Tuesday, March 21, 2017

රජ පවුල සමඟ වරුවක් - ඕලන්දයේ රජතුමා



අතීතයේ සිට වර්තමානයට නොව වර්ථමානයේ සිට අතීතය දක්වා දිවෙන රජ පවුලක කතාවයි මේ , වර්ථමාන නෙදර්ලන්ත රජු විලම් - ඇලෙක්සැන්ඩර් ක්ලෞස් ජෝර්ජ් ෆර්ඩිනන්ඩ් Willem-Alexander Claus George Ferdinand  1967 අප්‍රියෙල් මස 27 දින උත්රෙහ්ට් Utrecht  හි විශ්වවිදුහල් රෝහලේදී එවකට නෙදර්ලන්ත රජ කුමරියකවූ  බියට්‍රික්ස් විල්හෙල්මිනා අර්ම්ගාර්ඩ් Beatrix Wilhelmina Armgard  සහ ක්ලෞස් ෆෝන් අර්ම්ස්බෙර්ග්  Claus von Armsberg  ට දාව උපත ලැබිය. පවුලේ වැඩිමල් දරුවා වූ ඔහුට තවත් බාල  සොයුරන් දෙදෙනෙක් සිටී.ඔවුන් නමින්  ජොහාන් ෆ්රිසෝ බර්නාර්ඩ් ක්‍රිස්ටියාන් ඩේවිඩ් Johan Friso Bernhard Christiaan David  සහ කොන්ස්ටන්ටයින් කිර්ස්ටෝෆ් ෆ්‍රෙදරික් අශ්වින් Constantijn Christof Frederik Aschwin වෙති. අන් දරුවන් සේම ප්‍රාථමික , මධ්‍යම සහ උසස් පාසල් වලින් ඔහු අධ්‍යාපනය ලැබිය. මවත් පියාත් සමඟ ඔවුන් බාර්න් නම් ප්‍රදේශයේ ද්‍රකනස්ටයින් Drakensteyn Castle නම් මාලිගයේ ජිවත් විය. 

 
විලම් රජතුමා උපන් දවස ඔහුගේ මව සහ පියා සමඟ

ළමා කල හැදුණු මාලිගය සහ ඔටුනු පාලන දින දක්වා ජිවත් වුනු නිවස
රජ පවුලක් වුවද බයිසිකලය හිතවතෙකි

දෙමාපියන් සහ සොයුරන් සමඟ

එක්දහස්නමසිය අසුවේදී 1980 තම මව වූ බියට්‍රිස් කුමරිය ඔටුනු පැලැන්දීමෙන් පසු ඔවුන් හේග් Heague  නගරයේ පිහිටි විශාල මාලිගය වෙත ජිවත් වීමට ගියහ. මධ්‍යම පාසල් කිහිපයකින් උගත් ඔහු  එංගලන්තයෙහි  වේල්සයේ ජාත්‍යන්තර අත්ලාන්තික් විදුහලින් උසස් පාසල් සහතිකය  ලැබීය. 1985 ත් 1987 අතර කාලය  කුමරු නාවික භටයෙක් ලෙස පුහුණුව  ලැබීය.  1987 දී ලයිඩන් විශ්වවිද්‍යාලයෙන් University of Leiden ඉතිහාසයට උසස් පන්තියේ සම්මානයක් සහිතව ඔහු උපාධිය ලත් අතර 1993 දී පශ්චාත් උපාධිය අවසන් කළේය. චතුර ලෙස ඉස්පාඥ ,ඉංග්‍රීසි ජර්මන් භාෂාවන් හැසිරවීමේ හැකියාවක් ඔහුට ඇත. 


යුධ හමුධා සේවා කාලය

1985 සිට 2005 වසර කාලය තුල ඔහු ත්‍රිවිධ හමුදාවන් වල සේවය කලේ ඉමහත් කැමැත්තෙනි. මෙම හමුදා පාසල් වල රජකුමරෙක් නිසා ඔහුට කිසිම විශේෂ වරප්‍රසාදයක් හිමි නොවිය අන් නිලදරුවන් මෙන් ඔහුත් වැස්සට තෙමිනි අව්වට පිච්චුනි. ඔහුගේ සේවා කාලය තුල ඔහු ඇෆ්ගනිස්ථානයේ දෙමවුපියන් අහිමි වූ දරුවන් නෙදර්ලන්ත ජාතික මවුපියන්ට හදාවඩා ගැනීමට ඉඩකඩ සලසා දුනි.
දක්ෂ ගුවන් යානා නියමුවෙකු, පිහිනන්නෙකු ,අයිස් උඩ ලිස්සා  යන්නෙකු ලෙස මොහු ප්‍රකටය. ලොව සියලුම ආධාර සඳහා පැවතෙන තරඟ වලට මොහු අන්වර්ථ නාම වලින් තරඟ  වදී. ඒ කුමන නමකින්ද දන්නේ රජපවුල සහ පාර්ලිමේන්තුව පමණි. එය මාධ්‍ය ගත නොකරන්නේ අනාගතඅ රජුගේ ආරක්ෂාවට බව ආරක්ෂක අංශ පවසා සිටී .
1998 සිට 2013  දක්වා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රබල  සාමාජිකයෙක් ද, 2004 -20013 කාලයේ ජලප්‍රවාහන සහ පරිසර කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයද 2006 -2013 කාලයේ එකසත් ජාතීන්ගේ පරිසර සංවිධානයේ ජනරාල් ධුරයද ඔහු විසින් හෙබවිය.
1980 දී ඔහුගේ මව රැජිනක් ලෙස ඔටුනු පැලඳු  අතර එතැන් පටන් ඔටුන්න හිමි කුමරු  යන නාමයට උරුමකම් කියන්නට පටන් ගති. 1980 දී මවත් පියත් සමග හේග් වල පිහිටි මාලිගය බලා ගිය අතර ඔහුගේ තරුණ දිවිය ගෙවුනේ උදව් උපකාර අවැසි යට උදව් කිරීමටය.



රාජකීය නිල නිවාස හේග් නගරය

2002 පෙබරවාරි මස 2 දින ඔහු අඳුනා ගත් මැක්සිමා සොරගියෙතා සේරුරුටි Maxima Zorreguieta Cerruti නම් යුවතිය සමග විවාහ වූ අතර  ඇයගේ  විවාහ උත්සවයට ඇයගේ  දෙමාපියන් පැමිණීම සපුරා තහනම් විය, එයට හේතුව වුයේ අයගේ පියා  දෙවන ලෝක යුධ සමයේ  ආර්ජන්ටිනා හමුදාවේ ඉහල තනතුරක් දැරූ අතර  ඔහු අහිංසක මිනිසුන් මරාදැමු බවට මානව හිමිකම් සංගමය විසින් පනවා ඇති  චෝදනා නිසාවෙනි. මේ නිසා නෙදර්ලන්ත පාර්ලිමේන්තුව සහ ඇටෝර්නි ජනරාල්වරයා ඔහුගේ පැමිණීම තහනම් කළහ නමුදු මක්සිමා සමග විවාහය අනුමත කලේ පියාගේ චෝදනා වලට දරුවෙකු පලි නොමැති නිසාවෙනි. ඔටුන්න හිමි කුමරු වශයෙන් ඔහුට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඔහුගේ විවාහයට අවශ්‍ය වනුයේ  රාජකීය විවාහය ජාතික උත්සවයක් නිසාවෙනි. 

 
විවාහ දිනයේදී
විවාහ දිනයේදී

විවාහ දිනයේදී

 
ඔවුන් දෙපලට දුවරුන් තිදෙනෙකි කැතරිනා අමාලියා බියට්‍රික්ස් කාර්මෙන් වික්ටෝරියා  Catharina-Amalia Beatrix Carmen Victoria; ඇලෙක්සියා ජුලියානා මර්සේල්ලා ලොරෙන්තීන්  Alexia Juliana Marcela Laurentien සහ  අරියානා  විල්හෙල්මිනා මක්සිමා ඉනෙස් Ariane Wilhelmina Máxima Inésරජතුමාගේ දරුවන්ද තම මාලිගය අවට පාසල වෙත ඉගෙනීමට යති. අන් දරුවන් මෙන් යහළුවන් සමඟ සෙල්ලම් කිරීමටද යති. එම දරවන්ට ද පාසල් නීති රීති එකමය කවුරුත් දරුවන්ය කිසිම කෙනෙක් විශේෂ විය යුතු නැත රජතුමාගේ අදහසයි. නමුත් මාධ්‍ය මිට  වෙනස් අදහසක් මේ සම්බන්ධව දරයි. ඔවුන්ගේ අදහස කෙසේ කිවත් රජ දරුවන්ට විශේෂ වරප්‍රසාද පාසැල තුල ඇති බවයි. නමුත් එය එසේ යයි කියන්නට සාධක නොමැත.

දරුවන් තිදෙනා සමඟ
 
දරුවන් තිදෙනා
  
2013 ජනවාරි මස 23 දින එවකට රැජිණ වූ බියට්‍රික්ස් තමා තම රැජින ධුරයෙන් ඉවත් වන අතර එම කටයුතු තම අනාගත ඔටුන්න හිමි කුමරුන්ට පවරන බව මාධ්‍යටත් ජනතාවටත් පවසා සිටියාය.

ඔටුනු පැලඳු  දිනයේ

ඔටුනු පැලඳු  දිනයේ



ඔටුනු පැලඳු  දිනයේ
 2013 අප්‍රියෙල් 30 වෙනි දින රැජිණ ධුරය හෙබවූ බියට්‍රික්ස් තම පුතුට සියලුම කටයුතු  අම්ස්ටර්දෑම් පුරවරයේ  පිහිටි මාලිගයේ යාබද අලුත් පල්ලියේදී සිදු  කලාය. 1980 සිට 2013 දක්වා කාලය තුල රැජිනක් ලෙස ඇය කාගේත් ආදරය දිනාගත් ඇය රට වෙනුවෙන් ඉමහත් කැපවීමකින් කටයුතු කල ඇය , තම පුතණුවන්ට සියල්ල භාර කර සේවයෙන් ඉවත් වුණාය.
රටේ ව්‍යවස්ථාව සොශෝදනය කිරීම , අලුත් නීති ගෙන ඒම වැනි දෑ රජ කෙනකු අතින් සිදුවෙයි. රට පාලනයට සෘජුවම සම්බන්ධයක් නැතත් නීති පනත්  සියල්ල රජතුමාගේ අනුමැතිය අනුව විය යුතුය.ඔහු ඔටුනු පළඳි ලාබාලතම කුමරුවන්ගෙන් කෙනෙකු විය.
2013 සිට මේ දක්වා ඕලන්දයේ රජතුමා ඔහුය. 
ඔහුගේ මව සහ ඇගේ විස්තර මීළඟ ලිපියෙන් ගෙන එමි.

සුරී - නෙදර්ලන්තය
පිංතුර වල අයිතිය රාජකීය වෙබ් අඩවිය සතුය.

7 comments:

  1. එංගලන්තේ රැජින නම් මැරෙන තුරු ඔටුන්න අත් හරින පාටක් නැහැ..ඔටුන්න හිමි චාල්ස් කුමාරයාටත් දැන් හට පැනලා හොට බිම ඇනිලා..

    ඒ අතින් නෙදර්ලන්ත රැජින කලට වෙලාවට යුතුකම් ඉටු කරලා..

    රජ වුනත් ඉතින් මොටදෑ තමන්ගේ දරුවාගේ මංගල්ලෙට ටන්ට බැරි වෙලානේ..ස්තුතියි නෙදර්ලන්ත රජ ගෙදරට අපව එක්ක ගියාට සූරී නෝනා...

    ReplyDelete
  2. රජ කුමාරය වුනත් නිතිය සමාන වීමත්, පියාගේ වැරදි නිසා දරුවාගේ කැමැත්ත අහිමි නොකිරීමත් මට සතුටු හිතුනු තැන්.
    කාලෙකින් රජ කෙනෙක්. ඒත් ඊළඟට ආයේ රැජිනක් නේද?

    ReplyDelete
    Replies
    1. ඉස්තුති මිතුරිය ඔව් කුමරියන්ම 3 :)

      Delete
  3. රට රට වල නොදත් කරුණු මෙහෙම කියවන්නට ලබාදිම හරිම අගෙයි සූරි...ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඉස්තුති කෙනෙක් කැමැත්තෙන් කියවනවා දැකීමත් සතුටක් !

      Delete