Monday, September 17, 2018

බාලම දියණියට උදව් නොකළ තරහට ලොකු පුතාව හිඟන්නෙක් කල අම්මා!


යස්(Jansen Uielen)කියන ආකාරයට අද්රියානා ගේ කතාව මෙසේය:
ඔස්ට්‍රියාවේ හල්ස්ටට් Hallstatt නම්වූ ප්‍රාන්තයේ  ජිවත් වුණා අද්රියානා සහ ඇයගේ සිය පවුල. ඇයගේ සැමියා බාරොන් වූ අතර වැඩිමහල් පුතා පීටර් සහ බාල  දුව එමලියා. උතුරන්නට සල්ලි නැතත් මේ පුංචි පවුල සමගියෙන් සමාදනෙන් ජිවත් වුනේ මුළු ගම්මානයේම හිත දිනාගෙන. කාලය කෙමෙන් ගෙවී ගොස් දරුවන් උස්මහත් වී නිවසින් පිට වූ අතර අද්රියනා සහ බාරොන් තම ගොවිපලේ කටයුතු කරගෙන ජිවත් වුණේ කාටත් උදවු පැදවූ කරගෙන. 


මේ අතර පීටර් විවාහ වූ අතර ඔහු තරමක් නුදුරින් නිවසක් තනා තම බිරිඳ සමඟ ජිවත් වන්න ට වූ නමුදු  පිටර්ගේ බිරිඳ කාටවත් වැඩිය උදව් නොකරන තරමක් ලෝභ කෙනෙක් බව අද්රියානාට වැඩි කලක්  නොයාම තේරුම් ගියා. ක්‍රමයෙන් ක්‍රමයෙන් පීටර් නිවසින් දුරස් වූ අතර . අද්රියානා බාරොන් සහ එම්ලියා තම ගොවිපලේ වැඩ කරගෙන සමාදානයෙන් සතුටින් ජිවත් වුණා. නමුත් මෙම පුංචි පවුලට කණ කොකා හඬන්න ගත්තේ එමලියා ලෙඩ වන්න පටන් ගත්  මොහොතේ. කලින් කලට ඇය එක්වරම ඇද වැටුන අතර ග්‍රාමීය රෝහලේ වෛද්‍ය වරු නගරයේ රෝහලට ඇයව අනුයුක්ත කළා. එම ග්‍රාමයේ සිට නගරයේ රෝහලට යන්නටම පැය දෙකක් ගියා. කරදර අපහසු විඳ දරාගෙනම මේ අම්මත් තාත්තත් රෝහලට යාම කලේ තම දියණිය සුව වෙයි යන බලාපොරොත්තුවෙන්. රෝහල් ගමන නිසාවෙන් ගොවිපලේ වැඩද ක්‍රමයෙන් අතපසු වුණා ආදායමද අඩු වුණා. මේ කිසි දෙයක් නොදත් ලෙස පීටර් සහ ඔහුගේ බිරිඳ ජිවත් වුනත් අම්මා පුංචි  නයක්  ඉල්ලුවේ පසුව දෙන පොරොන්දුව මත. එත් එම මුදල දීමට විදිහක් නැතැයි කියන්න තරම් පීටර් අකාරුණික වුණා. මේ අසරණ අම්මත් තාත්තාත් ග්‍රාමයේ මිනිසුන්ගෙන් නයට එකතු කරගත් මුදලින් එම්ලියාව ගෙන යන්නේ ඔවුන් දෙදෙනාට ආපසු එන්නට වන්නේ එම්ලියාව නොමැතිව බව නොදැන. අන්තිමට දුර්වල වී සිටි එමලියා රෝහලේදී අවසන් ගමන් ගියාය . 


අම්මා  සහ තාත්තා දෙස දුකින් බැලු  ඇය නෙත් පියා ගත්තේ නින්දට යන විදිහටම බව අසරණ අම්මටත් තාත්තාටත් සිහි කලේ ඇය උපන් දවසය . කිසිම ගාස්තුවක් නොගෙන නාගරික රෝහළ ඔවුනට ඔවුනගේ දියණියගේ ප්‍රාණය රහිත දේහය භාර කලේ සුළු  මුදලක්ද සමඟ. පැය ගණනාවක් ගත කර තම දුවගේ දේහය ද රැගෙන නිවසට ආවේ දැන් ඉතින් අනේ අපි මොනවා කරන්නද යන හැඟීමෙන්.

ග්‍රාමයේ වෙසෙන වැසියන් එහෙ මෙහෙ දුව ගොස් පෙට්ටියක් සාදා එමෙලියාව එහි තැන්පත් කලේ අනේ ඇත්තටම  එයා මැරිලද යන  කුතුහලයෙන්. එතරමටම ඇය ජීවමානව දිස් වුණා. ගම් වැසියන් සමඟ එකමුතුව දියණිය මහා පොළොවට හාර කල අම්මා සහ තාත්තා කිසිම කතාවක් නොමැතිව ගෙදර බලා ආවේ කිසිම නිනව්වක් නැතිව. අපිට නැති වුනේ සල්ලි ටිකක් විතරයි ඔයාලට නැති වුණේ දරුවාව කියා නයට දුන් මුදල් අමතක කර දැමීමට තරම් ගම් වැසියෝ කරුණාබර වුවද එවන් කරුණාවක් තම පුතාගෙන් ලබන්න තරම් පිනක් නොමැති බව දෙමාල්ලන්ටම 
සිතෙන්නට ද  ඇත.



එමලියාගේ මරණින් පසු දෙමාල්ලෝ ගොවිපලේ වැඩ කටයුතු කලද ඔවුනගේ සිත් බොහෝ සෙයින් විඩාවට පත් වී තිබිණි. තම දියණිය මරණ රකුසාගෙන් බේරාගන්නට නොහැකිවීම ගැන අද්රියානා ට තිබුනේ ගැඹුරු කණගාටුවක් දුකක් සහ කලකිරීමක්.අද්රියානා නිතරම කල්පනා කරන්නට වුවාය හුල්ලන්නට වුවාය. එමෙලියාගේ මරණින් වසර දෙකක්  වෙද්දී  අද්රියානාද ඉතා  දුබල තත්වයට පත්ව සිටියාය. එක්දිනක රාත්‍රියේ අද්රියානා නින්දෙන්ම අවසන් ගමන් ගොස් තිබිණි. තම ආදරණිය බිරිඳද තමා හැර යාමෙන් බාරොන්ට මුළු සසරම කල කිරිණි. මල ගෙදරට මුහුණ පෙන්නා පීටර් යන්නට ගියාය. ඔහුගේ බිරිඳ  කිසිම දිනක බාරොන් වත් අද්රියානා හෝ එමෙලියාව බලන්නට පැමිණ තිබුනේ නැත.


බාරොන් ගොවිපලේ වැඩටම ඇබ්බැහි වුනේ කාලය ගත කර ගැනීමට තිබු එකම ක්‍රමය එය නිසාවෙනි. සෑම ඉරිදාකම පල්ලි ගොස් දරුවාටත් බිරිඳටත් සමාදානයේ සුවය පතා ඉටිපන්දම් ගසන ඔහු, අපහු එමින් ගමන පොඩි වොඩ්කා පාරක් ඇඟට දමාගන්නේ රාත්‍රියට නිදාගන්නට පහසු වෙන්නටය.

බාරෝන්ගේ දිවිය එසේ වෙද්දී පීටර් රාත්‍රියට හීනෙන් බය වෙන්නට පටන් ගත්තාය. අම්මා නපුරු මුහුණින් උඹ නංගිට උදව් කලේ නෑ  කියා විලාප තියනවා පිටර්ට ඇසෙන්නට විය.
ටික ටික නින්ද පිටර්ගෙන් පලා යන්නට විය. බිරිඳගේ මැසිවිලි ද එන්න එන්නම වැඩි විය. ඇයටද පිටර්ගේ නොයන නින්ද වදයක් විය. රාත්‍රියට එමෙලියා අඬ ගසනවාද පිටර්ට ඇසෙන්නට පටන් ගත්තේ කොරේ පිටට මරේ කරමිණි. පිටර්ගේ නිවසින් මරලතෝනි නිතර නිතර රාත්‍රියට ඇසීම ගම්වැසියන්ට දැන්  සාමාන්‍ය දෙයකි. . 



පලවෙනි දෙවෙනි දවසේ ගිනි හුළු පත්තු කරන් දිව්වද පසුව ගම්වසියන්ද අනිත් පසට හැරී නිදන්නට විය. කාලය ගෙවෙද්දී පීටර් පිස්සෙක් ලෙසට හම්වඩු ගසන්නට කොලු කුරුට්ටන් පුරුදු වුයේ පිස්සා කියමින් උසිගන්නා දිවීම ඔවුන්ට විනෝදයක් වූ බැවිණි.පිස්සෙක් ලෙසින් හංවඩු  ගැසෙමින් දිවිය ඉදිරියට යද්දී, නිවසේ සෑම දෙයකම මිල ඉහල යන්නට වුයේ පීටර් පමණක් නොව කුණු පෙරේත බිරිඳවත් පුදුමයට පත් කරමින්. ලයිට් බිලේ පටන් සැම බිලක්ම මිල ඉහලට යන්නට විය. පීටර් කොපමණ පරික්ෂා කෙරෙව්වද එම සමාගම් කියුවේ පීටර් ඇතුළු පවුලේ ලයිට්,ගෑස් ,උණු ජළය වැනි දෑ පරිහරණය ඉහලබවකි. සෑම මසකම පීටර් ගේ බිල් ඉහල ගිය අතර බිල් ගෙවීමට පඩියද මදි වෙන තරමට වෙද්දී පීටර් හොඳටම භිරාන්ත වුයේ මොනා කරන්නද යන හැඟීමෙනි. පීටර් පමණක් නොව බිරිඳද මැසිවිලි නගමින් රැකියා දෙකක් කරන්නට වුයේ කෙසේ හෝ මුදලක් අතේ තිබිය යුතු නිසාවෙනි. රැකියා දෙක පටන් ගෙන දෙමසක් යද්දී අදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පැමිණියේ ඔවුන්ගේ අදායම ඉතා ඉහල බවපවසමින්.

මේ  සිදුවීම් සිදුවෙද්දී පීටර් පියා සොයා ගියේ ගෙදර මොනා හෝ කාන්දු වීමක් හෝ දෙයක් තිබෙන්නේ දැයි පරීකෂා කර දෙන ලෙස ඉල්ලා සිටිමින්. මොන අකාරුණික වුවද ඒ තම දරුවා නොවේද යයි සිතමින් බාරොන් නිවාසය පරික්ෂා කර බලා කිසිම කාන්දුවක් නැති බව පැවසිය. දිනක් රාත්‍රියේ  නාන කාමරය දෙසින් සද්දයක් අව අතර පීටර් සිතුවේ බිරිඳ නානවා කියාය.නමුත් බිරිඳ නිදි බව දැනගත් පිටර්  හීන් දාඩිය දැම්මේ හොරෙක් ගෙට පැන ඇති සිතුන නිසාවෙනි. නමුත් හොරා නාවි යෑ ගැනීට අමතක වෙන්න ඇතියි සිතු පීටර් කරාමය වසා දමා ඇඳට අවේ තරහිනි. විනාඩි පහක් ගියේ නැත කුස්සියේ කේතලය උතුරන්නට විය. ඔහු කේතලය  වතුර අයින් කොට ලිපද වසා දමා නැවත ඇඳට අවේ ඊටත් තරහිනි. පසු දින උදයේ දෙදෙනාම වැඩට ගියේ තරමක භීතියෙනි. එදා වැඩ ඇරී ගෙදර ආවාට පසු ගෙවල් සමාගමෙන් ලිපියක් දමා ගොස් තිබුනේ මාස තුනක බිල් ගෙවා නැති බවත් ඉදිරි මස සියලුම මුදල් නොගෙව්වොත් නිවසින් ඉවත් වෙන ලෙසටත් කියමින්. මේ අලකලන්චියේ සල්ලි කොහෙන් හොයන්නදෝ නොදත් පිටර්ට මතක් වුනේ පියාවය. ඔහු පියා සොයා ගියේ පිළිසරණක් පතාගෙනය.


පුතාගේ ජීවිතය මෙසේ වෙද්දී පියා බරෝන්ගේ ජීවිතය තරමක් සුවදායක වී තිබුනේ වැඩටම ඇබ්බැහි වීමෙන් මුදල් වැඩිපුර ඉපයූ නිසාය. පිටර්ගේ දුක්බර විලාසය දුටු බාරොන් මුදලත් අරන් බැංකුවට ගොස්  පුතාගේ නිවාස මුදල් ගෙවා දැමීය. නමුත් තම එකම සොයුරියට පිහිට නොවන්නට තරම් පීටර් අකාරුණික වූ අයුරු මතක් කර දෙන්නටද බාරොන් මැලි වුයේ නැත.

දවස් 3 කින් බැංකු කොලයක් බරෝන්ගේ නිවසට පැමිණයේ සැමදා මසකට වරක් පැමිණෙන කොළයකි මෙය බලද්දී බාරෝන්ට තරු විසි විය තම පුතා විසින් කල ඉල්ලුමට නිවාස සමාගමට බැඳී මුදල බරෝන්ගේ ගිණුමට පුතා විසින් බැර කොට තිබිණ. නමුත් ගිණුමට බැර කොට තිබුනේ බාරොන් පුතාගේ සමාගමේ ගිණුමට බැර කල දින්යේමය. බාරොන් තකහනියක් බැංකුවෙන් දුන් කුයිතාන්සිය රැගෙන බැලුවේ සැක හැර දැනගන්නටය. බාරොන් තකහනියක් බැංකුවට දිවගොස් ඇසුවේ මේක මෙහෙම වෙන්නේ කොහොමද යන්නය. බැංකුව කියා සිටියේ පුතා විසින් එම මුදල බරෝන්ට බැර කල වගයි. පුතාට එහෙනම් ගතමනාවක් හම්බ වෙන්න ඇති සිතමින් බාරොන් ආපසු හැරී නිවසට පැමිණ තේකක් බොමින් පුවත් පත බැලිය.

මේ අතර යස් මගේ සැමියාගේ මිතුරා සහ බූ වරුන්ගේද මිත්‍රයාට වද දෙන්නට රුව පැහැපත් තරුණියක් පටන් ගත්තාය. ඇය නිතර නිතර යස් ඉදිරියට පැන්නේ අම්මා යකෙක් වෙලා අනේ මට අම්මාව බේරලා දෙන්න කියා හඬා වැටෙමින්. නිදාගන්නට ගියද කන්නට ගියද මෙම තරුණිය මැදට පැන්නාය. යස්ට කරදරයෙන් බේරෙන්නට බැරි තැන යස්. ඔස්ට්‍රියාව බලා පියාසර කරන්නට සිතා ගත්තේ කාට වුනත් උපකාරයක් නොවෙයිදයි සිතමින්. මියගිය එමෙලියා යස් ව අම්මාට උදවුකිරීමට පොළඹවා ගන්නට වලි  කන අතරේ. පීටර් සහ බිරිඳට නොයෙකුත් කරදර පිට කරදර පැමිණි අතර. නිවාස සමාගම නිලධාරින් සමඟ පැමිණ දෙදෙනාම එලියට දැම්මේ තමා ඉදිරිපිට පියා ගෙවූ මුදල නොලැබුණු බව පවසමින්. පිටර්ගේ පියා සමඟ ගිහින් ජිවත් වෙනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නොමැති බව වටහෙද්දී පීටර් ගේ බිරිඳ ඇයගේ දෙමාපියන්ගේ නිවාසය බලා පිටර්වත් බඩුත් දමා  රාත්‍රියේම පිටත්ව ගියාය. තම ජීවත්ව ඉන්න එකම දරුවාටත් මෙසේ කරදර පිට කරද එද්දී බාරෝන්ටත් හිතට කරදර දැනෙන්නට විය. ඉතිරි බඩු සොච්චමත් පිටරුත් දමාගෙන බරෝන්ගේ ට්‍රක් රථය මහ ගෙදර බලා ගැටුවේ මහා රාත්‍රියේදී. පසුදා එලිවෙද්දී මුළු ගමම සිද්ධිය දැනගෙන හමාරය ගම්මුන් නොයෙක් කතා කියන්නට පටන් ගති. " කොහෙද අර කුනිච්චි කරේ තියන් තමන්ගේ සහෝදරි ගැන වත් බලපු එකෙක් යැ ,මම හෙම නම් තාත්තා මම ඕකව පළාතේ වැද්ද ගන්නේ නෑ ,පාපතරයා ,කුණා " නොයෙකුත් කයි කතන්දර පිටර්ට පට බැඳෙන්නට විය,සමහරු මුනටමත් දෙස් තැබිය .


යම් කිසි අභූත බලවේගයක් වත්දෝ කලක් තිස්සේ බාරෝන්ගේ හිතට වද දෙන්නට පටන් ගත්තේ බැංකු ගනුදෙනුවෙන් පස්සෙය. තවත් සිතේ සඟවා නොසිට බාරොන් තම පුතාට මෙය එළිදරවු කලේ යම් පිලියමක් හෙවිය යුතුය  යන අදහසිනි.දෙදෙනාම පල්ලියේ සුවාමිගේ පිහිට පතුහ. පියපුතු දෙදෙනාම පල්ලියට ගොස් පිහිට පතද්දී පැය කිහිපයකට පෙර එහි පැමිණි යස් දෙදෙනාටම අචාර කරමින් කියා සිටියේ ,මම මේ සුවාමිගෙන් ඇහුවේ ඔබලාව හමු වෙන්නේ කොහොමද කියලා ,ඔබගේ නැගණිය අඬා වැටුනා මම ඉදිරියේ අම්මා යක්ෂ ආත්මයක් වෙලා අය්යාට කරදර කරනවා කියලා කියද්දී බාරෝනුත් පිටරුත් උඩගොස් බිමට වැටිණි.

යස් පල්ලියේ සුවාමිත් පිය පුතු දෙපලත් සමඟ පීටර් සිටි කලින් නිවාසය බලා ගියේ නිවාස සමාගමේ අවසර ඇතිව. නිවසට ඇතුල් වෙද්දීම යස් අද්රියානාව දිටීය. ඇය ගෑස් පයිප්පයක් කරකවමින් සිටියාය. යස් දුටු ඇය කස කස ගා සිනාවෙමින් කියා සිටියේ මම ඉගැන්නුවා උන්දැට පාඩමක්. සල්ලි තිබිලත් මගේ කෙල්ලව සනීප කරගන්න දුන්නේ නෑ . අර කුණි කරේ තියන් හිටියා. මට නෑ කියුවා තියාගෙනත් කියමින් චෝදනා කලේ දත් විලිස්සමින් බව යස්  කියයි. යස්ට ඇය කියා සිටියේ ඕකට ඕක මමම කියන්න ඕනේ කියද්දීම යස්ව බිමට ඇදගෙන වැටුනේ අද්රියානාගෙ කටහඬ ඉස්මතු වෙමින්.


 කවදත් අත් උදව්වට යන උදව් කාරයා ද සුවාමිද පියපුතු දෙදෙනම මවිත කරමින් යස්ගේ සිරුර තුලට පිවිසි  අද්රියානා බෙරිහන් දෙන්නට පටන් ගත්තාය. බැණවැදුනාය සාප කළාය , පිටර්ට  මුල සිට අගටම මුල අමතක වුන හැටි කියා බැණ වැදුනාය. උඹේ චැක් ලියුවේ මම, උඹ හිඟන්නෙක් කලේ මම කියමින් කස කස ගාමින් හිනවුණාය. බොහොමත් ලෙස බගෑ පත් වීමෙන් අද්රියානා සම්මුතියකට එක් වෙන්නට කැමති විය. ඇයගේ රුපරාමුවකුත් එමෙලියාගේ රුපරමුවකුත් පීටර් සහ ඇගේ බිරිඳ ගේ රූපරාමු දෙක මැද්දෙන් එල්ලන්නේ නම් මින් මතු කරදර නොකරන බවට සම්මුතියකට එළඹිණි. පල්ලියේ සුවාමිගේ මැදිහත් වීමෙන් එය ඒ අකාරයටම සිදුවූ අතර අද්රියානා එමෙලියා සමඟ ජීවමාන මිනිසුන්ගෙන් ඉවත්ව  ගියහ.
සති කිහිපයකට පසුව ලිකියවිලිවල සිදුවූ අත්වැරදී නිසාවෙන් බව පවසා පිටර්ට අහිමි වූ නිවසද අහිමි වූ මුදලද ආපසු ලැබිණි.
එමෙලියාගේත් අද්රියානාගේත් රූපරාමු කිවූ අයුරින්ම බිත්තියේ එල්ලූ පීටර් තම දුක්කිත අවස්ථාවේ පිහිට වූ පියාට සලකන්නට පටන් ගත්තේ තමා අතින් සිදුවූ අඩුපාඩුව හිත අතුලාංතයටම කිඳා බැස දැනුණු නිසාවෙනි. දමා ගිය බිරිඳ නැවත පැමිණයේ නැත පිටර්ට අගේ අඩුවක්ද දැනුනේ නැත. පීටර් සහ බාරොන් කාගේත් ආදරය දිනාගනිමින් ගොවිපල පාලනය කරමින් ජිවත් විය.

සූරී -නෙදර්ලන්තය
පින්තුර ගුගල් මාමාගෙන් වන අතර අත්දැකීම් සියල්ල යස් (Jansen Uielen)සතු දෙයක් බව කරුණාවෙන් සලකන්න!


Sunday, September 9, 2018

සමලිංගික විවාහ සහ එතුල හැදෙන දරුවෝ!

කාලේකට පස්සේ ඔන්න මම අයිත් ලියන්න ගත්තා. භාගෙට ලියපු ලිපි එපමණ තිබුනද ඊයේ මම නැරඹි රූපවාහිනී වැඩසටහන නිසා මගේ මනස වෙනතක ගියා කියුවොත් හරි.  කලක සිට මම බුකියේ දකින දෙයක් තමා ලිංගිකත්වය අදාල ලිපි.  කෙනෙකුගේ උපන් මානසික අබලදුබල තත්වයන් නිසවෙන් හෝ  ෆැන්ටසි නම් වූ මානසික තත්වය නිසාවෙන් හෝ සමලිංගික පවුල් යුරෝපයේ වැසි වසින තරමට වර්ධනය වී  ඇති බව නම් කවුරුත් දන්නා රහසකි.



මගේ මාතෘකාව සමලිංගිකත්වය නොව එම පවුල් විසින් හදා වඩා ගන්නට ගන්නා දරුවන් ගැණය. එම දරුවන් තම දෙමාපියන් දකින අයුරුය. ඔවුනගේ හැඟීම්, වයසින් වියපත් වෙද්දී ඔවුනට දෙමාපියන් අප්‍රසන්න වන අයුරුය.

සමලිංගික පවුල් දරුවන් ලබා ගන්නේ කෙසේද?
1.
නීතියෙන් හදාවඩා ගැනීම
2.
නීත්‍යානුකූල සම්මුතිය අනූව ගැණියක නම් පිරිමියෙක් සමඟ ද පිරිමියෙක් නම් ගැහැණියක සමඟද යහන් ගත වී දරුවා ලද පසු සමලිංගික පවුල දරුවා හදාවඩා ගනීයී. දරුවන් බිහි වන්නට ඉවහල් වූ මව ගැන වත් පියා ගැන වත් දරුවන්ට දැනුමක් දෙනු නොලබයි.


එය කෙසේ වුවද දරුවන් දරුවන්මය. අම්මා කෙනෙකුගේ ආදරයද පියෙකුගේ රැකවරණය සමබරව ලැබීම දරුවෙකුගේ මානසික වර්ධණයට ඉමහත් සේ රුකුලක් දෙන බව මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි  . නමුත් මෙය එසේම විය හැකිද සමලිංගික පවුලක් සමඟ උස්මහත් වෙන දරුවෙක් තුලත්  මම බලපු වැඩ සටහනින් කියවුනේ ඔන්න ඔය දේ.

මෙම වැඩ සටහනට දරුවන් 5 දෙනෙකු පැමිණි සිටි අතර ඔවුන් සියළු දෙනාම සමලිංගික  පවුල් විසින් උස්මහත් කරනු ලැබූ අයයි. මෙම ලිපියෙන් කියවෙන්නේ එම දරුවන් විසින් නෙදර්ලන්ත රුපවාහිනී නාලිකාවේ දියත් කරනු ලැබූ “Homosexualiteit en groeiende kinderen” නම් වූ වැඩසටහනේ සිංහල පරිවර්තනයයි.


ඔවුන් දෙදෙනෙකු  විසින් දක්වනූ ලැබූ අදහස් මෙම ලිපියෙහි සඳහන් වෙයි.
මරියා බ්‍රෙග්මාන්: Mariya Bergmaan: සමලිංගික  මවුවරුන් දෙදෙනෙකුගේ දියණියකි. වයස 16 කි. ඩෙන්මාර්කයේ (Denmark) ජිවත් වන්නියකි  ඇයගේ මව ඇයට වයස 3 වෙද්දි පියා අතහැර තම සමලිංගික මිතුරිය සමඟ ජීවත් වෙන්නට ගොස් ඇත. 


මරියා: මම බොහෝ දුරට හැදුනේ වැඩුනේ මගේ පියා ලඟ.  නමුත් ඕලන්ද නීතිය අනූව මම මගේ මව ලඟත් ජීවත් විය යුතුයි. සති අන්ත තුනක් පියා ලඟද අන්තයක් මව ලඟද මම ජීවත් වුනා. මගේ මව ලඟ සිටි සති අන්තය මම සිටියේ ඉරිදා වෙනතුරු ඇඟිලි ගනිමින්.  අම්මත් අම්මාගේ මිතුරියත් නොඑසේ නම් පෙම්වතිය  වෙනස් කම් නොකලද පියාව අතහැර විගඩම් කිරීම සම්බන්ධව මගේ හිතේ තිබුනේ කලකිරිමක්.  කුඩා කල මට වැටහීමක් නොතිබුනත්  වයසින් මුහුකුරා යද්දී මට අම්මා ගැණ ඇති වන්නට ගත්තේ කලකිරීමක්.  ඒ වගේම අප්‍රසන්නතාවයක්. ඒවගේම පාසල් යද්දී මට හරියට දුක හිතුනා අම්මා තාත්තා අත අල්ලන් පාසලට එන දරුවෝ දැක්කාම.  මට හිටියේ පියා සහ පියාගේ පවුලේ අය විතරයි. නීතිය අනූව මට තීරණය කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ අම්මා ලඟට යන්න බෑ කියන්න. අම්මාට මම යන පාසල පලාතට අම්මට එන්න එපා කියලා තාත්තා අම්මාට කියුවේ පාසලේ දරුවන් මට කරදර කරාවි පල් කරාවි කියන බයට. මොකද මම ගියේ කතෝලික පාසලකට එයාල එවන් ජිවිත හරියට පිළිකුල් කරනවා. එහෙම අයට  එයාල කියුවේ සාතන්ගේ අවතාර කියලා.  මගේ පියා මම ගැණ බොහොම හිතුවා.  කිසිම විදිහකින් මට දුකක් දැනෙන්න තිබ්බේ නෑ.  අම්මාට මා ගැණ ගැඟිමක් නොතිබුණ ගාණයි.  අම්මාගේ කටින් පිට වුනේම මරියා මම ඔයාට ආදරෙයි නෙමෙයි මොනිකා ඔයා මගේ පණ මම ඔයාට ආදරෙයි කියන එක.  මොනිකා කියන්නේ අම්මාගේ පෙම්වතිය.  තාත්තාට ඔයා මගේ හුස්ම ටික කියලා කියපු අම්මාද කියලා මට හිතාගන්න වත් බැරි වුනා. තාත්තා අම්මා එකට සිටි කාලය මට වැඩිය මතක නැති වුනත් සමහර දෙවල් මම ගෙදර තියෙන උපන්දින පාටි විඩියෝ වලින් දැක්කා. අම්මා ලඟ ඉන්න සති අන්තය හරි නිවාඩුකාලයෙන් භාගය හරි මට කල්පයක් දිගයි.

මාව එහෙ මෙහෙ එක්ක ගියා විනෝද ජවනිකා අරන් ගියා ඒත් මට හැම වෙලේම මොකද්දෝ අඩුවක් දැනුණා. මට ඒක වචනේන් කියන්න තෙරෙන්නේ නෑ.  සමහර විට පවුලක් වශයෙන් නොමැති වීම වෙන්නත් පුළුවන්.  කාලයක් යද්දී අම්මා සැහෙන්න මත් පැන් බොන්න පුරුදු වුනා. ඒනිසාම තාත්තා උසාවිය හරහා ඉල්ලීමක් කලා මගේ භාරකාරත්වය පියාට භාර දෙන්න කියලා.
කරුණු සලකා බලා උසාවිය එය අනුමත කලා මට අවුරුදු 9 වෙද්දී.  මම එදා ඉඳලා හිටියේ හරිම සතුටින්. ඒත් මට අම්මා කෙනෙක් නෑ කියන අඩුව හොඳින්ම දැනෙනවා.  මගේ පියා අදටත් අවිවාහකයි.  මමත් තාත්තත් ජීවත් වෙන්නේ ආච්චි අම්මා සීයා ලඟ.  ඉතාමත්ම කලාතුරකින් අපි අම්මාගේ නෑයින්ව බලන්න ගියා.
එයාලටත් අම්මා ගැණ තිබ්බේ කලකිරිමක්. මොකද  අම්මාගේ දේමාපියෝ තද කතෝලික අය. ඒයාලා සමලිංගික ජීවිතය විරුද්දයි. 
මම සමලිංගික දේමාපියන්ගෙන් එක ඉල්ලිමක් කරන්න කැමතියි කරුණාකරලා දරුවන් හදාවඩා ගන්න වත් අයිතිය ගන්න වත් එපා. දරුවන්ට අම්මා වගේම තාත්තාත් අවශ්‍යයි.




බාර්ට් හැයින්ස්: Bart Heinz  වයස 18 සමලිංගික පියවරුන් දෙදෙනෙක් හදා වඩා ඇත. ඔහුගේ හඬ තීව්‍ර්ය. Belgium බෙල්ජියමේ ජිවත් වෙයි.

බාර්ට්: ඔය ජීව්ත මොකා ඔලුවෙන් හිටන් කියුවත් අසාර්ථකයි. ස්වභාව ධර්මය විසින් ගැහැණියක් සහ මිනිසෙක් මවලා තියෙන්නේ හේතුවක් ඇතුව. දෙවියෝ පිරිමි පෞර්ෂවයක් දෙන්නේ දෙකට නැමිලා තව පිරිමියෙක්ට පස්ස පැත්ත දෙන්න නෙමෙයි. මාව ලොකු මහත් කලා තමා හැබැයි ඊට වඩා හොඳයි මාව මඩමක හැදෙන්න ඇරියා නම්. තරහට නෙමෙයි මම එහෙම කියන්නේ.පාසලෙදී මම අනන්තවත් පල් වුනා. සමහරු කියුවා මගෙත් පස්ස පැත්තෙ අරී පරිස්සම් වෙන්න කීයලා. පාසලේ සමහර වැඩ වලදී මාව නික්ම්ම කොං වුනා. මා පිය උපහාර දවසට මම විසින් අම්මාට කරපු ලස්සන නිමවුම දෙන්න කෙනෙක් මට නැතිව ගියා. මොන තර්ක විතර්ක කරත් ඔය වැනි සිදුවීම් ඉදිරියේ අපි අසරන වෙනවා. මම නම් සහමුලිනම විරුද්ධයි සමලිංගික පවුල් ලමයි හදනවට. ලමයින්ට සමබර මානසික තත්වයක් තිබිය යුතුයි. තාත්තලා දෙදෙනෙක් කොපමන ආදරය කලත් එතන අඩුවක් තියෙනවා ඒ අඩුව අපිට දැනෙනවා ඉතා තදින්.
සියළුම දරුවන්ගේ හැඟීම් සිත කිලිපොලා යන සුලුය. සියලුම දරුවන්ගේ හඬ වුනේ සමලිංගික දෙමාපියන් දරුවන් උස්මහත් කිරීම නොකළ යුතු බවයි. කෙනෙකුට සමලිංගික වෙන්න එපා කියන්න අපට බැරිය නමුත් දරුවන් හදන්නට එපා කියලා කවුරු හරි කිව යුතුය. බාර්ට් ගැඹුරු  හඬින් කීය

මානසික වෛද්‍යවරියක් වු රේචල් හෙස්  Rachel Heiz මහත්මිය පවසා සිටියේ සමලිංගික පවුල් තුල හැදෙන වැඩෙන දරුවන් මානසික ආතතියකින් පෙලෙන බවය. සමාජ බිය බොහෝමයක් දරුවන් තුල දකින්නට තිබෙන බවය. ඇය එයට හේතුව ලෙස පවසා සිටියේ පවුලක ඇති අසමාන බවය. යුරෝපා වෛද්‍ය සංගමය මේ සම්බන්ධව වැඩිදුර පර්යේශණ කරමින් සිටී. නෙදර්ලන්තයේ සමලිංගික විවාහය නිතියෙන් පිලිගන්නා තත්වයට ගෙන ආවේ සමලිංගික පොලිටික්කෙකි. එමෙන්ම දරුවන් ගදාවඩා ගැනීම අනුමත කරගන්න ඇත්තේද පොලිටික්කෙක් විය යුතු බවය මාගේ හැඟීමය.  තම තමාගේ විලිසංගේ නැති වුවමනා එපා කම් වලට දරුවන් පවා බිල්ලට දේන ලෝකයකට අපි ඇතුල් වෙමින් සිටින බව නම් මට වැටහේ.



නෙදර්ලන්ත නීතිය අනූව සමලිංගික ද සම  අයිතිවාසිකම් ලැබිය යුතුය නොඑසේ නම් ඒය Sexual Orientation Discrimination වෙයි,  ලිංගිකත්වය මාරු කල කෙනෙකුට ද එය එසේමය. නොඑසේ නම් ඒය Gender Bashing Discrimination වෙයි. එකී නොකී නීති සියල්ලම අතරේ දරුවන් වෙනුවෙන් ද නීතියක් අවශ්‍ය බව උගත්. පිරිස සහ මනෝවෛද්‍ය සංගම් කියාසිටි.
මේ සම්බන්ධව වැඩි දුර පර්යේෂණ වෛද්‍යවරුන් සහ එකසත් ජාතීන්ගේ ළමා සුරැකීමේ සංගමය විසින් කරගෙනු යනු ලබයි. නෙදර්ලන්තයේ නිතිය කාටත් එකය දරුවන්ට වෙනසක් වෙන්නේ නම් දරුවන් ළමා සුරැකීමේ කමිටුව විසින් ඉවත් කරනු ලබයි.

සූරී - නෙදර්ලන්තය

රුප අන්තර්ජාලයෙනි 

Saturday, November 25, 2017

ඈන් ෆ්‍රෑන්ක් නම් වූ සුන්දර යුවතිය අසුන්දර අයුරින් දිවංගත කල ඒ අසුන්දර භුමිය තුල වරුවක්!



ජර්මනියේ බෙරගන් බෙල්සන් Bergen Belsen නම් වූ ගම්මානයේ තවමත් ඒ අසුන්දර අතීතය තවමත් දෝංකාර දෙන බව ඒ අසල වෙසෙන  අය දන්නා කරුණකි.අදටත් මෙම ගම්මානය සිසාරා කෙඳිරි ගෑම් අඬා වැටීම් ඇසෙන බව ඒ අසලම වෙසෙන කෙනෙක් අපට පැවසීය.  දස දහසක් බුරුතු පිටින් පොලවට යට කල ඒ මරුමුසු සොහොන් බිම තුළ ගැහෙන හදින් අප ඇවිද ගියෙමු. 

කෞතුකාගාරය ඇතුල්වන ස්ථානය

දරුවන් විසින් ලියන ලද දිනපොත්

දරුවන් විසින් ලියන ලද දිනපොත්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

කඳුළු කතාවෙන් බිඳක්

එහි ඇති කෞතුකාගාරයේ මෙම ජිවිත පිලිබඳ මනා අවබෝධයක් ලබාදෙයි. ඇඟ කිලිපොලා යන රුප රාමු ප්‍රදර්ශනය කරයි. එවකට හමුදා සේවයේ යෙදුනු නිලදරුවන්ගේ චිත්‍රපට කැමරා වලින් ගනු ලැබූ අමානුෂික ආපරාධ අමු අමුවේ එම අයුරින්ම දකින්නට සලස්වයි. නමුත් අපට එවන් දර්ශන නැවත ෆිල්ම් කර බෙදා හරින්නට තහනම්ය හේතුව එම අසරණ ජිවිත වලට කරන උත්තමාචාරයක් වශයෙනි. නමුදු යුරෝපා පාලන මණ්ඩලය මෙම නීති සම්ප්‍රදාය වෙනස් කිරීමට කටයුතු සලසමින් සිටි එයට හේතුව නම් විවිධාකාර සත්‍ය නොවන විස්තර ප්‍රසිද්ධ කිරීමයි. ඒ සම්බන්ධව අප හා අදහස් පැවසුවේ  යුදෙවු පදනමේ නිලදරුවෙකි.

මිය ගිය සියලුම දෙනා වෙනුවෙන් ගොඩ නැගූ ස්මාරකය
 
මෙහි මියගිය සියලුදෙනා වෙනුවෙන්
 
සමුහ මිනී වලවල්


සමුහ මිනී වලවල්

සමුහ මිනී වලවල්

ඈන් ප්‍රෑන්ක් නම් වූ ඒ සුන්දර යුවතියගේ ජීවිතය සම්බන්ද ජිවිත කතාව මිට පෙර මම ලියුවද මගේ චාරිකාවට එය මහත් සේ ගැලපෙන නිසාවෙන් මම එම විස්තරයත් මෙම ලිපියටම අමුනන්නට සිතුවෙමි.
1929 ජූනි මස 12 දින යුදෙව් ජාතික ඔට්ටෝ හෙන්රිච් ෆ්‍රැන්ක් සහ ඒඩිත් හොලාන්ඩර් ෆ්‍රැන්ක් ට දාව ඇනලීස් මරී ෆ්‍රැන්ක් ජර්මනියේ මයින්ගාවු රතු කුරුස රෝහලේදී උපත ලැබීය. ඇයට වැඩිමහල් සහොදරියක් සිටි අතර ඇය නමින් මර්ගොට් බෙටී ෆ්‍රැන්ක් 1926 පෙබරවාරි මස 16 දින උපත ලද්දියකි.
1933 කුරිරුකමේ අධිපති අමානුෂිකවාදයේ පියා ඇඩොල්ෆ් හිට්ලර් ගේ දේශපාලන පක්ෂය වූ ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය ජන්දය ඉහලින්ම දින්නේ දෙවන ලෝක සමයේ මුළු යුරෝපයටම කණකොකා හඬවමිනි. මේ ජයග්‍රහනය වඳුරන්ට දැලි පිහි දීමක් වැන්නක් වූයේ ඒක ජනතාවක් එක රාජ්‍යක් ඒක නායකයෙක් යන උඩෘත පාඨය කොටගත් ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය ඒකාධිපති පාළනය කරා ඉදිරියට යෑමයි.

ඈන් සහ ඇගේ සොයුරිය සදාකාලික නින්දේ

මෙයින් තැතිගත් ඒඩිත් දරුවන් දෙන්නාද රැගෙන ඇගේ මව රෝසා සමඟ වාසයට ආචන් නඟරය බලා ගිය අතර කුඩා පහේ කුඩු ව්‍යාපාරයක අයිති කරුවෙකු වූ ඔට්ටෝ පමනක් ෆ්‍රරැන්ක්ෆුර්ට් නඟරයේ නැවතිනි. නමුත් පසුකාලීනව නෙදර්ලන්තයේ තම ව්‍යාපාරයක් පටන් ගැණීමට ලද ආරාධනාවක් ඔස්සේ මෙම යුදේව් ජාතික පවුල නෙදර්ලන්තයේ වාසයට පැමිණියහ. ඔට්ටෝ ඔපෙක්ටා සමාගම පටන් ගත් අතර නිවසක් මෙර්වේද චතුරශ්‍රයේන් මිලට ගැණුනි.. 1933-1939 අතර කාලය තුල 3000 000 පමණ යුදෙව් ජාතිකයින් නෙදර්ලන්තයට සංක්‍රමණය විය.






ඈන් සහ සොයුරිය සිටි කඳවුර තිබු ස්ථානය

ඈන් සහ සොයුරිය සිටි කඳවුර තිබු ස්ථානය

නෙදර්ලන්තයට පැම්ණි පසු මර්ගොට් රජයේ පාසලටද ඈන් පෞද්ගලික පාසලකටද යාමට පටන් ගත් අතර මාර්ගොට් ගණිතයට දක්ෂ වූ අතර ඈන් භෂාවට සහ ලිවීමට දක්ෂ කම් දක්වන්නට විය. පසු කාලීනව ඈන් ගේ මිතුරියක වුනු හනෙලි ගොස්ලාර් මතකය අවදි කරමින් කියා සිටියේ ඈන් නිතරම ලියන බවය නමුත් ලියන්නේ මොනවාද යන්න සාකච්ඡා කරන්නට අකමැති වූ වගයි. 1938 දී ඔට්ටෝ දෙවන සමාගම ආරම්භ කරන ලද අතර 1939දී ඒඩිත් ගේ මව වූද ඈන්ගේ ආච්චි අම්මා වූ රෝසා ඒඩිත් සහ පවුල සමග ජීවත් වීමට පැමිනි අතර 1942 මිය යනතුරුම ජීවත් විය.
පාපතර නාසි 1940 දී නෙදර්ලන්තය යටත් කර ගත් අතර ෆ්‍රැන්ක් පවුලට කණකොකා හැඬවිනි. යුදෙව් ජාතික පවුල් බුරුතු පිටින් කුදලාගෙන යනු ලැබීය.


ඈන් පිලිබඳ තතු දිස්වෙන අයුරු

ඈන් පිලිබඳ තතු දිස්වෙන අයුරු

යුදෙව් ජාතික දරුවන් යුදෙව් පාසල් වලට යැවිය යුතු බව නාසීන් විසින් අණ පැණවූ අතර මාර්ගොට් සහ ඈන්ට සියළුම මිතුරන් අතහැර දමා යුදේව් ලයිසියම් විදුහලට ඇතුලත් වන්නට විය. මේ අතර 1942 ජූනි 12 දින කුඩා දිනපොතක් ඈන්ට පියාගෙන් උපන්දින තෑග්ගක් වශයෙන් හිමිවිය ඒ ඇය කලින් දිනකදී පියාට පෙන්වන ලද්දකි.
හීතියෙන් වෙළුනු මෙම පවුල
ඇමරිකාවට යන්නට තැත් කලද එය කල හැකි නොවුනු තැන ඔට්ටෝ සහ පවුල සැඟවීමට අදහස් කලහ. ඊට පෙරාතුව ඔට්ටෝ ඔහුගේ සියළුම සමාගම් කවදත් ඔහුට හිතවත් සෙවකයෙක්වූ ජොහැන්නස් ක්ලැයින් මහතාට පැවරූ අතර ඔහුගේ සේවාදායකයෝ ඔවුනට උදවු කලහ. රාත්‍රි දෙකක් එක තැන නිදානොගන්න ඔවුහු වග බලා ගත්හ. කුඩා ඈන් ඇතුළු පවුලටම රටක් නැති විය. තම උපන් භූමියෙම අනාගතයෝ විය. සැඟවීමට යන්නට පෙර දිනයේදී ඈන් ඈගේ හිතවතා වූ ටොස්‍ය ට පොතක් තේ කට්ටලයක් මාර්බල් ටින් එකක් සහ ආදරනීය පූසාව පරිස්සම් කර තැබීමට භාර දුන්නාය ඇය පවසා සිටියේ මම අපහු ආවම මට දෙන්න යනුවෙනි.
1942 ජුලි මස 6 දින ස්විට්සර්ලන්තයට යන බව පවසමින් ඔවුන් කුමාර ඇල (Prinsengracht)මාවතේ සැඟවුනු නිවසකට ඔවුන් ජීවත්වීමට ගියහ. ඒය ඔපෙක්ටා සමගම පිටුපසට වෙන්න සැඟවුනු නිවසක් වූ අතර
ඉතාම කිට්ටුවෙන් හිටි අයෙක් පමනක් මෙය දැන සිටි අතර මෙම රහසිගත නිවසේ ඇතුල් වීම පොත් රාක්කයකින් වසා තිබිනි..පිට ලෝකයත් සමඟ සබඳ කම් නොමති වූ අතර ඈන් දිනපොත ලිවීමේ නිරත වුනු අතර දෛනික ජීවිතයේ විඳි දුක් ගැහැට ඇය දිනපොතේ ලිවීමෙන් වේදනාව දියකර හැරියාය. සොයුරිය අන්වර්ථ නාම වලින් ඉගෙනීමේ නිරත වී ඉතා දක්ෂ කම් පෙන්වූ නමුදු මෙම දරුවන් ජීවත් වුනේ කොහිද නෑදෑයන් කවුද කිසිවෙකු නොදැන සිටියහ.
1944 අගෝස්තු 1 දා ඈන් ඇයගේ ඩයරියේ අවසන් වදන් පෙල ලියුවාය.
"
කවදා හෝ මා කතුවරියක වේවිද?" 




ඈන් ගේ දිනපොත

1944
අගෝස්තු මස 4 දින යුදෙව්වන්ගේන්ම කා බී බඩ පුරවාගත් හිතවතෙක්ගේ ඔත්තුවක් අනූව ඈන් සහ ඇගේ පවුල නාසි හමුදාව යටතට පත් විය. සැඟවුනු නිවස නාසි හමුදාව දෙවනත් කලහ, ඈන් සහ පවුලට අත් උදව් දුන් සියළු දෙන සිර භාරයට ගත්හ.
වදකාගාරයෙන් වදකාගරයට මාරුවෙමින් අපාදුක් විඳි ඔවුන්ගෙන් ඒඩිත් දරුවන් දෙන්නාගේ මව සාගින්නේන් මිය ගියාය ඒ ඇය කන්නට ලැබෙන ඉතා කුඩා පාන් කෑල්ල පවා දරුවන් වෙනුවෙන් සැඟවූ නිසාය. මාර්ගොට් සහ ඈන් අමානුශික වඳ විඳ ටයිපොයිඩ් උනේන් සදහටම මෙලොවින් බෙර්හන් -බෙල්සන් ( Bergen-Belsen)වදකාගාරයේදී. සමුගත්හ. පසුකාලීනව වදකාගාරවල දුක් විඳ නිදහස ලැබූ ඔවුනගේ සමහර යහළු යෙහෙළියන් ඔවුන් පිලිබඳ තතු ඕලංද ජාතික මිතුරන්ට පැවසූ බව පොත් පත් වල සඳහන්.
ෆ්‍රැන්ක් පවුල අත අඩංගුවට ගැනීමෙන් පසු ඔවුනට අතහිත දුන් සෑම දෙනෙක්ම ප්‍රශ්න කරනු ලැබූ අතර සමහරු හිරබත් පවා කෑහ. සැඟ වුනු නිවසේ තිබුණු ඈන්ගේ දින පොත සහ පිංතූර හිතවතුන් අරන් තැබූහ. මේම වදකාගාරයෙන් දිවි ගලවාගත්තේ ඔට්ටෝ පමනි. 1945 අප්‍රියෙල් මස 15 දින බ්‍රිතාන්‍ය හමුදාව කඳවුරු නිදහස් කලද දස දහස් ගණින් යුදෙව් ජාතිකයින් මරු මුවට පත් වී හමාරය.1947 දී ඈන්ගේ දිනපොත ඕලංද භාෂාවෙන් පලමු වරට මුද්‍රනය වුනු අතර 1952 දී ඉංග්‍රීසි බසින් පලවිය. ඒය භාෂා විශාල ගනණකට පරිවර්තනය විය.1960 මැයි 03 දින සැඟවුනු නිවස කෞතුගාරයක් ලෙසින් ජනතාවට විවෘත කරන්නට දිවි ගලවාගත් පියා මුල් විය.

 කටුක දුක් විඳි ඒ අසරණ ජිවිත වලට සංසාරයේ කිසිම දිනක මෙවන් විපතක් නොවේවා යයි පතමින් අප ඈන් ෆ්‍රෑන්ක් කෞතුකාගරයටත් සොහොන් බිමටත් සමුදුන්නෙමු.

පිංතුර සහ විස්තරය සූරී සතුය ඈන් පිලිබඳ තතු ෆ්‍රෑන්ක් පදනම සතුය!


 සූරී - නෙදර්ලන්තය