Saturday, February 11, 2017

එකසත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අංක 1.




ලංකාවෙ කෙනෙකුට එකසත් ජාතීන්ගේ සංවිධනය කියන නම අසපු පමණින් පරල වෙති. නොඑසේ නම් ගැන කියපු කෙනාට අම්මෝ මෝ නැතිව බනිති. අඇයි ? 
මොකද්ද මේ කවුරුත් බැණ වදින එක්සත් ජාතීන්ගේ සංවිධානය.?



දෙවන ලෝක සංග්‍රාමයෙන් නැත්තට නැතී වූ පසු වසර1945 ඔක්තෝම්බර් මස 24 දින ප්‍රංශය,බෙල්ජියම,කැනඩාව,ඕස්ට්‍රේලියාව, බෙනලුක්ස් , ග්‍රීසිය, ඇමරිකා එක්සත් ජනපදය , චීන සමූහාන්ඩුව, එක්සත් රාජධානිය , පැනමාව, සෝවියට් සමූහාන්ඩුව,ලෙබනන්, බොලීවියා,ඩොමිනිකන් රෙපබ්ලික්, ඉරානය ,ඉංදියාව, පෝලන්තය, ඊජිප්තුව,මෙක්සිකෝව,ආර්ජන්ටිනාව , නවසීලන්තය, සිරියාව, නිකරගුආ, ගෞතමාලා,එල් සැල්වඩෝර්, යුගොස්ලාවිය, කොස්ටරිකා, බ්‍රසීලය, සෞදි අරාබිය, නෝර්වේ , ඉතියෝපියාව කියුබව, බෙලරුසියන් සමාජවාදී සමූහාන්ඩුව, චෙකොස්ලොවැකියාව, හොන්ඩුරස්, හෛටී, ඉරාකය , තුර්කිය, ඩේනමාර්කය, එක්වදෝරය,උරුගුඒ,ලිබේරියා, චිලී, කොලොම්බියාව , පැරගුඒ, පෙරු, දකුනු අප්‍රිකාව, උක්‍රයින, කොස්ටරිකා, එල් සැල්වදෝර්, යන රටවල් එකතුවෙන් සෑදුනු ජාත්‍යන්තර සංවිධානයක්. අද මෙහි සාමාජික සංක්‍යාව 193. මෙම සංවිධානයේ මූලික පරමාර්ථය වුනේ එවන් විනාශකාරි යුගයක් නැවත නොඒන්නට වග බලාගන්නත් එකිනෙකාට ගොඩ නැගීමට අතහිත දීමත්.



මෙම සංවිධානය ප්‍රධාන සහ වැදගත් කොටස් කිහිපයකට බෙදෙනවා.
*Security Council,
*ජාත්‍යන්තර ආරක්ශක මංඩලය
*The Economic and Social Council
*ආර්ථික හා සමාජයීය මණ්ඩලය,
*The Trusteeship Council,
* භාරකාරත්ව සභාව,
*The International Court of Justice,
*ජාත්යන්තර අධිකරණය,
*The UN Secretariat
*එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය සහ එහි පරිපාලනය




එදා කෙන්යාවේ නයිරෝබ් නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානය උපත ලැබුවද මහ මූලස්ථානය ඇමරිකාවේ නිව් යොර්ක් නගරයටද ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරට මහලේකම් කාර්‍යාලයද , එදා බෙනලුක්ස් සාමාජිකයෙක් වූ අද නෙදර්ලන්තයට ජාත්‍යන්තර උසාවියද, පරිපාලන කටයුතු ඕස්ට්‍රියාවේ වියානා නුවරට සහ කෙන්යාවේ නයිරෝබි නුවරට සම්බන්ධීකරන කටයුතු පැතිරුනා. ඒදා 51 වැනි සුළු රටවල් කීපයකින් පටන් ගත් මෙම සංවිධානයේ ප්‍රධානම අරමුණ වූයේ ජාත්‍යන්තර සාමය රැකීම. ලොවම කුඩුපට්ටම් කල දෙවන ලෝක යුද්ධය වන් යුද්ධයක් නැවත පැමිණීම වැලැක්වීම . වගේම බිඳ වැටුනු ජීවිත වලට යලි පණදීමත් මොවුන්ගේ තවත් පරමාර්ථයක් වුනා., අද වෙද්දී විශාල වශයෙන් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානයට එකතු වී ඇත.


 සර් ජෝන් කොතලාවල පාලන සමයේදී ඒනම් 1955 දෙසැම්බර් මස 14 දින. අද ශ්‍රි ලංකාව වූද එදා සිලෝන් නම් වූ ඉන්දියන් සයුරේ මුතු ඇටය නමින් ප්‍රචලිත පුංචි රට එක්සත් ජාතීන්ගේ සංවිධානයට එකතු වුනා. එම එකතුවීමත් සමඟ අද එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක පවුලක් සේ වැඩ කරන සමහර සංවිධාන එදා ස්වාධීන සංවිධාන. ඒවන් සංවිධාන සමූහයකම සාමාජිකත්වය ලබාගැනීමට මෙය මහත් පිටුවහලක් වුනා.


එම ආයතන නම්:
1. FAO - ජාත්‍යන්තර අහාර සහ කෘෂිකර්ම සංවිධානය
2. UNICEF -ඒක්සත් ජාතීන්ගේ ලමා අධ්‍යාපනික සහ සංවර්ධන අරමුදල
3.UNESCO- එක්සත්ජාතීන්ගේ අධ්‍යාපණික විද්‍යත්මක සංස්කෘතික සංවර්ධන මංඩලය
4. ADB- ආසියාතික සංවර්ධන බැංකුව
5.IAEA- ජාත්යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය
6.IFAD ජාතයන්තර කෘෂිකර්ම අරමුදල
7.ILO- ජාත්‍යන්තර කම්කරු සංවිධානය
8.IMF- ජාත්‍යන්තර මූලය්‍යමය අරමුදල
9.IOM- ජාත්‍යන්තර සංක්‍රමනික සංවිධානය
10. UNDP- එක්සත් ජාතීන්ගේ ප්‍රවර්ධන අරමුදල
11 UNCHR-ඒක්සත් ජාතීන්ගේ අවතැන් වූවන්ගෙ සංගමය
12. UN HABITAT- මානව ජනාවාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය
13..UNFPA- එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල
14.UNIDO-එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය
15.UNODC- මත්ද්රව්යය හා අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය
16. UNOPS - Not active in SL anymore.
17. UN VOLUNTEERS - එකසත් ජාතීන්ගේ ස්වෙච්චා සංවිධාන
18.WFP- ලෝක ආහාර වැඩසටහන
19. WHO- ලෝක සෞඛ්‍ය සංවිධානය
20. WORLD BANK- ලෝක බැංකුව






සූරි- නෙදර්ලන්තය
පිතූරවල අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුය!
මෙහි අඩංගු සියළු විස්තර එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුය!

4 comments: