Friday, March 10, 2017

ඕලන්දයේ දුම්රිය ඉතිහාසය සහ දුම්රිය කෞතුකාගාරය 2




නෙදර්ලන්තය යනු රාජකීය පවුලක් ඉන්නා  රටකි. එම රජ පවුලට යාම් ඉම් කිරීම සඳහා යොදවා ගන්නා  දුම්රියට අපි රාජකීය දුම්රිය යයි කියමු.  1839 දුම්රිය ප්‍රථම වරට ධාවනය වූ පසු රාජකීයයන් සඳහා ඔවුනටම අවේනික වූ දුම්රිය ගොඩ නැගෙන්නට විය. මෙහි ප්‍රථම නිමැවුම එකල නෙදර්ලන්ත රජතුමා වූ විලියම් ෆ්රෙදෙරික් ජෝර්ජ් ලෝඩවෛක්‌ Willem Fredriek George Lodewijk ගේ ආදරණිය බිරිඳ වූ අනා පවුලෝව්නා Anna Paulowna ටය. මෙම දුම්රිය 1903 දක්වා සේවයේ යෙදවුණු අතර එම වසරේදීම විලියම් රජතුමාගේ තුන්වන විවාහයේ දරුවා  වූ විල්හෙල්මිනා

Wilhelmina  1880-1962 ඔටුනු පැලඳු  පසු ඇය  වෙනුවෙන් දුම්රිය පෙට්ටි නිපදවෙන්න පටන් ගති. එම දුම්රිය පෙට්ටි සාමාන්‍ය දුම්රියට වඩා සුවපහසු තත්වයක් උසුලන අතර මෙහි කොකියෝද ඇත උදව්කරුවෝද  සිටී . එමෙන්ම රූප සොබා උපකරණද සුකුරුත්තම් ඇඳුම් ආයිත්තම් කාමර වෙනම තිබී ඇත කුස්සි කාමරය , නිදන කාමරය යනුවෙන් වෙනම කාමර තිබුණු බව කෞතුකාගාරයේ තිබූ  කොච්ච්යෙන් ප්‍රත්‍යක්ෂ විය.මෙම දුම්රිය සේවක තනතුරු සඳහා තෝරා ගනු ලැබුවේද පරම්පරාවෙන් රජ පවුලට සේවය කරන ලද පවුල්වල සාමාජිකයන් පමණි.


අනා පව්ලානා දුම්රියේ ඇතුලත


. අනා පව්ලානා  දුම්රිය අද කෞතුකාගාරයේ සම්පතකි


අනා පව්ලානාගේ ස්වාමියා වූ විලියම් 2 රජතුමාගේ සිතුවිලි කාමරය




අපට කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබුණු බර්නාර්ඩ් Prince Bernardකුමරුන්ගේ  ඇතුලත දුම්රිය දැකගත හැකි වුණා.


ප්‍රින්ස් බර්නාර්ඩ් කුමරුගේ දුම්රිය ඇතුළත


ප්‍රින්ස් බර්නාර්ඩ් කුමරුගේ දුම්රිය ඇතුළත 





දුම්රියපළේ ඇති රාජකීය ගිමන් හැරීමේ කාමරය

රාජකීය දුම්රිය නිතරම ප්‍රදර්ශනය නොකරන නිසාවෙන් සියලුම ඓතිහාසික රාජකීය දුම්රිය පෙට්ටි බලාගන්නට අපට නොහැකි විය. එදා ඈත අතීතයේ ධුම්රිය එන්ජිම හරවපු ස්ථානය අදටත් එලෙසම පැවතීම මෙම කෞතුකාගාරයේ විශේෂ ලක්ෂණයක්.  සැම  අතකටම විහිදෙන කොච්චි පරාවල් සමුහයක් මැද  මෙම හැරවීම සිදු කරයි.අදටත් ඓතිහාසික එන්ජ්මක් ඒ ආකාරයෙන්ම මෙහි නවතා  ඇති අතර වසරකට එක වතාවක් පමණක් මෙය හරවා පොදු ජනයාට  පෙන්වන බව කෞතුකාගාර පුවරුවක සඳහන් වී තිබුණි.


මැද ඇති එන්ජිම දක්ෂිනාවර්තව කරකැවෙන අතර වටේටම ඇති පාරවල් වලට සමබන්ධ වෙයි


මැද ඇති එන්ජිම



 අද බොහොමයක් දුම්රිය සුළං බලයෙන් ලබා ගන්නා ශක්තියෙන් ධාවනය වන අතර වේගය පැයට කිලෝමීටර් 250 කි.  අප නිවසේ සිට ප්‍රංශයේ පැරිස් නුවරට කිලෝමීටර් 500 කි. මෙවන් දුම්රියකින් පැය දෙකකට අසන්න කාලයකදී පැරිස් නුවරට ලඟා විය හැක.

මෙම සියලුම අධි වේගී දුම්රිය බොහොමයක් භාවිතා  වෙන්නේ අසල රටවලට චාරිකාවේ යෙදෙන්නටය. රට තුල බොහොමයක් දුම්රිය පැයට කිලෝමීටර් 180 සහ 185 අතර දිවෙයි. රටේ එහා කෙලවර වූ ග්‍රොනිගන්  Groningen නඟරයේ සිට බ්‍රාබන්ට් Brabant නගරයට පැයකුත් විනාඩි විසිපහකින් ලඟා  විය හැක.





ප්‍රංශය බලා යන අධිවේගී දුම්රිය




පින්තුරවල සහ අධිවේගී දුම්රිය පින්තුරවල  අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව සතුය!
ප්‍රින්ස් බර්නාර්ඩ් දුම්රියතුල සහ දුම්රිය හැරවීමේ පින්තුර මා  සතුය!

සූරී - නෙදර්ලන්තය


5 comments:

  1. රාජකීයයන්ට වෙන්වූ දුම්රිය හා අනෙක් කතා.. බොහොම ස්තුතියි සූරී මේ වගේ දේවල් අපි දන්නේ නැහැනේ. මට වැඩියම හිත ගියේ සුලන් බලයෙන් වේගවත් දුම්රිය දුවන කතාව. අපේ රටවල මේ වගේ ස්වභාවික සම්පත් උපයෝගී කරගන්න හිතන්නේ නැත්තේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ඉස්තුති කියෙව්වාට!

      Delete
  2. Replies
    1. ඉස්තුති කියෙව්වාට!

      Delete
  3. ලෝකේ කොහේ හිටියත් ඉතින් රජවරුන්ටම තමා සුපිරි සැප නේ???
    අපි නොදැන හුන් රාජකීය දුම්රියක් ගැන රාජකීය ලිපියට ස්තුතියි නගා

    ReplyDelete