Monday, March 6, 2017

ඕලන්දයේ මහා මැතිවරණය ,


2017 මාර්තු 15 දින නෙදර්ලන්ත මහා මැතිවරණය දිනයයි.  මහා මාවත් වල ජය කෙහෙළි ගෝෂා  නැත , හන්දි  ගානේ  රැස්වීම් ද නැත . ජන දිවිය නිස්කලංකව ගෙවී යයි, රුපවාහිනිය වෙනදා  මෙන් බලිරු පෙන්නමින් සිටි.  මගේ මතකය ලංකාව වෙත යන්නේ නිරායාසයෙනි , වයස අවුරුදු 5 දී චන්දය ඉල්ලු අයෙකු මටද වැඳ  ගිය හැටි අදත් මගේ මතකයේ ඇත. චන්ද අපේක්ෂකයා එනු දුටු මගේ මව ගෙතුලට  ගියේ අම්මා  ගෙදර නෑ  කියන්න කියමිනි. පෙරහරක්ම අපේ නිවස ඉදිරිය පැමිණ කෝ දරුවෝ අම්මා  යයි ඇසුවේ බොහොම නිහතමානීවය . අම්මා  නැ ,, ඔය ළමය තනියෙන් දාල  යනවා බොරු කවුදෝ  පත බැනර් එකක් උස්සන් හිටි ඇන්ටි කෙනෙක් කසු කුසු ගැවා. එහෙනම් පුතේ අම්මට මේ කොලේ දෙන්න කියා බඩ  තඩි අංකල් දෙකට නැමී මට වැඳ  යන්නට ගියා . අද  එය මතකයට නැගෙද්දී පසුපස මුවින් සිනාසෙන මට එදා දැනුනේ ආඩම්බරයකි. පෙරහැරක් එක්ක ආපු බඩ තඩි අංකල් කෙනෙක් මට වැඳලා ගියා කියා වැඩ ඇරී ආපු තාත්තාට මම කියුවේ මගේ පියාව සිනා සයුරේ ගිල්වමින් , බුලත් දුන්නේ නෑ දරුවෝ යයි ආච්චි අම්මා එකතු කලෙන් තවත් සිනා සයුර ප්‍රචණ්ඩ  විය.
අද මම ජි වත් වන නෙදර්ලන්තයේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය , චන්දය යනු ජනතාව විසින් නියෝජිතයන් තෝරා  පත් කර ගැනීමකි.නෙදර්ලන්තයට ජනාධිපති මන්දිර නැත , සුව පහසු වාහනද නැත , කවුරුත් මිනිසුන්ය මන්ත්‍රී වේවා අගමැති වේවා ගමන් බයිසිකලෙනි, අපි කවුරුත් වාගේ ඔවුනුත් බදු ගෙවති සාමාන්‍ය නිවෙස් වල ජිවත් වෙති. ලොකු කාර්  නොමැත රැකවරණයට ගාඩ්ලා  නොමැත.  ඔවුනගේ දරුවන් කවුරුත් යන ප්‍රාථමික ,මධ්‍යම හෝ උසස් පාසලට යති. විශේෂ වරප්‍රසාද නොමැත.  
 
අගමැති බයිසිකලෙන් පාර්ලිමේන්තුව බලා

 මෙහි පාර්ලිමේන්තුව හඳුන්වනුයේ නියෝජිතයින්ගේ කාමරය යනුවෙනි. ජනතාව විසින් තෝරා  පත් කරන ජනතා නියෝතිතයින් 150 දෙනෙක්ගෙන්  මෙම නියෝජිතයින්ගේ  කාමරය සමන්විතය. ඔවුන් සියළුම දෙනා නියෝජණය කරණුයේ ජනතාවය.
 
පාර්ලිමේන්තු සැසිවාරයක්
 

ඇමති මණ්ඩලය 2012 දී හිටපු රැජිණ බියට්‍රිස් සමග

 
පාර්ලිමේන්තු සංකීර්ණය සියලුම රජයේ ආයතන  වල පාලන අධිකාරය මෙහි ඇත

රජය යනු රටක පැවැත්මට උරදෙන රට නාගා සිටුවන අංගයයි. නෙදර්ලන්තයේ රජය රජතුමා විලියම් ඇලෙක්සැන්ඩර් ඇතුළුව  ජනතා නියෝජිතයින්ගෙන් පත් කරගන්නා  රාජ්‍ය නායකයින් කණ්ඩායමකින් සමන්විත වෙයි. රටේ අගමැති නොඑසේ නම් සිංහල බස් වහරින් ජනාධිපති තෝරා පත්කරගනු ලබන්නේ රටේ රජතුමා විසින් පත් කරණු ලැබූ නිලදරුවෙක් විසිනි. මෙම තීරණය අපක්ෂපාති වන අතර ජනතා සහභාහිත්වයෙන් තොරය. රාජ්‍ය ඇමති වරුන් චන්දයෙන් පත් විමට වත් පක්ෂ සාමාජිකයෙක් වීම වත් අවශ්‍ය නැත. ආර්ථික විශේසඥ වරු  වැනි අයව රජයේ ආරාධනාව මත ඇමති ධුර වලට පත් වෙති. සියලුම දේශපාලන වැඩ විවාද මෙම නියෝජිතවරුන්ගේ  කාමරය නොඑසේනම් පාර්ලිමේන්තුව    තුල සිදුවන අතර ජනතාවට හිරිහැර නොවන අයුරින්  මහමැතිවරණ  ප්‍රචාරක  කටයුතු සිදු කරන අතර මෙම ප්‍රචාරක වැඩ කටයුතු ශබ්ද විකාෂණ යන්ත්‍ර  උපයෝගී කොටගෙන කිරීම තහනම් ය. පාර්ලිමේන්තු විවාද වලදී තිරිසනුන් මෙන් කැකොස්සන් ගැසීම , අපහාස  කිරීම , හෙලාදැකීම සපුරා තහනම් වන අතර එසේ වුවහොත් පාර්ලිමේන්තු නියෝජිතයා නෙරපීම අධිකාරයට අවසර ඇත.
 
චන්දය දැමීමට එවන ආරාධනාපත

 
චන්ද අපේක්ෂකයින්ගේ ලැයිස්තුව
 චන්දය පවත්වන දිනය තීරණය වූ පසු  චන්දයට සුදුසුකම් ලැබූ රට වැසියන් සියළුම දෙනාට චන්දය පත් තැපැලින් යවනු ලබයි. ඒ සමඟම චන්ද අපේක්ෂක ලැයිස්තුවද  ලැබෙන අතර තමා  කැමති අයෙකුට තම චන්දය දිය හැකිය. යම් අයෙකු තම චන්ද අයිතිය පාවිච්චි නොකරන්නේ නම් එය තම පවුලේ සාමාජිකයෙකුට හෝ හිතවතෙකුට නිත්‍යානුකුලව පැවරිය හැක.  'දේශපාලනඥයෝ  යනු ජනතාවගේ සේවකයෝය' වසර ගණනකට පෙර නෙදර්ලන්තයේ නිර්භීත රැජිනක් වූ ජුලියානා පවසා ඇත.

සූරි - නෙදර්ලන්තය  

පිංතුර වල අයිතිය නෙදර්ලන්ත රජය සතුය!


4 comments:

  1. අපේ රටේ වගේමයි :D :D :D

    අවන්කවම මේ දේවල් දැක්කාම අපට හිනාවෙන්න නෙමෙයි අඬන්නයි සිතෙන්නේ..මා ජිවත්වන එංගලන්තයේද සුළු සුළු වෙනස්කම් තිබුනද මේ හා සමානමය..මැතිවරණයක් ඇති බව දන ගත්තද කිසිවෙක් ඒ ගැන රාජකාරි ඩ්ස්තානවලවත් කතා නොකරයි..චේය තමන්ගේ අතිශය පෞද්ගලික කාරනාවකි. ලඟම හිතවතාගේ වත් දේශපාලන මතය තේරුම් ගැනීමට නොහැක..ඔවුන් පක්ෂ මතය නොව රටට අවශ්‍ය වෙනසට එකඟව චන්දය පාවිච්චි කරයි..

    චන්දය දැමීමට යන්න නිවාඩු නැත..චන්ද මධ්‍යස්ථාන රාත්‍රී 10 දක්වා විවුර්ත වන අතර තමන්ට රාජකාරි වේලාවෙන් පසුව මධ්‍යස්ථානයට ගොස් චන්දය භාවිතා කිරීම හෝ තැපැල් චන්ද දැමීමට පුළුවන.. කිසිවෙක් නිදිමරාගෙන ප්‍රතිපල එනතුරු බලා නොසිටි..පසුදින සාමාන්‍ය පරිදි උදෑසන ප්‍රවුර්ති වලින් හෝ පුවත් පතෙන් ප්‍රතිපල දන ගනී..

    ඒ වාගේම කුමන පක්ෂයක් පත් වුවද තමන්ගේ රටේ සම්පත් උපරිමයෙන් සුරකින අතර ආර්ථික ප්‍රතිපත්ති රටේ ආර්ථික දියුණුව පිණිසම යොදවයි.. උදාහරණයක් ලෙස එක රජයකින් පටන් ගත් සංවර්ධන ව්‍යාපාරයන් අතර මැදදී රජය වෙනස් වුවොත් ඊළඟ රජය විසින් ඒ වා තව තවත් සංවර්ධනය කරනවා මිස ඒ වා විනාශ කර දැමීමක් සිදු නොවේ.

    උදාහරණයක් ලෙස කලින් පක්ෂයේ අයගෙන් පලි ගැනීමට ගුවන්තොටුපලක වී ගබඩා කිරීම, වරායේ ගලක් ඇතැයි කියා මුලින් පට්ට බොරු කියා දෙවනුව කුණු කොල්ලෙට විකුණා දැමීම හෝ පිටරට වල අයට මහා බැංකුව කොල්ල කා ආර්ථිකය සහමුලින්ම කඩා වැටීම වැනි වැරදි වලට කිසි දිනෙක ඔවුන් ඉඩ නොදේ..එවන් වරදක් වුනි නම් ඔවුන් වහාම ඉල්ලා අස් විය යුතුයි. ජනතාව එවැනි දේ දකින්නේද තමන්ටම දිනෙක වන්දි ගෙවීමට සිදුවන බරපතල වැරදි ලෙසින්ය..

    සාක්ෂරතාවය 98%ක් යයි කියා පුරාජේරු ගැසුවද..අපේ මිනිසුන් මොනතරම් මෝඩ ''ලින් ගෙම්බන්ද'' යයි කියා සිතීමට අපේ මැතිවරණ සහ දේශපාලන ක්‍රමය තරම් වෙනත් සාධක නැත...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත රේණුකා , කණගාටුයි තමා , චුට්ටක් හරි ඉදිරියට ගිය රට දැන් යන්නේ ගල් යුගෙට :(

      Delete
  2. මදි මදි හොදටම මදි ඔය හතරපස් දෙනෙක් එකතු වෙලා කොහොමද රට සංවර්දනේ කරන්නේ .......

    ReplyDelete
    Replies
    1. මොකද්ද දන්නවද හතර පස් දෙනාගේ වෙනස එයාලා කරන්නේ රට සංවර්ධණය කිරීම මිසක් තමන්ගේ පොකට් එක සංවර්ධනය කිරීමක් නෙමෙයි එතනයි වෙනස .

      Delete