්නි විසින් කියනු ලැබූ ඒ කථාව  නම් සත්‍ය බව වැටහෙන්නට මෙහි යායුතුය. කාටුන් චිත්‍ර ශිල්පියෙක් සහ චිත්‍රපට ශිල්පියකු වූ ඔහු දරුවන්ගේ සිහින රජ දහන වූ ඩිස්නිලන්තයේ නිර්මාතෘ ය. වසර දෙකක කුඩා දරුවෙකු කල සිට මගේ දියණිය ඉතාමත්ම ප්‍රිය කරන තැනක් වූ මෙම  ප්‍රංශයේ සිහිනලන්තයට අප ගිය සතියේ ගියෙමු.



ආදරණිය දරුවන් හට සෙනෙහෙ දක්වන්නට ඩොනල්ඩ් ඩක් Donald Duck , කැතරින්  Catharine, මිකී මවුස් Mickey Mouse , මිනි මවුස් Minnie Mouse, එකී නොකී මෙකි රජ කුමාරවරුන් කුමරියන් මෙහි  සැරිසරති. ප්‍රංශයේ ඩිස්නිලන්තය උද්‍යාන දෙකකින් සමන් විතය. එකක් වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ Walt Disney Studio Parkසහ ඩිස්නිලන්තයයි Disneyland Park. විවිධාකාර ක්‍රියාකාරකම් මෙහි ඇති අතර සමහර ක්‍රියාවන්ට දරුවන්ට සහභාගී විය හැක. වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ  හි  මිකී මවුස් සහ අනිකුත් චරිත වේදිකාවේ රඟති  වයති පොටෝ ගණිති. එමෙන්ම මෙහි ඇති සියලුම උඩ  යට කරනම් ගසන රෝලර් කෝස්ටර් සියල්ලම නිපදවා ඇත්තේ ඩිස්නි කතාමලාවක අනුසාරයෙනි.

වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝ : Walt Disney Studio Park
ඈමරිකාවේ හොලිවුඩ් පුරවරයේ සිනමා සිත්තම් සිහිගන්වන මෙම ස්ටුඩියෝ හි  විශාල අවන්හලක් මිකී සාප්පුවක් සහ ජායාරූ  ශාලාවකින් සමන්විතය. මෙහිදී පුංචි දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද මිකිමවුස් එකී නොකී චරිත සමඟ ෆොටෝ ගනිටමටද එම චරිත අයුරින් හැඩ  වැඩ වී ෆොටෝ ගැනීමටද පුළුවන. හොලිවුඩ් සිනමා සිත්තම් වලදී පරිහරණය කෙරුණු සියලුම අංගෝපාංග ප්‍රදර්ශනය කරන හොලිවුඩ් දුම්රිය චාරිකාව එහි යන සැමටම ගෙන දෙන්නේ ඉමහත් ආශ්වාදයක්. ගිනි ජලා මැදින් ධාරාණිපාත වැසි මැද යන එම චාරිකාව ඉතාමත් කුතුහල ධනවන සුළුය. බොහොමයක් සිනමා සිත්තම් වල සිදුවන අතිබිහිසුණු දර්ශණ අප  දකින්නේ අප කවදත් ආදරය කරන නළු නිලියන් කරණා  අයුරකිනි නමුත් එය එසේ  නොවන බව මොනවට විදහා දක්වන ස්ටන්ට් දර්ශණයඇඟ කිලිපොලා යන සුළුය. වහල උඩින් මෝටර්බයිසිකල් අප ඇස්  ඉදිරිපිට බිමට වැටෙති. කාර් හැප්පෙති, ගිනිජාලා මැද  මිනිසුන් පිලිස්සෙති. එකිනෙකාට වේඩි  තියා  ගණිති ,මේ සියල්ල අවසාන ඔවුන් සිනහසෙමින් අත්පොලසන් මැද  සැමටම අචාර කර විසිර යති.



මේ  සියල්ල මෙසේ වෙද්දී හොලිවුඩ් ටෙරර් ටවර් හි Hollywood Terror Tower තට්ටු 14 කින් පහලට විදුලි සෝපානය බිමට පාත් වෙන්නේ පැයට  කිලෝමීටර් 180 වේගයකිනි. මෙහි ශරීර දුර්වලතා ඇති නම්  එහි යාමෙන් වලකින ලෙස අවධාරණයෙන් ඉල්ලා ඇත. 1970 ගණන් වල රොක් සංගීතය අනුව උඩ කරනම් ගසන රොක් ඇන්ඩ්  රෝල් රෝලර්කෝස්ටර් එහි යන අයව එලියට එවන්නේ නටවමිනි. සමහරු තරමක් දුරට යනතුරු නටමින්ම යති. වැඩිහිටි යට වැඩුණු දරුවන්ට පමණක් නොව අතදරුවන්ට ද මෙහි යමක් ඇත. එනම් ක්‍රීඩා උයණය . වයස 2 ත් 4 ත් අතර දරුවන්ට මෙහි සෙල්ලම් කල හැක. ගොෆි, ප්ලුටෝ සහ අනිකුත් චරිත මෙහි දරුවන් සමඟ සෙල්ලමේ යෙදෙති. එමෙන්ම මිකී මවුස් පණපිටින් වේදිකාවේ අනිකුත් අය   සමඟ නටති වයති ගයති. මෙම වේදිකාව තුල පින්තුර ගැනීම තහනම් කර ඇත. ජිවිතය සිහිනයක් නොවුනද මෙම සුන්දර සිහිනයන් දරුවන්ට පෙන්වීමට දස දහස් ගණනින් ජනයා  යුරෝපයේ සිට  නං දෙසින් ඇදී  එති.
 
ඩිස්නිලන්ඩ් උද්‍යාණය Disneyland Park
මෙම උද්‍යාණය  අංග 4 න සමන්විතය එනම් ෆැන්ටසිලන්තය Fantasyland,ඩිස්කවරිලන්තය Discoveryland ,ඇඩ්වෙන්චර්ලන්තය Adventureland සහ ප්රෝන්ටියර්ලන්තය Frontierland වන අතර මෙම උද්යාන සියල්ල සමබන්ධ කරමින් දුම්රියක් දුවයි.

ෆැන්ටසිලන්තය  තනිකරම ෆැන්ටසියකට සමානය. මෙහි පිස්සු තේ කෝප්ප පැදීම, තේ කොප්පයක  කරකැවිල්ල හැදෙන තරමට වේගයෙන් එය කරකැවෙයි , පීටර් පැන් ගේ චාරිකාව, එල්ලෙන යානයක සිට පහතින් පෙනෙන පීටර් පැන් ගම්මානය පෙන්වාගෙන මෙම රථය කරුවල ශාලාව තුල පියාසර කරයි. පිනොකියෝ නිවාසය සහ  ස්නොව් වයිට් කුමරියගේ නිවාසය, තුල පුංචි කරත්තයක වාඩි  වී මෙම ගම්මානය තුල ගමන්  කල හැක. මෙපමණක් නොව තවත්  බොහොමයක් දේ ඇත.  ෆැන්ටසිලන්තයේ  ඉතාමත්ම සිත්ගන්නා අංගය නම් එය පුංචි ලෝකයකිනම් වූ බෝට්ටු සවරියයි විවිධාකාර රටවල් නියෝජනය කරන බෝනික්කන් මෙහි තාලෙට ඉඟ සුඟ නලවති.

ඩිස්කවරිලන්තය  තරමක් අධ්‍යාපනික පැත්තට බරය. මෙහි පොළොවට යට සබ්මැරීනයක් , කාර්  ධාවන පොලක්, විශ්වය බලා යන කෝච්චියක් , ස්ටාර් වොර්ස් සිමියුලේටරයක්, සහ බස්ල්යිට් ලේසර් හලක්ද වෙයි. අවන්හලේ සැම විටකම වෝල්ට් ඩිස්නි ගේ ජිවිත කතාව දරුවන්ට කියා දෙයි.

 
ලයිසන් ඕනේ නැති කාර් පැදිල්ල
 

ෆ්රෝන්ටියර්ලන්තය    ඇති සියලු දේ ඉතාමත්ම කුතුහලය දනවන සුළුය. මෙහි විශාල බෝට්ටුවක් දුපත වටා ධාවනය වන අතර  එහි විවිධාකාර සතුන් , මාළු කාරයින් සිටිති නටඹුන් ද , දිරා ගිය කිඹුල් අට කටුද, ඇති අතර  බල්ලෝ ද  බුරති. විනාඩි 20 ක සංචාරයෙන් පසු එය නැවත නැවතුම්පොළට පැමිණේ. ඒවගේම පුටුවක වාඩි වී හොලමන්  මන්දිරය පුරාවට ගමන් කල හැක. මෙම පුටුව තල්ලු කරන්නේද හොල්මනකි. මෙහි සිටිනා හොල්මන් කති බොති නැටුම් නටති. මිනි පෙට්ටි වල නිදා ගනිති. අයිස් දුම්රිය කෙදවාචකය සිහිපත් කරවන් තන්ඩර් මේසා දුම්රිය මිනිසුන් පටවාගෙන අදික වේගයෙන් කඳු ඇලි  පසුකරමින් ඇදී යන අතර මිනිසුන් යටි ගිරියෙන් කෑගසමින් එහි වාඩිවී සිටිති. 

තන්ඩර් මේසා

ඇඩ්වෙන්චර්ලන්තය තරමක් නිස්කලංක තැනක් වන අතර ගස් උඩ  ගෙවල් , එල්ලෙන පාලම්, බෝට්ටු සවාරි , පුංචි කෝච්චි සවාරි,,ඉන්දියානා ජෝන්ස් සමඟ අතීතයට සවාරි, සහ කැරිබියන් මංකොල්ල  කරුවන්ගේ මුහුදු සවාරි අත් විඳී මට පුළුවන.










 ආශ්වාදය , ත්‍රාසය, සහ විනෝදය සහ අධ්‍යාපනය එකවර මෙම උද්‍යානයෙන් දරුවන්ට ලබා දෙන අතර අබාධිත දරුවන්ට විශේෂ සැළකිලි මෙහිදී ලබා දෙති අන් අය සේ පැය ගනම් පෝලිමේ සිටිය යුතු නැත නමුත් මෙම විශේෂ සැලකිලි ලැබීමට නම් වෛද්‍ය ලිපියක් අවශ්‍ය වෙයි ඔහු හෝ ඇය සත්‍ය වශයෙන්ම අබාධිත බව  කියවුණු. මෙම තත්වය මිට වසර 5 කට පෙරාතුව නොතිබුණි.නමුත් ජාතිය ජම්මය මොක වුවද කොහෙන්හෝ අව්දින්නට බැරි කෙනෙකු රෝද පුටුවක හිඳුවාගෙන අනිසි ලෙස පහසුකම් ලබා ගැනීම නිසා මෙම අලුත් නීති රීති පනවා ඇත. මෙම ඩිස්නිලන්තය සෘතු 4 ට සතර අකාරයකට සකසයි. එපමණක් නොව හැලොවින් කාලයට වට්ටක්කද දැක ගත හැකිය.

 මේ පිළිබඳව මම නැවත වරක් විස්තර ගෙන එන බලාපොරොත්තුවෙන් අදට නවතිමි. කියවූ ඔබ සැමට තුති!
මෙහි වීඩියෝ 3 ක් හැර අන් සියලු වීඩියෝ ඩිස්නිලන්තය සතුය!
පින්තුර වල අයිතිය මා  සතුය!

සූරී - නෙදර්ලන්තය