Thursday, June 1, 2017

මළවුන් සමඟ දිවි ගෙවන තරුණයෙකුගේ කතාව 2



මියගිය යුවතියගේ නොලැබුණු පළමු සිපගැනීම

යස් කියනා ආකාරයට වයස අවුරුදු 16 ක ගැහැණු ළමයා ලියුකේමියා රෝගයෙන් පෙළුණු දරුවෙකි. ප්‍රතිකාර ගනිමින් පාසල් පැමිණි අතර ඇයට අවුරුදු 19 ක පෙම්වතෙක් සිට ඇත. වයස් පරතරය නිසා මේ ගැහැණු ළමයාගේ පවුලෙන් මෙම සම්බන්ධයට වැඩි කැමැත්තක් තිබී නැත. නමුත් අසනීප තත්වය නිසා දෙමවුපියන් ඉවසා සිටියද මොවුනට ඔවුනට අවශ්‍ය විදිහට ආදරය කිරීමට නම් අවස්ථාව ලැබී නැත. දවසක් මෙම ගැහැණු ළමයා සහ පිරිමි ළමයා නිදහසේ හමුවන්නට තීරණය කළහ නමුත් ඊට පෙර රාත්‍රියේදී අසනීප තත්වය උග්‍ර වීමෙන් ගැහැණු ළමයා රෝහලේදී අවසන් ගමන් ගියාය . මලගමටද පැමිණි පෙම්වතා ඇඬු කඳුලින් ඇයට මොක්   සුව පතා ඔහුගේ ගම බලා  ගොස් ඇත.

නමුත් මෙම ගැහැණු ළමයා යස්ට හමු වන්නේ කෙසේද, හදිස්සියේ අසනීප වුනු පවුලේ ඥාතියෙක් බැලීමට ඔහු දෙමාපියන් සමඟ රෝහලට ගොස් ඇත. මෙම ඥාතියා සිටි ඇඳට අසලින් තිබු ඇඳේ මෙම ගැහැණු ළමයා අවසන් හුස්ම හෙලා තිබුනේ වසර ගණනාවකට පෙරය. නමුදු ඇය මෙලොව සිර වී සිටියේ ඇය මිය යන මොහොතේ ඇයට නොලැබුණු පෙම්වතාගේ පළමු සිපගැනීම සිහි  වීමත් දෙමාපියන්ගේ ඉක්මවා ගිය පරිස්සම් කිරීම ගැන සිටි 

දැඩි වෛරයත් නිසාය. 
එදා රෝහල් ගමනින් පසු මෙම යුවතිය යස්ට වද  දෙන්නට පටන් ගෙන ඇත. මට කියට වත් තව පිරිමියෙක්  සිපගන්නට බැහැ යස් කියයි. ඉතින් මම ප්‍රතික්ෂේප කරද්දී හත්වලාමේ මේ ළමය මාව නොමරා මැරුව. මට පාචනේ හැදුණා , ඇඟ කෙට්ටු වුණා , වෙව්ලන්න ගත්තා , කන්න බැරිව උගුර හිර උණා , නිතරම උණ ගත්තා , අන්තිමේදී මම මේ පෙම්වතා සොයායන්න තීරණය කළා මම එතකොට හිටියේ උසස් විදුහලේ මගේ දෙමවුපියෝ නම් කීයටවත් මේකට කැමති වුනේ නැ නමුත් මගේ පියා මා සමග යනවාට විරුද්ධ නොමැති බවට එකඟ වුනාට පස්සේ මගේ දෙමවුපියෝ කැමති උණා. ඒ පිරිමි දරුවා හිටියේ ප්‍රංශයේ දුෂ්කර ගම්මානයක. මමයි තාත්තයි ඒ ගෙදර යද්දී ඒ දරුවාට හොඳටම සනීප නැහැ. එයාගේ දෙමවුපියෝ කියුවේ මානසිකව ලෙඩ වෙලා පෙම්වතිය මිය ගියාට පස්සේ කියලා නමුත් මට පෙනුණා අර මියගිය දැරිවිය අර දරුවට කරණ කෙනහිල්ල, අපි දෙමවුපියන්ට කියුවා අපි අවේ උදවු කරන්න ඔයාල සයෝගය දෙනෙවා නම් කියලා , වසර ගණනක් තිස්සේ  පීඩා විඳපු දෙමවුපියෝ කැමති වුණා ,,

මම ඒ පිරිමි දරුවාව නිස්කලංක කාමරයකට කැඳවල වාඩිවෙන්න සලස්සල යුවතියට ආරාධනා කලා. බොහොම අමාරුවෙන් මේ පිරිමි දරුවා වාඩි  වෙලා ඉන්නවා. දැන් මට පෙනෙනවා මේ ළමයාගේ කන් හපනවා , කෙස් වලින් අදිනවා තව නොයෙකුත් දේ කරනවා , මම පිරිමි ළමයාගෙන් ඇහුවා ඔයාට අමාරුද තවමත් ඒ ගැණු ලමය මිය ගියා කියලා පිළිගන්න කියලා. එතකොට මේ පිරිමි ළමය මට කියනවා එයා මගේ ළඟ ඉන්නවා වගේ මට දැනෙනවා , මගේ ඇඟේ හැප්පෙනවත් දැනෙනවා ,එයා මගෙන් එයාගේ පළමු සිපගැනීම ඉල්ලුවා මම එයාව හම්බ වෙන්න ගිය වෙලේ ,, අපි හමු වෙන්න දිනයක් දාගෙන සිටි නිසා මම එයාට කියුවා මම එදාට දෙන්නම් කියලා නමුත් ඊට පෙරදා ඇය මාවත් දල සදහටම යන්න ගියා. කියල කෑ ගහල අඬන්න ගත්තා. අනේ මම එයාව සිප ගත්තා නම් එයා සතුටින්  මගේ පණ්ඩිතකමට මම එක කල් දැම්මා කියාලා මේ පිරිමි ළමයා විලාප ගහනවා යස් කියයි.


නමුත් මට පෙනෙනවා මේ ගැහැණු ළමයා කනට බෙරිහන් දෙනවා " මාව සිප ගත්තේ නැ මම තරහයි,මට දුකයි," කියලා බොහොම අමාරුවෙන් මම පිරිමිලමයට පැහැදිලි කරලා දෙන්නම එක්ක කථාවට මම බැස්සා. ගැහැණු ළමයා කතා කලේ හරිම වේදනාවෙන් මම මැරෙන බව දන දැනත් මගේ දෙමවුපියෝ නීති දැම්මා. මම ඉන්නේ තරහින් මම මරණවා ඔය ඔක්කොම උන්ට ලේ වමනේ යනවා බලාපියව් මේ ගැහැණු ළමය ලතෝනි දෙනවා, එක පාරටම මට මොකුත් කරගන්න බැරි වුනා වගේ දැනුණා හුස්ම හිරවෙනවා වගේ දැනුණා ඊට පස්සේ මාව ඇදන්  වැටෙනවා මංම දැක්කා මං හොඳටම භය වුණා ඊට පස්සේ මම නැගිටිනවා දැක්කා මළා මෙන්න දැන් මගේ සිරුර අර කොල්ලව සිපගන්නවා නිමක් නැතිව, මට අතින් සුදු වලාව සහිත එලියත් එහා පැත්තේ ඉඳන් කට්ටිය බලන් ඉන්න හැටිත් මම දැක්කා . මගේ තාත්තා භය වෙලා බලන් ඉන්නවා දැක්කම  මම මගේ උරහිසින් හෙලෙව්වා එතකොටම මාව පයිප්පයක් දිගේ ඇදිලා යනවා වගේ දැනුණා ඊට පස්සේ වෙව්ලන ගතියක් එක්ක මම නැගිට්ටා. මේ වෙද්දී කොල්ලා හිටියේ පුදුම සතුටකින් මේකා කියනවා ඒ එයාමයි ඒ එයාමයි කියලා.


 මේ සිදුවීමෙන් පස්සේ පිරිමි ළමයට සහනයක් වුනත් ප්‍රොජෙක්ට් එක ඉවර වුනේ නෑ , ඉන් පසුව ගැහැණු ළමයාට ඕනේ වුණා අම්මා ගෙන් සහ තාත්තාගෙන් අහන්න ඇයි එතරම් තද බල විදිහට පාලනය කලේ කියලා , ඉතින් පිරිමි ළමයට තොත්තුව දුන්නා  කියලා  මාව නිදහස් වුනේ නැහැ . අපි මෙම ගැහැණු දරුවාගේ දෙමාපියන් සොයා එදාම ගමණ ආරම්භ කළෙමු. එන අතරමගදී මගේ පියා මට පැවසුවේ " මට බයයි දරුවෝ ඔයාට අනතුරක්  වේවිද කියලා " මට පියාගේ භීතිය තේරුම් ගන්න පුළුවන් මමත් භය වෙච්චි කොට මම මගේ සිරුරෙන් ඉවත් වුණාම, යස්  කියනවා.

ඔන්න ඉතින් මම තාත්තා එක්ක අර දෙමවුපියන්ගේ ගෙදරට ගීයා  කියමුකෝ. දෙන්නම හිටියේ තරමක් වික්ෂිප්ත වෙලා, අපි නිවසට යද්දී මුළු නිවසම අන්ධකාරයි , ගැහැණු ළමයාගේ අම්මා  කියුවා මොන විදිහකින් වත් ලයිට් දාල තියන්න බෑ ගිනි අරන් පිච්චෙනවා , ලයිට් කොම්පැනියෙන් කියුවා සම්බන්ධතා වල අවුලක් නෑ කියලා, අපිට කිසි දෙයක් පාවිච්චි කරන්න බැ, අපි උයන්නේ එළියේ එකත් බඩට දාගන්න කන් තියෙන්නෙත් නෑ  උයපු ගමන් නරක්  වෙනවා බොහොම වෙලාවකට. 


දෙමාපියන් ගිරවුන් වගේ කියවාගෙන ගියා. දියණිය මියගිය දා පටන් ඔවුනට වී ඇත්තේ කරදරම පමණි. නිදා ගන්නා  ඇඳ  ද කිසිම හේතුවක් නොමැතිව පිලිස්සී ගොස් තිබුණු අතර  පියාගේ රැකියාවද ඒ වන විට අහිමි වී තිබුනේ ඔහු නොකළ වරදකට අසු වීමෙනි.මේ සියල්ලටම හේතුවක්  තිබිණි එනම් මිය ගිය දියණියගේ වේදනාවයි. ඔවුන් පුජක තුමෙක් ලව්වා නිවාසට ආශිර්වාද කලද සැනසීමක් නම් ලැබී නැත යස්  බොහොම හැඟීම්බර හඬකින් පැවසිය. අපි දෙමාපියන් දෙදෙනා සමඟ කතාකරමින් සිටියදීද නොයෙකුත් විප්‍රකාර සිදුවිණි, පොත් රාක්කයක් පොත් බිම හලගෙනම පෙරළිණි. මියගිය දියණියගේ ක්‍රෝධය මොනවට දිස්විණි.
දෙමාපියන් සහ මියගිය දියණිය අතර කතාව ලෙහෙසියෙන් නම් කරන්නට නොහැකි විය. මේ සියල්ල සිදුවන්නේ මොන හේතුවක් නිසාදැයි මම දෙමවුපියන්ට පැහැදිලි කල විට අන්තිමේදී මව කෑ ගසා අඬන්නට වුයේ සමාව අයදිමිනි. ඉන් පසු තරමක සන්සුන් තාවයක් හටගත් අතර දෙමාපියන් සියල්ල පාපොච්චාරණය කල පසු සියල්ල සන්සුන් වී මියගිය දියණිය එලිය බලා  ගියාය. 


දෙමාපියන් විඳි දුක ඔවුන්ට අමතක නොවනු ඇත දියණියකගෙන් තොර නිවසක් නැවත ආලෝක නොවනු ඇත.මේ ජීවිතය සහ එහි සිදුවීම් හරිම ගුප්තයි විශ්මය දනවන සුළුයි. මම හිතන්නේ බෞද්ධ දර්ශනය ඔය ගැන හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මම හුඟක් ගවේෂණ ඔය සම්බන්ධව කළා, මම ජපන් ජාතික අය   සමඟත් බෞද්ධ උගතුන් සමඟත් කතා කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ, දකුණු කෙන්යාවේ , උතුරු ඇමරිකාවේ , ක්වෙබෙක් ප්‍රාන්තයේ , ඕස්ට්‍රේලියාවේ අබ්‍රොජිනල් කොට්ටාශයේත්  ඔය සම්බන්ධව පරයේෂණ කරපු ඒ වගේම හැකියාව තියෙන අය  ඉන්නවා. නමුත් බහුතරයක් ඔය සම්බන්ධව දන්නේ නෑ , තේරුම් ගන්නත් කැමති නෑ,ඒ නිසා ඔහොම හැකියාවන් තියෙන අය බලන්නේ ඒ සම්බන්ධව නිහඬව  ඉන්න ,නමුත් මම නම් හිතන්නේ මිය ගිය අයට වගේම මේ දේවල් නොතේරෙන අයට යම් අයුරකින් පැහැදිලි කලයුතුයි   යස් බොහොම සංවේදීව පැවසුවා.

ඔහුගේ පර්යේෂණ සහ බෞද්ධ අත්දැකීම් සමුදාය මම මීළඟ කොටසින් ගෙන එමි
පිංතුර අන්තර්ජාලය සතු අතර මෙම සත්‍ය කතාවට සම්භන්ධ නොවන අතර කතාව සතු සියලු විස්තර යස් සතුය!

සූරී- නෙදර්ලන්තය

5 comments:

  1. මේක කියවද්දී The Ghost චිත්‍රපටිය මතක් වුනේ. ඒකෙත් මිට සමාන සිදුවීමක් තියනවා. ඒ චිත්‍රපටිය අධි මනෝවිද්‍යාව හදාරලා හදපු එකක්.

    ReplyDelete
  2. මට මතක් උනේ Shutter චිත්‍රපටිය. මේවා ඇත්ත කියල දන්නවා උනත්, ඇත්තමයි කියලා පිළිගන්න සුදානමක් මගේ තිබුනේ නැහැ. කෙනෙක් වෛරයෙන් මියයන්න හොඳ නැහැ තමයි. ඒකනේ සේරිවාණිජට උනේ...

    ස්තුතියි. තව ඉදිරියට ලියන්න.

    ReplyDelete
  3. "යස්" ගේ කතාව ඔබ අපට ඉදිරිපත් කරණ අයුරු බොහෝ ආකර්ශණීයයි.ඇත්තෙන්ම චිත්‍රපටයක් බලනවා හා සමානව රූපරාමු පෙළගැහෙනවා (ම්...බයත් හිතෙනවා )මියගිය ආත්මයන් සමග මෙතරම් දුරට සංනිවේධනයෙහි යෙදෙන ජීවමාන චරිතයක් ගැන මින්පෙර අසා නැහ.බුදුදහමට අනුව "ගන්ධබ්බ කාළයක්" ,"අන්තර්භවයක්" ගැන ගැඹුරට හදාරන්න සිත් දෙනවා........
    නොනැවතී ලියන්න .ජය !

    ReplyDelete
  4. ඔයාලා හැමෝටම ඉස්තුති දිරිමත් කිරීමට, චිත්‍රපට බලද්දී නම් මටත් හිතුනේ නෑ ඔය කිසි දෙයක් ඇත්ත කියලා නමුත් අහන ඉන්නා විටදී නම් මයිල් කෙලින් උණා ,

    ReplyDelete
  5. බෞද්ධයන් හැටියට මේ දේවල් අපට නම් තේරුම් ගන්න අපහසු නෑ කියලා මන් හිතන්නේ..බුතයින් ප්‍රේතයින් ගැන..ඔවුන් ඒ තත්වයට පත්වීමට හේතුව අවසානයේ හිතේ ඇතිවන සිතුවිලි වල දායක වීම ගැන අගේට වදාළ ලොව පළමු සාශ්තෘ වරයා අපේ තථාගතයන් වහන්සේ..

    ReplyDelete