මලක හැඩ එමල දනීදෝ.... පෙබරවාරි සිට මාර්තු දක්වා මාස වල මුළු රට පුරාවට නා නා විධ පාටින් දෑස් පිනවමින් බැබලෙන ට්යුලිප් ගොනු දකින මට විටක සිතෙයි.... මුළු ජාත්‍යන්තරයේම ඕලන්දයේ ට්යුලිප් යනුවෙන් ප්‍රකට වුවද ....
17ත් වන සියවසේ ප්‍රසිද්ධ පරිසර සහ ජිව විද්‍යාඥයෙක් වූ කරොලුස් ක්ලුසියුස් Carolus
Clusius ඔහු ජිවත් වුන වියානා පුරවරයේ සිට නෙදර්ලන්තය බලා අවේ 1590 වසරෙදී. ඒ ලැයිඩන් Leiden
ලැයිඩන් උද්‍යානය සහ සිතියම |
මොහුට එකල රෝම අධිරාජ්‍ය යුගයේ එදා කොන්ස්ටින්ට්නොප්ල (අද ඉස්තැන්බූල්)
හි
තානාපතිවරයා වූ ඔගියර් ගිස්ලේන් බුස්බෙක් Augier Ghislain de Busbecq ටුර්බන් නම් තුර්කි මලේ අලගෙඩි කිහිපයක් පැල කොට කරොලුස් නම් තම මිතුරාට ත්‍යාග කලා. එදා ලද එම මල් පැල ලැයිඩන් උද්භිද උද්‍යානයේ ඉතාම සෙනෙහසින් පැල කල අතර ටුර්බන් නම් එම මල ටියුලිප් යනුවෙන් නම් කලා. අදත් එම පැල ගොන්න එම උද්භිද උද්‍යානයේ දකින්නට ලැබෙන අතර ජාතික උද්භිද උද්‍යාන සංගමය විසින් එම පැල ගොන්න සංරක්ශණය කර ඇත. ලැයිඩන් විශ්වවිද්‍යාලයේ කාර්‍යමංඩලය සහ ලැයිඩන් නගර සභාව මෙම පැල ගොන්න සහ උද්භිද උද්‍යානය පන මෙන් සුරකිති.
2016 දී මගේ කැමරා ඇසින් |
1636 වසරෙදී මෙම ට්යුලිප් මල තරමක පවුල් පසුබිම සංකේතවත් කිරීමක් වුනු බවද ඉපැරණි පොත් පත් වල සඳහන් වෙනවා. ටියුලිප් මල් උද්‍යානයක ඇතිනම් එම පවුල අභිමාණවත් පවුලක් ලෙස ගනන් ගැනුනු බවත් සඳහන්.
ටියුලිප් ගැණ කියද්දී මෙම කුස්සි උද්‍යානය ගැණ නොකියා බැරිය. මෙම උද්‍යානය අද හැඳින්වෙන්නේ ක්‍යුකන්හොෆ්
Keukenhof නමින්. ජාකොබා Jacoba සහ ජැකලීන් Jacqueline
නම් ආදිපාදවරුන්ට අයත් ටැයිලින්ඟන් මාළිගය Tylingen Castleසහ ඒ අවට බිම හෙක්ටයාර් 200 පමණ විශාළය. ඔවුනට ඇවැසි දෑ විශාල උද්‍යනයෙන් සොයාගණුනි.
1857 දී යන් ඩේවිඩ් සොචර් David
Zocher සහ ඔහුගේ පුතා විසින් මෙම මාළිඟාවේ උද්‍යානය නැවත නිර්මාණය කල බවද සඳහන් වේ.
2016 දී මගේ කැමරා ඇසින් |
1949 දී ආණයන සහ අපනයන සංගමය විසින් ගෙනා යෝජනාවක් මත මෙම මාළිඟා උද්‍යානයේ ට්යුලිප් මල් වගා ප්‍රදර්ශණයක් පැවත්විනි. එදා පටන් අද දක්වා ලොව දස දහස් ගණන් ජනී ජනයා තම රුවෙන් වසඟයට පත් කරමින් සෑම වසරකම වසන්ත සමයේ ක්‍යුකන්හොෆ් දිදුළයි. ලොව නන් දෙසින් මෙම ක්‍යුකන්හොෆ් බැලීමට අදටත් ඇදී එන අතර මෙම උද්‍යානය ප්‍රකට ගෘහ නිර්මාණ ආයතන විසින් ගොඩනඟන්නේ මාස 9 ත් 10 ත් අතර කාළයක සිටය. ඒ නිසයි. මේ
උද්‍යානය සති 8ක් පොදු ජනයාට විවෘත වන අතර එම සති 8 පෙබරවාරි සහ අප්‍රියෙල් කාලය අතර වෙයි. අද මෙම උයන
හෙක්ටයාර් 32 ක බිම තුල මිලියන 7 ක මල් අල 100 ප්‍රදර්ශනකරුවන් ගේ සහභාගිත්වයෙන් මාස 8 ක කාලයක් තුල හිඳුවීම සිදු කෙරෙයි. දවසකට
මිලියනයක අධික සංක්‍යාවක් පැමිණෙන අතර ඉන් 75% විජාතිකයෝය.
කවුරුත් වසඟයට පත් කරන අදටත් ඕලන්දයට ආදයම් මඟක් වූ ටුර්බන් - ටියුලිප් මලේ කථාව මම මෙතනින් නිමා කරමි. කියවූ ඔබ සැමට මගේ තුති,
සටහණ සූරී
මගේ තුති මා ආදරණිය මිතුරිය ලොරෙයින් ස්මිට්ස් - ජීව ව්ද්‍යා අංශය ලැයිඩන් විශ්වවිද්‍යාලය පිංතූර සඳහා.
මගේ තුති මා ආදරණිය මිතුරිය ලොරෙයින් ස්මිට්ස් - ජීව ව්ද්‍යා අංශය ලැයිඩන් විශ්වවිද්‍යාලය පිංතූර සඳහා.
Good post
ReplyDeleteහොඳ ලිපියක් සූරී. මාත් ලියන්නම්කො මෙහෙට සම්බන්ධ කතාව.
ReplyDeleteඉස්තුතියි කියෙව්වට!
Deleteයන්න බල බලා අවුරුදු ගානක් පෙරුම් පුරන ටියුලිප් ෆෙස්ටිවල් එක.. බලමු මේ අවුරුද්දෙවත් නේද? වටිනා විස්තරයක්..ස්තුතියි යාලුවේ..
ReplyDeleteඑහෙනම් එහෙනම්
Delete"ටියුලිප්" ගැන නොදන්න ගොඩාක් විස්තර දැණගත්තා ! ස්තූතියි ඔබට !
ReplyDeleteඉස්තුතියි කියෙව්වට!
Delete