Wednesday, March 8, 2017

ඕලන්දයේ දුම්රිය ඉතිහාසය සහ දුම්රිය කෞතුකාගාරය 1



නෙදර්ලන්තයේ  දුම්රිය සහ එහි තතු රෝම අධිරාජ්‍ය කාලය දක්වා ඇතට දිවෙන්නක්. 1839 සැප්තැම්බර් මස 20 වෙනි දින ඇම්ස්ටර්ඩෑම්  Amsterdam සිට හර්ලෙම් Harlem  නගරය දක්වා කුළුඳුල් දුම්රිය ගමන ආරම්භ විය. අපගේ අසල්  වැසියන් වූ එංගලන්ත අධිරාජයා දුම්රිය අඩිතාලම දමා  කෙටි කලකට පසු නෙදර්ලන්ත දුම්රිය අඩිතාලම දැමුහ. එදා මංගල දුම්රිය ගමන සිදු කරනු ලැබ  ඇත්තේ ආරන්ඩ් ( රාජාලියා )නම් දුම්රියයි. මෙය වාෂ්ප එන්ජිමකින් දුවන ලද අතර මෙය පැයට  කිලෝමීටර් 45 ක වේගයෙන් දුවනු ලැබූ අතර මීටර් 9,78 දිගය. නෙදර්ලන්ත දුම්රිය ඉතිහාසය එසේ පටන් ගැනුණු අතර අද දස අතට විහිදෙන මුළු  යුරෝපයම  යා  කරන ගමනාගමන සේවයක් බවට පත්ව ඇත. දුම්රිය නෙදර්ලන්තයට ආපු  මුල් යුගයේ එහි ගමන් කර තිබීමත් බොහොම ආඩම්බරයට කරුණකි. බොහෝ දෙනාට  මෙහි යන්නට පහසු කම් නොතිබුණා වෙන්න පුළුවන නොඑසේනම් අධිරාජ්‍යවාදී යුගයක පංති  භේද නිසාවෙන් වරම් අහිමි උණා වෙන්න පුළුවන.

කලින් කලට සේවයෙන් ඉවත් වෙන දුම්රිය එකතුවකින් 1927 දුම්රිය කෞතුකාගාරය බිහිවිණි. මෙම කෞතුකාගාරය ඇම්ස්ටර්ඩෑම් පුරවරයේ පොහොසතුන්ගේ කෞතුකාගාරයේ ද Rijksmuseum , දුම්රියපලේද Amsterdam Station,තවත් තැන්   කිහිපයකම නවාතැන් ගත් අතර, දෙවන ලෝක සංග්‍රාමය මෙම කෞතුකාගාරය සතු දේ විනාශයට පත් කලේ සිත් පිත් නැති මරුවෙකු ලෙසිනි.  එහෙත් ඉතුරු වුනු දේ හෝ රැක  ගැනීම නෙදර්ලන්ත වැසියන්ගේ සිරිතකි.  

1951 යුධ බියෙන් රට ගැලවුණු පසු එවකට දුම්රිය අධිකාරියේ නියමුවා සහ ප්‍රධානියා වූ ෆ්‍රාන්ස් ඩෙන් හොලාන්ඩර් Frans den Hollander බඩු ප්‍රවාහණය සඳහා පමණක් යොදා ගත් උත්රෙහ්ට් Utrecht හි පිහිටි මාලිබාන් Maliebaan නම් දුම්රිය පල වසා  දමා එය දුම්රිය කෞතුකාගාරය බවට පත් කිරීමට ඉඩකඩ සලසා දුන්නේය. එහි ගෞරවය ඔහුට හිමිය.

 පෙබරවාරි මස 27 දින මමත් මගේ සැමියත් දියණියත් මෙම කෞතුකාගාරය බලන්නට ගියෙමු. එදා අයුරින්ම ඒ දේවල් නැවත පිළිසකර කර තිබෙන අයුරු දකින්නටත් ප්‍රිය මනාපය.

අද පවතින දුම්රිය කෞතුකාගාරය පිහිටුවීමට මුල් වූ ෆ්‍රාන්ස් ඩෙන්  හොලාන්ඩර් 






මෙම කෞතුකාගාරය තුල අතීතයේ බොහොමයක් දුම්රිය දැක ගත හැක එමෙන්ම නෙදර්ලන්ත දුම්රිය මාර්ගයට සිල්පර කොටන් වෙනුවට කොන්ක්‍රීට් කොටන් හඳුන්වා දුන් කුලසිංග මහතා ගැන ද මෙහි සඳහන් වෙයි. එම අංගය ප්‍රතිසංස්කරණය සඳහා වසා  තිබුනින් එය බලා  ගැනීමට අපට නොහැකි විය.දුම්රියකදී විවාහයට අත පැතීම වැනි කාරණා ද දුම්රියේදී එකල සිදුවුණු බව කෞතුකාගාරයේ මහතෙක් අපට පැවසීය 

 
රාජාලියා යන අරුත දෙමින් ආරන්ඩ්  Arend නම් වාෂ්ප එන්ජිම එංගලන්තයේ ලෝන්ග්රිජ් ඇන්ඩ් කෝ Long-ridge and co හි නිපදවා  ඇති අතර 1875 දී එය අභාවයට පත්විය. අද මෙම දුම්රිය කෞතුකාගාරයේ තිබෙන  අනුරුප දුම්රිය , 1939 නෙදර්ලන්ත දුම්රිය ශත සංවත්සරය වෙනුවෙන් නෙදර්ලන්තෙය් ස්වොල Zwolle නම් නගරයේදී නිම විය.

ආරන්ඩ් අනුරුප දුම්රිය 






 
වාෂ්ප එන්ජිමට අමුනපු කෝච්චි පෙට්ටි


 මෙම ආරන්ඩ් නම් දුම්රිය ගාල්  කොට ඇති ස්ථානයේ ඇතුලට යද්දී කෞතුකාගාර සිසුවියක හෝ සිසුවෙක් පටිගත කරනු ලැබූ ශබ්ද පටයක් සහිත උපකරණයක් අපට ලබාදුන් අතර එයින් අරන්ඩ් සම්බන්ධ සියලු විස්තර එය නරඹන අතරම සවන් වකා ගන්නට හැකි වුණා . ඒ වගේම එදා දුම්රිය ගමන් විද්‍යමාන වන ඉතාම ලස්සන සිතුවම් ද අපට දැක ගත හැකි වුණා.


 
කැමරා නොමැති යුගයක චිත්‍ර ශිල්පියෙකුගේ දෑතින් එදා දුම්රිය සහ දුම්රියපළ

කැමරා නොමැති යුගයක චිත්‍ර ශිල්පියෙකුගේ දෑතින් එදා දුම්රිය සහ දුම්රියපළ

කැමරා නොමැති යුගයක චිත්‍ර ශිල්පියෙකුගේ දෑතින් එදා දුම්රිය සහ දුම්රියපළ

 
දුම්රිය නියාමක තැන  උඩින් දුම්රිය සංඥා පෙනෙන තැනක සිටීම අතවශ්‍ය බව  එවකට  1913දුම්රිය අධිකාරයේ තිබුණු නීතියක්. එනිසාවෙන් දුම්රිය නියාමකට වටා පිටාව හොඳින් පෙනෙන්නට වහල්ලය උඩ ඔහුගේ කාමරය ඉඳි වුණා HSMD1920 කියන දුම්රියේ.මෙය අනිත් මගී දුම්රිය වල ගමන් මලු ගෙන යාම සඳහා  නිපදවුන දුම්රියක්. මෙහි වැසිකිලියක් සහ බලු කුඩු දෙකක් ඇත. ඒ අනිත් දුම්රියේ එන මගීන්ගේ බල්ලන්ටය. 1930දී  නීති මාලාව වෙනස් වුයෙන් මෙවන් දුම්රිය ගොඩනැගීම සහමුලින් නතර විය.මෙම බඩුමලු දුම්රිය  පැයට  කිලෝමීටර් 10 වේගයෙන් එදා ධාවනය වූ අතර මීටර් 18,30 දිගය.අද මෙම දුම්රිය කෞතුකාගාරයේ උරුමයකි.
 . 
වහල උඩ නියමක කාමරය සිහිත එම දුම්රිය HSMD1920

HSMD1920 නම් දුම්රියේ පිටුපස

දුම්රිය කෞතුකාගාරයේ තතු එමටය මීළඟ ලිපියෙන් මම ඉතිරි තොරතුරු ගෙන එමි.

 Frans Den Hollander මහතාගේ පින්තුරය දුම්රිය දෙපාර්තමේන්තුව සතු අතර අන් සියළු පින්තුර  මා සතුය.

සූරී නෙදර්ලන්තයේ සිට




3 comments:

  1. හරිම වැදගත් තොරතුරු.. අපේ රටෙත් දුම්රිය මාර්ග, මහාමාර්ග ක්‍රමවත්ව ආරම්භ කළේ ලන්දේසිනෙ..
    කුලසිංහ මහත්තයව අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුවවත් අගයනවද මන්දා

    ReplyDelete
  2. ඉස්තුතියි ඔබට. :)

    ReplyDelete
  3. ''ඉතුරු වුනු දේ හෝ රැක ගැනීම නෙදර්ලන්ත වැසියන්ගේ සිරිතකි'' බටහිරෙන් ගන්නවානම් මෙන්න අපටත් දේවල්..අප ඒ තියරිය ඉතුරු ටිකත් විනාශ කර දමමු යන්නනේ

    ස්තුතියි සූරී ඕලන්ද දුම්රියක රවුමක් ගෙනගියාට

    ReplyDelete