Sunday, February 12, 2017

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අංක 2



පළමු ලිපියෙන් මම එකසත් ජාතීන්ගේ සංවිධානය කුමක්ද එහි ප්‍රධාන අංග සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලංකාව සම්බන්ධ වීම නිසාවෙන් සමාජිකත්වය ලබාගත් ආයතන සම්භන්ධව විස්තර කලෙමි.එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග සහ එවා සම්භන්ධ කටයුතු පොඩ්ඩක් අපි අද රස විඳිමු.



*Security Council
*
ජාත්‍යන්තර ආරක්ෂක මංඩලය.
මෙම ප්‍රඥප්තිය යටතේ මෙහි මූලික පරමාර්ථය ලෝක සාමය පාලනය කිරීමයි. මෙය අති ප්‍රබ්ල නිත්‍ය සමාජික රටවල් 5 ක් එනම්
චීනය,
ප්‍රංශය,
රුසියානු සමූහාණ්ඩුව,
එක්සත් ජනපදය,
එක්සත් රාජධානිය,
සහ වසර දෙකක කාලයකට චන්දයෙන් පත්වන රටවල් 10 මෙම කටයුතු සඳහා අප්‍රමිත සහයෝගයක් දෙයි.
2016
වසර සහ 2017 වසර සඳහා චන්දයෙන් පත්වුනු රටවල් 10 තුල
ඇන්ගෝලාව
ජපානය
ඊජිප්තුව
මැලේසියාව
නවසීලන්තය
සෙනෙගල්
ස්පාඤය
යුක්‍රෙනය
උරුගුඒ සහ වෙනෙසියුලාව අයත් වෙයි. මෙහි ප්‍රධාන කටයුත්ත වන්නේ රටවල් අතර සාමය සුරැකීම මිස රටවල් අභ්‍යන්තරය තුල ඇති දේශීය අරගල වලට මැදිහත් වීම වත් හමුදා යැවීම වත් නොවන අතර 1960-1961 ලංකාව ආරක්ශක මංඩලය සඳහා චන්දයෙන් තෙරී පත්ව ඇත.

*The Economic and Social Council
*
ආර්ථික හා සමාජීයීය මංඩලය
තිරසාර සංවර්ධනය ප්‍රරවර්ධනය කිරීම
උසස් ප්‍රතිපත්ති අනුකලනය
සංවර්ධන සහයෝගීතාවය
තිරසාර සංවර්ධණයක් සඳහා මූල්‍යමය ආධාර සැපයීම
මානව හිතවාදීක්‍රියා සම්බන්ධීකරනය.
සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මෙහෙයුම් දියත් කිරීම.
සම්බන්ධීකරණය සහ සුපරීක්ෂණය.
සහයෝගීතාවයන් ගොඩනැගීම
තරුණ ජනගහනයට අතගිත දීම
අදාල ප්‍රශ්ණ වලට විසඳුම් සෙවීම සහ අදාල සාමාජිකයින් දැණුවත් කිරීම.
දිගුකාලීණ සංවර්ධනයක් සඳහා උපදෙස් දීම.
සිවිල් සමාජයහි සහජීවනයට දිරි දීම

*The Trusteeship Council
*
භාරකාරත්ව සභාව
මෙම ප්‍රඥප්තිය යටතේ, ඒක්සත් ජාතීන්ගේ අරමුදලින් නඩත්තු වන රටවල් වල හෝ ප්‍රදේශ වල දේශපාලන, ආර්ථික, සමාජ හා අධ්‍යපනය ඇතුලු නොයෙක් කටයුතු සම්බන්ධව පරිපාලනය ඒක්සත් ජාතීන්ගේ දූත මෙහෙවර තුලින් සිදු වෙයි. 

*The International Court of Justice,
*
ජාත්‍යන්තර අධිකරණය
ප්‍රධාන කොටස් අතරින් විශේෂ ස්ථානයක් ගන්නා මේය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති අතර සාම මන්දිරය නමින් හැන්දින්වෙයි. මෙහි ප්‍රධානම පරමාර්ථය ජාත්‍යන්තර නීතිය අනූව ජාත්‍යන්තර නීතිමය ප්‍රශ්ණ නිරාකරණය කිරීමයි. රටවල් අතර ඇති කරගණු ලැබූ සම්මුති එකඟ වීම් සඳහා නීත්‍යාණුකූල උපදෙස් ලබා දීමද මෙහි දී සිදුවෙයි. මෙම අධිකණය වසර 9 කාලයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහමූලස්ථාන සැසි වාරයේදී චන්දයෙන් පත්වන විනිසුරුවන් 15 දෙනෙකු ගෙන් සමන්විත වෙයි.

*Present members and judges
*
වර්ථමාන විනිසුරුවන් සහ කාර්‍යමන්ඩලය.
President-සභාපති
Ronny Abraham (France)
Vice-President- උප සභාපති
Abdulqawi Ahmed Yusuf (Somalia)
Judges- විනිසුරුවන්
Hisashi Owada (Japan)
Peter Tomka (Slovakia)
Mohamed Bennouna (Morocco)
Antônio Augusto Cançado Trindade (Brazil)
Christopher Greenwood (United Kingdom of Great Britain and Northern Ireland)
Xue Hanqin (China)
Joan E. Donoghue (United States of America)
Giorgio Gaja (Italy)
Julia Sebutinde (Uganda)
Dalveer Bhandari (India)
Patrick Lipton Robinson (Jamaica)
James Richard Crawford (Australia)
Kirill Gevorgian (Russian Federation)
Registrar-රෙජිස්ට්‍රාර්
Philippe Couvreur (Belgium)

*The UN Secretariat
*
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලය සහ එහි පරිපාලනය
ලොව වටා පැතිර පවතින සියළුම ආයතන සම්බන්ධ පරිපාලන කටයුතු සමීක්ෂනය ,මුදල් පරිපාලනය සොයාබැලීම, රපෝර්තු පරික්ෂාකිරීම ඇතුළු සියළුම පරිපාලන කටයුතු සිදුවන්නේ මෙහිදීය. ආධාර ලබා දුන් රටවල් එම මුදල් වලින් කුමක් කලේද රටේ උන්නතිය සඳහා යමක් වීද නොමැති නම් ආධාර හෝ ණය මුදල් ලබාගත් රටවල පාලකයෝ යටි මඩි ගැසුවේද යන ව්මාසීම්ද මෙහිදී සිදු වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධාන්යේ ප්‍රධාන අංග ඔය ආකාරයෙන් විහිදෙද්දී 4507 ක් රාජ්‍ය නොවන සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එකාබද්ධව ජත්‍යන්තර සුභ සිද්ධිය උදෙසා උර දෙති.


බුද්ධිමය දේපල සූරි සතු අතර
කොපිකිරීමේ මෝඩ හැකියාව ඔබ සතුය!
"කොපිකරන්නෝ මන්දපෞරුෂ බෙලහීන්තවයෙන් පෙළෙන්නෝ වෙති"~මහාචාර්‍ය ලෝආනිස් කක්කඩියාරිස් හූස්ටන් විශ්වවිද්‍යාලය ~
සූරි- නෙදර්ලන්තය


No comments:

Post a Comment